Sunday, February 26, 2012

තවත් එක් දවසක්

මම දක්ෂ කතාකාරයකු නොවේ. නමුත් මං දැන් ඉන්න තැන ගැන මගේ දෙමව්පියෝ කොතරම් සතුටු වෙනවාද? ඒත් මං තවමත් සාමාන්‍ය සරසවි සිසුවෙක් විතරයි.හැම අවුරුද්දෙම 20 000ක් පමණ දෙමව්පියන්ට ඒ සතුට ලැබිය යුතුය. නමුත් වෙන කාටත් වඩා මගේ දෙමව්පියෝ මං ගැන සතුටු වෙන්නේ ඇයි?. මගේ කුඩා කාලයට මං ආසයි. එත් අම්මයි තාත්තයි ඒ කාලෙට පොඩ්ඩක්වත් කැමති නැතිලු. ඒ තරම් ඔවුන් මා වෙනුවෙන් කැපකිරීම් කර ඇත. මගේ කුඩා කාලය සුන්දර කරන්න කොච්චර මහන්සි වී ඇද්ද?. ඉතින් මම දක්ෂ කතාකාරයකුනොවුනත් ඒ අත්දැකිම් නොලියා ඉන්නේ කෙසේද.

මට මතකයි මට අවුරුදු හතරක් පමණ වන විට අපේ තාත්තා වැඩ කලේ බෙන්තර සමූපාකාර සමිතියේය. අම්මා කළුතර ජලසම්පාදන මණ්ඩලයේය. අයියා පාසලේ පළමු වසරේය. නංගීනම් තවමත් අවුරුදු 11/2ක කෙලි පැටික්කියෙකි.
       එදා උදේ 3.30ට පමණ මාව අම්මා අවදීකර කිරිබෝතලයක් දුන්නාය. මම ඇදේ නිදාගෙනම කිරි බිබි උන්නෙමි. අම්මා නැවත පැමින මටත් අයියටත් හිසට ස්කාෆ් දෙකක් දමා 4.00 වන විට මෝටර් සයිකලෙන් ගෙදරම්මාලයි ගෙදර බලා පිටත් උනි. මමත් අයියාත් ටැංකිය උඩ යන අතර අම්මා නංගීව තුරුළු කරගෙන පසුපස අසුනේ ගමන් කරයි. අපි තිදෙනා ගෙදරම්මලහට ගොස් නැවත නිදා ගනිමු. මවත් පියත් අම්මලන්ගොඩට ගොස් රුහුණු කුමාරියේ නැගී රැකියාවට යයි.
 අයියානම් පාසැල් යාමට 7.00 නැවත අවදි කරයි. මමත් නංගීත් 9.00 පමණ වනතෙක් නිදයි. දෙමව්පියන් නැවත එන තෙක් අපව බලා ගන්නේ ගෙදරඅම්මාත් චූටිමම්මාත්ය(පුංචී). ඔවුන් දෙදෙනා නැගිට්ට මොහොතේ සිට කරනුයේ උයන එකය. උදේ ආහාරය ගත් වහාම භාජන සොදා දිවා ආහාරය පිසීමට පටන් ගනී. දිවා ආහාරය සදහා ගෙදරතාත්තා පැමිණෙන විට මුද්දරස්පලන්( වියලි මිදි) හෝ සූකිරි රැගෙන එන්නේය.
 තුන් වෙලටම ආහාර කවන්නේ ගෙදරම්මාත් චූටිමම්මාත්ය. ඔවුන් කවන තරමක් මා කන නමුත් සමහර විට එක් බත් කටක් කෑමට විනාඩි දහයක්වත් යන බැවින් කවන කවන බත්පිඩුවලින් කටපිරීයයි. එවිට ඔක්කාරයට පැමිණ කෑ සියල්ල සමග වමනය කිරීම මාගේ සිරිතය.
 දිවා ආහාරයෙන්පසු නැවත 1.00 සිට 4.00 පමණවනතෙක්  නැවත නිදන වේලාවය. සියලු දෙනාම ඒ වෙලාවට නිදන අතර 4.00 සිට නැවත රාත්‍රී ආහාරය සූදානම් කිරීම අරඹයි. හවස 6.00 පමණ වන විට ගෙදරම්මා අපේ ඇග සෝදවයි. එවිට ගෙදරම්මා සබන්ගානවිට මට දැනෙන්නේ අතපය ගැලවීමට ගන්නා උත්සහයක් ලෙසයි.
 කෙසේ හෝ රාත්‍රී 8.00 පමණ වන විට අප බලා සිටින්නේ දෙමව්පින් නැවත එනතුරුය. නංගීනම් ඒ වෙලාවට නිදිය. අම්මා අපිව ඈ එන බස්රියට ගෙනයයි. එතෙක් බස් රථයද නවතා සිටින්නේ බස් රියදුරන් අම්මාව අදුරන නිසාය. නමුත් එදින සුපුරුදු පරිදි මව්පියන් නොපැමිණියේය. අප ද රාත්‍රී 9.00 වන තෙක් බලාසිට පුටු උඩම නිදන්නට විය.
 පසු දින දැනගතහැකි වූයේ දුම්රිය පීලී පැනීම නිසා අපව රුගෙන යාමට නොපැමිණි බවත් සහ ගෙදර එන විට රැ 11.00 පමණ වූ බවත්ය.
 මෙසේ තවත් දවසක් ගතවිය. 

3 comments:

  1. ඔබගේ කතාව හරිම අව්‍යාජයි! ලංකාවේ උයන වැඩේට කොච්චර වෙලාවක් ගත කරනවද කියල මේ කතාවෙන් තේරෙනවා. වැඩට නොයන කාගේත් කතාව ඕක තමයි. වෙන වැඩකුත් නැති නිසා වෙන්න ඇති.

    ReplyDelete
  2. කතාව අව්‍යාජ නිසා රසවත් බව අඩුයි නේද?.
    රස්සාවට යන අම්මයි තාත්තයි 3.30ට නැගිටලා 4.30 වෙද්දි උයලා වැඩට යන්න ලැස්තිවෙලා අපි 3න්දෙනාවත් ලැස්ති කරනකොට, පුංචියි ආච්චි 9.30 ඉඳන් 11.30 වෙනකන් දවල්ට උයනවා.

    රයිගමයට ස්තූතියි ඇවිල්ලා කොමෙන්ට් කොලාට!

    ReplyDelete
  3. Demawpiyan apita kala tharamata api kohoma we naya gewannada kiyala hithuna me post eka kiyawana gaman. :(

    ReplyDelete