අළුත් නවාතැනෙහි එක් රැයක් පහන් කල පසු දින මා වෙනත් කාමරයකට මාරු කරවීය. ඒ 60 වාට්ටුව නැතිනම් හෘද රෝගින් සිටින අංශයයි. මා පළමු සැත්කම සදහා 10.03 දින සුදානම් කරවීය. ඒ සදහා පරීක්ෂණ කීපයක්ම සිදු කලේය. පළමුව ලේ මුත්‍රා පරික්ෂා කලේය. දෙවනුව X-කිරණ පරික්ෂාව සිදුවීය. ඉන්පසු රුධිර පීඩනයද ස්කෑන් පරීක්ෂණයද කිරීමට අදාල ස්ථානයට රැගෙන ගියේය. එහි තවත් රෝගීන් ඒ සදහා පැමිණ සිටි බැවින් අපට පැයක් පමණ බලා සිටීමට සිදු විය. මා නම් ඒ මේ අත සුදු ඇදගත් මිනිස්සු ලෙඩුන්ද වෙනත් උපකරණද ට්‍රොලි වල දාගෙන යන සැටි බලා උන්නෙමි. කෙසේ හෝ පරික්ෂනාගාරයට ගිය පසු එහි සිටි දොස්තර නොනලාද මහත්වරුද මට බැනියම ගලවා ඇද මත හාන්සි වන ලෙස කිවෝය. මා එසේ කල පසු කෙනෙක් මගේ පපුවේ තැනින් තැන වයර් කෑලි ඇමුණුවේය. තවත් කෙනෙක් පැමිණ ජෙලි වගයක් පපුවේද ඈ අත තුබූ කෝන් එකකද ගා පපුව මත එය එහා මෙහා කරමින් අසල තූබූ ටී.වී. එකක් දිහා බලමින් අන් අය සමග ඉංග්‍රිසියෙන් දොඩන්නට වූවාය. මම ද ටී.වී. එක දිහා හොරෙන් බැලුවද එහි තිබුනේ ඩබ් ඩබ් ගාන රූපයකි. ඔවුන් ඒ දෙස බලමින් සිනහා වූවද එහි සිනාසීමට තරම් දෙයක් නොවීය. මොවුන් මාව විහිලුවකට ගෙන යැයි වරක් මට තරහ ද ගියේය. අවසානයට දත් පරික්ෂා කලේය.
පසු දින පරීක්ෂණ වාර්තා පැමින තූබූ අතර සියළුම වාර්තා යහපත් වූ නමුත් දත් පරික්ෂණය කල දොස්තර කියා තිබුනේ සැත් කමට පෙර දත් 7 ක් ගැලවිය යුතු බවයි. දත් 7ක් එකවර ගැලවීම පහසු දෙයක් නොවේ. ඒ නිසා මාව දන්ත ශල්‍යාගාරයට ගෙන ගියේය. ඒ සදහා ගිලන්රථයක් භාවිතා කලේය. එහි ගිය පසු මට බෙහෙතක් එන්නත් කොට පැය 1/2ක් එලියෙන් සිටින ලෙස කිවේය. ඉන්පසු හල්යාගාරයට රැගෙන ගියේය. එහිදී ද එන්නත් කල මට සිහිසුන් විය. නැවතත් අම්මාගේ කටහඩින් අවදි වූ මා සිටියේ වේදනාවෙන් කෙදිරි ගාමින් සිටින ලෙඩුන් සහිත තැනකය. මම සෙමෙන් ඒ මේ අත ඔලුව හරවා බැලිමී. මගේ නෙත් එක්තරා වයෝවෘද අත්තම්මා කෙනෙකු අසල නතර විය. ඈ කෙදිරි ගාමින් යමක් කීමට උත්සහ කලද කටින් කිසිම වදනක් පිට නොවීය. එවිට මට දැක ගතහැකි වූයේ ඇගේ දිව ගැටගසා ඇති බවයි. එපමණක් නොව ඇගේ නැහැයෙන් බට දෙකක් ද දමා තිබිණ. එවේලෙහි එතැනට පැමිනි හෙදියක් විසින් එක් බටයක් ඔස්සේ කිරි වීදුරුවක් පෙවීය. මට ඈ ගැන මහත් අනුකම්පාවක් ඇතිවිය.
මට සිහිය පැමිණ මද වේලාවක් යන තෙක්ම කිසිවක් නොදැනුනත් පසුව මගේ කටේද සෑහේන දත් ගලවා ඇති බව පසක් විය. එදවස හිරිවට්ටා හෝ සිහිනැති කරවා දත් ගැලෙව්වාට දැන් එසේ නොකරද නොම තේරෙන සේ දත් ගලවන ඈයින්ද මට හමු වී ඇත.
මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Thursday, April 19, 2012
Tuesday, April 17, 2012
අපේ මාවත් කවදා නැවත හමු වේදෝ?
මාද ආදරේ ප්‍රියේ නුඹෙද ආදරේ තියේ.
නුඹ කිම මන්මෙසේ හැර ගියේ.
චපල මා නම් නොවේ චපල නුඹ දෝ නොවේ.
හෝ කිම අප වෙන්වෙලා මේ ගියේ.
යාමින් ගාමන්
අපෙ මාවත් දෙකයි වෙන් වුයේ.
හෝ..ඕ.........ඕ......හෝ..ඕ.....
කිම කරම්, කොහේ අප ගියේ.
ප්යාර හම් කෝ බිහේ ප්යාර තුම් කෝබි හේ.
තුයේ ක්යා සින්සිලේ හෝ ගයේ.
බේවෆා හම් නහි බේවෆා තුම් නහී.
හෝ ක්යු ඉතනේ ගිලේ හෝ ගයේ.
චල්තේ චල්තේ
කෙසෙ යේ ෆාසලේ හෝ ගයේ.
හෝ..ඕ.........ඕ......හෝ..ඕ.....
ක්යා පතා, කහා හම් චලේ.
නුඹ කිම මන්මෙසේ හැර ගියේ.
චපල මා නම් නොවේ චපල නුඹ දෝ නොවේ.
හෝ කිම අප වෙන්වෙලා මේ ගියේ.
යාමින් ගාමන්
අපෙ මාවත් දෙකයි වෙන් වුයේ.
හෝ..ඕ.........ඕ......හෝ..ඕ.....
කිම කරම්, කොහේ අප ගියේ.
ප්යාර හම් කෝ බිහේ ප්යාර තුම් කෝබි හේ.
තුයේ ක්යා සින්සිලේ හෝ ගයේ.
බේවෆා හම් නහි බේවෆා තුම් නහී.
හෝ ක්යු ඉතනේ ගිලේ හෝ ගයේ.
චල්තේ චල්තේ
කෙසෙ යේ ෆාසලේ හෝ ගයේ.
හෝ..ඕ.........ඕ......හෝ..ඕ.....
ක්යා පතා, කහා හම් චලේ.
Friday, April 13, 2012
26 සතිය
යමෙක් ඔබටඅයහපතක් කෙරේද ඔවුන් කෙරෙහි අනුකම්පා කරන්න.මන්ද මෝඩයන් හා කිපෙන්නාද මෝඩයෙකි.
Monday, April 9, 2012
7 ලිපිය - උසස් මනසක් ඇතී ජීවින් සිටින තවත් ලොවක්
බොහෝ දෙනෙකු තුල පිටසක්වල ජීවීන් ගැන ඇත්තේ කුතුහලයකි. ඇත්තටම පෘතුවිය හැර වෙනත් ජීවී ලෝක තිබේද? අපිට වඩා දියුණු මනසක් ඇති ජීවීන් මේ විශ්වය තුල ඉන්නවාද?
සමහර අය පිටසක්වල යානා දැක ඇති බවද සමහර අය ඒරියා 64 හී එවැනි යානා වලින් පැමිනි අය සිටින බවද පවසයි. පෘතුවිය හැර තවත් ජීවි ලෝක තිබේද යන්නට මට කිව හැක්කේ නොදනි යන්නයි. මන්ද එසේ සොයාගත් බවට පිලිගතහැකි සාක්ෂි මටනම් ලැබී නැත. නමුත් ජිවීන් සිටින ලෝක නැතැයි කියාද මට ඔප්පු කල නොහැක. ජීවින්ට සුදුසු පරිසරයක් යම් තැනෙක වේද ජිවින් එහි සිටීමට ඉතාමත්ම හැකියාවක් ඇත. මන්ද හේතු සකස් වීමෙන් ප්‍රතිඵල ඇතිවන බැවිනි.
කෙසේ නමුත් බෞද්ධයකු ලෙස සිතනවානම් මට කිව හැක්කේ මිනිසුන්ට වඩා උසස් මනසක් ඇති හෝ මිනිසුන් හෝ සිටින තවත් ලොවක් විශ්වයේ නොමැති බවයි. ඊට හේතුව එසේ වෙනත් ලොවක් තිබුනානම් අනිවාර්යයෙන්ම බුදු රජාණන් වහන්සේ ඔවුන්ගේ හිත සුව පිණිස ඒ ලෝකයට වැඩිය යුතුය. නමුත් එසේ වැඩි බවක් කිසි තැනක සදහන් නොවේ.
නමුත් මම කිසිම දෘෂ්ඨියක නොපිහිටා සිතන්නේ නම් ඊට ද පිලිතුර නොදනී යන්නයි. මන්ද මීට අවුරුදු 2500 කට එහා සිදුවූවා යැයි සදහන් කිසිවක් මට සනාථ කල නොහැක. එසේ ජීවින් සිටින ලොවක් ගැන ඔබ දන්නේද?

Friday, April 6, 2012
ආදරයයි කෑදරයයි
බලපන් ඉතින් මේ ආදරයක් හින්ද මට වෙච්චි දෙයක්. මං ඉතින් බොලාලා දන්නවනේ කාටත් ආදරෙයි කියලා කියනවනෙව. එහෙමයි කියාලා මේ සමහර එවුන් මං දිහා වැරදියට බලනව නෙව. මුං හිතන්නේ මං කෙබරයක් කියනවැයි කියාලා නෙව.
හැමෝම ඉතින් වෙන කාටවත් නැතිව මට විතරක් ආදරය කොරන කෙනෙක් හොයන්නට නෙව තනන්නේ. ඉතින් බොලව් මුන් ආදරය කියන්නේ අහවල් එකක්දැයි නොදැන මං දිහා ඔහොම බලන එක හරියෑ. ආදරය කියන්නේ අත්හැරීමනෙව. හුගක් ඈයෝ හිතාන ඉන්නේ ආදරයකියන්නේ ලිංගික ආසාව නිසා යමෙක් ආශ්‍රය කිරිමට ඇති කැමැත්තට කියල නෙව. ඒකට කියන්නෙ බොලව් ආදරය නොවේ කෑදරය. නැතිනම් රාගය.
ඉතින් බාං ආදරය කියන්නේ යමෙක්ගේ සතුට වෙනුවෙන් ඕන එකක්, එයාව උනත් අත්හරිනවා කියන එක නෙව. එතැන කිසිම බැදීමක් නෑ බාල්ලා. ඉතින් මං කියන්නෙත් මං ඔයාට ආදරෙයි , නැතිනම් ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාව අත් අරිනවා කියල නෙව. ඉතින් බොලාලා විසේසොයෙන්ම ගෑනූ දැරිවියො එහෙම මං ආදරෙයි කිව්වම මං දිහා වැරදි විදියට බලනව එහෙම නෙවෙයි ඕං.

Subscribe to:
Posts (Atom)