Saturday, February 9, 2013

11 ලිපිය - සතුට 3

සමහර වෙලාවට සතුටින් ඉන්න අපිට මොනවහරි අත්හරින්න වෙනවා. මේ දවස්වල බ්ලොග් ලියන්න තියා නිදාගන්නවත් වෙලාවක් නෑ. කොතරම් අවශ්‍යතාව තිබුනත් ලියන්න වෙලාවක් හොයා ගත්තේ බොහොම අමාරුවෙන්. ඒ ගැන දුක් වෙන්න දෙයක් නෑ. අපි ජීවත්වෙලා ඉන්න කාලේ වැඩ නොකර කවද කරන්නද?

අද මං කියන්න යන්නේ කලින් ලිපියේ සදහන් කල පළමු ක්‍රමය ගැන. ඒ කියන්නේ යමක් දිහා වෙනත් කෝණයකින් බලලා කොහොමද දුක නැති කරගන්නේ කියන එක. ඒකත් ක්‍රම දෙකකට කරන්න පුලුවන්.
1. සුභවාදීව බැලීම
2. පරාර්ථකාමීව බැලීම

සුභවාදීව බැලීම

සාමාන්‍යෙයයෙන් අපි පුරුදුවෙලා ඉන්නේ නරක පැත්ත අයහපත් පැත්ත බලලා දොස් කියන්න, පසුතැවෙන්න. නමුත් අපිට පුලුවන් අපි අකමැති දෙයක් උනත් ඒකේ යහපත් පැත්ත බලන්න. අපි උදාහරණ කීපයකින් තවදුරටත් මේක පැහැදිලි කරගනිමු. හිතන්න ඔබ විනෝද චාරිකාවක් යන්න සුදානම් උනත් යම්කිසි හේතුවක් නිසා යන්න බැරි උනා කියලා. දැන් සාමාන්‍යයයෙන් අපි කරන්නේ අනේ මට ඒක යන්න බැරිඋනා කියල දුක් වෙවී ඉන්න එක. නමුත් බලන්න ඒක ගියානම් සමහරවිට ලෙඩ වෙන්න පුලුවන් මොකද ඒ දේශගුණය වෙනස් වීම නිසා. නිකන් සල්ලි නාස්ති කරගෙන විනෝද වෙලා කාලෙ කනවට වඩා ඒ මුදලත් කාලයත් ඊටවඩා ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න පුලුවන්. බලන්න චාරිකාව නිමා වෙලා ගෙදර එනකොට තියෙන අමාරුව. ඊලග දවසෙත් වැඩක් කරන්න අමාරුයි. ඉතින් ඒ අනුව බලනකොට පේනවා ට්‍රිප් එක යන්න නොලැබුන එක කොච්චර දෙයක්ද? ගෙදර ආරක්ෂිතයි. ඔය අතරමගදි මොනවගේ අනතුරකට මුහුණ දෙන්න වෙයිද කවුද දන්නේ. අපණ්ණක ජාතකයෙද බලන්න බෝධිසත්වයෝ තමාට පසුව යාමට වීම ගැන දුක් නොවී එහි ඇති සුභවාදී පැත්ත බලා සතුටු උනා.
බලන්න කෙනෙක් මැරුණම අපි කොච්චර දුක් වෙනවද? ඒ මනුස්සයා යහපත් කෙනෙක්නම් වැඩිපුර අඩනවා. ඒත් එහෙම කෙනෙක් මැරුනම සතුටු වෙන්න ඕන. මොකද අපි දන්නෙ නෑ එයා තවදුරටත් ජීවත් උනොත් අපිට පෙර පරදිම සලකයිද කියලා. මොකද මිනිස්සු වෙනස්වෙන්නෙ හරි ඉක්මනට. අනික් අතට එයා යහපත් මනුස්සයෙක් නම් බොහෝ විට යහපත් භවයක ඉපදිලා ඇති. මේ මනුස්ස ලෝකේ කොච්චර අමාරුද ජිවත් වෙන්න. පිටරට ගිහින් දුක් විදලා හම්බකරන තුට්ටු දෙකත් දන්නෙම නැතුව ඉවර වෙනවා. ඉතින් ඒ මනුස්සයා මේ ලෝකෙන් මිදිලා හොද තැනක ඉපදීම ගැන අපි සතුටු වෙන්න ඕන ඇත්තටම අපි එයාට ආදරෙයිනම්.  ගොඩක් අය අඩන්නේ එයාට තියෙන ආදරේට වඩා එයාගෙන් ලැබුනු දේවල් අහිමි වීම නිසයි.

මෙන්න මේ විදියට අපිට දුක දැනෙන, තරහ දැනෙන, දෙයක් උනාම එහි සුභවාදී පැත්ත බැලීම තුලින් එම සිතුවිලි වෙනස් කරගත හැක. ඒකට යම් බුද්ධිමත් බවක් තියෙන්නත් ඕනෑ. අනෙක් ක්‍රමය ගැන ඊලග ලිපියෙන් කියා දෙන්නම්.
ඔබලාට නිවන් සුව ලැබේවා !

No comments:

Post a Comment