Sunday, February 24, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 3

කවූදෝ කතා කරනු ඇසී මා එකවරම ගැස්සුනේය. මා සිටියේ ඇදක් මතය. හෙමින් ඇස් ඇර වට පිට බැලිමි. මා සිටින්නේ අරවින්දගේ ගෙදර බව මතක් විය. අසල වූ මේසයේ බීම විදුරුවක් ද විය.

එකවරම දොර රෙද්ද මෑත් කර අරවින්ද කාමරය තුලට එබිණි. “හලෝ මචං කරූ උඹ දැන්ද නැගිට්ටේ? මං මේ ආව විතරයි. අනුලා කිව්වා උඹට ඇදේම නින්ද ගිහින් කියලා එයා බීම එක හදන් එන ටිකට. ඉතින් ඉතින් කොහොමද ජීවිතේ“ කියමින් ඔහුද ඇදෙන් වාඩි විය.
“දන්නෙම නැතුව නින්ද ගියා බං.  දැන් හෙට වැඩේට උඹ එනව නේද?මං හරියටම දෙහිවල ජල සම්පාදනේ තියෙන තැන දන්නේ නෑ“ මම කීවෙමි.
“හරි හරි මචන් මම හෙට හාර්ෆ් ඩේ එකක් ඇප්පෘ කරගෙන  ආවේ“ කියමින් අරවින්ද නැගිට්ටේය.
 නැගිට “උඹ වොෂ් එකක් දාගන්නැද්ද“ කියමින් ඔහුගේ කමිසයේ බොත්තම් ගලවන්නට පටන් ගත්තේය. “හ්ම් දාගන්නත් ඕන, උඹ දාගෙන වරෙන්කෝ“ මම කිවෙමි.
“එහෙනම් උඹ ඉස්සෙල්ලා දා ගනින්, මං ආව විතරනේ. වරෙන්කෝ“ කියමින් එලියට ගියේය.
මම ද ඔහු පසු පසින් ගියෙමි.

මා කාමරයට වී හෙට ගමනට සූදානම් වෙමින් සිටියේය. අරවින්ද පැමිණ රෑ කැමට ඇරයුම් කලේය. එවිට රාත්‍රී අට බැව් මේසය උඩ තිබූ එලාම් ඔරලෝසුවෙන් මට කියවා ගතහැකි විය.
රෑ කැමට මස් හා පරිප්පු හොදි ද කොල මැල්ලුමක්ද විය. පපඩම්ද බැද තිබුණි.
“නංගි දවල්ටත් උයලා ආයේ රැටත් උයන්න මහන්සි වෙලා නේ.“ මම කීවෙමි.
“අනේ ඕක මොකක්ද එච්චර දෙයක් හැදුවේ නෑ“ කියමින් ඈ සිනාසුනාය.
ඈ රුමත් තරුණියකි. රාත්‍රියට අදින ලා නිල් පාට ගවුමක් ඇද සිටී ඇගේ ලැම විදුලි ආලෝකයට වඩාත් කැපී පෙනිණි.

රාත්‍රී ආහාරය ගත් පසු මා ආලින්දයට වී සිටියේ කැම දිරවාගැනීමට අපහසුවෙනි. ටික වේලාවකින් අරවින්ද එතැනට පැමිණ මා අසලට පුටුවක් ඇදගෙන වාඩි විය. පළමුව ආ ගිය ගමන් ගැන කතා කරමින් සිට අපි අපේ අතීතය ගැන සිහිපත් කරමින් අල්ලාප සල්ලාපයේ යෙදින.
“උඹ බදින්න එහෙම අදහසක් නැද්ද?“ එතවරම අරවින්ද මා දිහා බලා ඇසුවේය.
 “දැන්නම් ඉතින් බැදගතහැකි. ජොබ් එක ෂුවර්නේ“ කියමින් මා සිනාසුණි.
“ඒක නෙවේ  උඹට අනූව මුණ ගැහුනෙ කොහෙදිද මචං? උඹ ගෙදරින් පැනල ගියත් හරි මොනා උනාද කියලා අපි දන්නෑනේ ආ“ මම ඇසුවෙමි.
“ආ මට කියන්න බැරි උනානේ උඹට, මට තාත්තව හම්බුනානේ“
“නෑ... ඒ කොහෙදිද? කෝ ඉතින් දැන් තාත්තා“ මා විශ්මයෙන් යුතුව ඔහු දිහා බලා සිටියේ එය අදහාගනු නොහැකි කන්වය.
“ඒක දිග කතාවක්. ඒ මිනිහා මොකට හම්බුනාද මන්දා“ කියමින් අරවින්ද සුසුමක් හෙලුවේය.
ඔහුගේ මුහුණ බිමට බරවිය. මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා මගේ හිත මටම මුමුණන්නට විය.
“ඉතින් කියපන්කෝ මොකද උනේ කියලා“ මට කුතුහලය ඉවසාගත නොහැකි විය.

“හරි එහෙනම් මං මුල ඉදන්ම කියන්නම්කො උඹට.
උඹ දන්නවනේ ඇඩ්වාන්ස්ලෙවල් රිසාල්ට් ආවම මං දැන ගත්තා මට වාසිටි යන්නවෙන්නැති බව. හැබැයි හොද රස්සාවක් හොයාගන්න පුලුවන් කියලා දැනං හිටියා. ඒත් ඒ කොහොමද කියලා මං දැනං හිටියේ නෑ. මං ඒකයි කොළඹ යන්න හිතුවේ. කොළඹ ගියාම ලොකු රස්සාවක් හොයාගන්න ලේසිවෙයි කියලයි මං හිතුවේ. ඉතිං මං අම්මට කියලා කොළඹ යන්න හැදුවේ. ඒත් අම්මා අකමැති වුන නිසා ලියුමක් ලියලා තියලා මං කොළඹ ආවා“ කියමින් අරවින්ද කතාව පටන්ගත්තේය.
“ඉතින් ඉතින්....  උඹ ජොබ් එකක් හොයා ගත්තද?“ මම ඇසුවෙමි.

Next chapter -http://asanka-mind.blogspot.com/2013/03/4.html

No comments:

Post a Comment