Sunday, March 3, 2013

11 ලිපිය - සතුට 4

පරාර්ථකාමීව බැලීම

පසුගිය ලිපියෙන් සදහන් කලේ කොහොමද සුභවාදීව බැලීම තුලින් (සමහර ධනාත්මක චින්තකයෝ කියන අනාගතය දෙස බලන විදියට නොවේ) දුක මගහරවා ගන්නේ කියලා. සමහර අවස්ථා වලදි අපට එහෙම හිතල දුක වේදනාව හෝ තරහව හෝ නැති කරන්න අමාරුයි. දැන් සමහර වේලාවට අපි නොකල වැරද්දකට බැනුම් ඇහුවොත් මොකද කරන්නේ? ඒ වගේ වෙලාවක අපිට සුභවාදීව බලන්න අමාරුයි. ( මට අලුතින් සිංහල වචන ටිකක් අහන්න ලැබුනා කියල හිත හදාගන්නයි වෙන්නේ )

ඒ වගේ වෙලාවට අපිට පුලුවන් පරාර්ථකාමීව බැලීම තුලින් හිත හදා ගන්න. සාමාන්‍යෙයන් කෙනෙක් අපිට නිකන් බනින්නේ නෑ නේ. මොකක් හරි හේතුවක් ඇති. අඩුම ගානේ එයාගේ හිත රිදිල නෙ තරහගන්නේ. අපිට පුලුවන්නම් කරුණාවෙන් ඒ පුද්ගලයා දිහා බලන්න අපිට හිත හදාගන්න හරි ලේසී. බලන්න අම්මාට කොච්චර බැන්නත් ගැහුවත් අම්මලා කියන්නෙ මොකක්ද? “ඒකා හය හතර නොතෙරෙන එකා නෙව“. (වෙන විදියකින් නියනවනම් මෝඩ කමට මොනා කරන්නද? ඒකා මෝඩයනේ. )

මෙන්න මේ විදියට අපි අනෙත් පුද්ගලයාගෙ පැත්තෙන් හිතන්න පුරුදු උනොත් අපිට පුලුවන් ඕනෑම කෙනෙකුට සමාව දෙන්න. මං කලින් ලිපියෙ සදහන් කල පරිදි කෙනෙක් මැරුණ විටත් අපිට පුලුවන් එයාගෙ යහපත ගැන හිතල හිත හදාගන්න. “මෙහෙ දුක් විදිනවට වඩා මැරිල හොද තැනක ඉපදෙන එක හොදයි“ කියලා ගම්වල මිනිස්සු හිත හදා ගන්නවා මං දැකලත් තියෙනවා.

මං දැකල තියෙනවා ළමයි පොඩිකාලේ මේසෙක පුටුවක කකුල වැදිල අඩනකොට ඒක නවත්තන්න ළමයට පේන්න පුටුවට හරි මේසෙට හරි ගහනවා “අපේ ළමයාට රිද්දුව නේද“ කියලා. මේක බොහොම නරක දෙයක්. ඒකෙන් ළමයි පලිගන්න පුරුදු වෙනවා. පරාර්ථකාමිව හිතන්න බැරි වෙනවා. “බබාට රිදුනද? පව්නේ බබාට වගේම පුටුවටත් රිදෙන්න ඇති“ කියලා පුටුව අතගාන්න ළමයාව පුරුදු කලානම් ඒ ළමයා පුරුදු වෙනවා අනිත් කෙනා ගැනත් හිතන්න.
කෙනෙක් බැන්නත් “ඒකා මට බැන්නා“ කියලා තරහ ගන්නැතුව “අනේ පව් එයාට හොදටම හිත රිදිලා ඒකයි මට බැන්නේ“ කියලා හිතන්න පුරුදු වෙනවනම් අපිට තරහව හුගක් පාලනය කරගන්න පුලුවන්.
තරහව, දුක විතරක් නොවේ ආසාව, ඊර්ෂ්‍යාව  පාලනය කරගන්නත් මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. අනිත් අය දියුණු වෙනවා දැකලා සතුටු වෙන්න, තමා ආස කරන දෙයකට ආසා කරන කෙනෙකුට ඒක දීලා එයාගෙ සතුට දැකල සතුටු වෙන්න අපිට පුරුදු වෙනවනම් ගොඩාක් දුක වේදනාව තරහව පාලනය කරගන්න පුලුවන් වෙනවා.
වෙනත් කෝණයකින් ගැටලු දිහා බැලීමෙන් දුක නැති කරගන්න ආකාරය ඔබට පැහැදිලි ඇතැයි සිතමි. අනෙත් ආකාර දෙක ගැන ඉදිරියෙදී සාකච්ඡා කරමු.

No comments:

Post a Comment