මීට ඉහත ලිපියේ මා යමෙක් බැන්න විට එහි යහපත දැකීම අපහසු බව සදහන් කලත් මගේ මිත්‍රයකු පැවසුවේ තමා ඒ වෙලාවට මෙය නම් මාගේ ඉවසීම පුරුදු කිරීමට ලැබුණු මහගු අවස්ථාවක් යැයි සිතා සතුටු වන බවයි. ඇත්තටම ඒ වාගේ අපි ප්‍රඥාවන්තව ගැටලු දිහා බැලීම තුලින් සතුට ලගා කර ගත හැකිය.
අද මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සතුට ලබා ගැනීමේ දෙවැනි ක්‍රමයයි. එය අත්හැරීම වේ. මෙය ඉහත ක්‍රමයට වඩා අපහසු ක්‍රමයක් වන අතර මෙම ක්‍රමය වඩා යහපත් වේ.
මෙම ක්‍රමයද ආකාර දෙකකට සිදුකල හැක. එනම්,
- කාලය අත්හැරීම
- තණ්හාව අත් හැරීම
කාලය අත් හැරීම
අපි කවුරුත් දන්නා පරිදි කාලය ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැක. එනම්,
- අතීතය
- අනාගතය
- වර්තමානය
නමුත් අප බොහෝ දෙනෙකු කරන්නේ හැකිතාක් අතීතය ගැන දුක්වී හෝ තරහගෙන වැරදි තීරණවලට එලැඹීමයි. සමහරෙක් අතීතයේ වූ සිදුවීමක් නිසා සියදිවි හානි කරගන්නා අතර තවකෙක් මිනී මරයි. එයින් කිසිවිටකත් අතීතය වෙනස් නොවන බව ඔවුන් කල්පනා නොකරයි. අප කල යුත්තෙ යම් සිදුවීමක් වී නම් එය නිවැරදි කරගැනීමට කලහැකි යමක් ඇත්නම් එය කිරීමත් නැතිනම් එය අත්හැර දැමීමත් පමණි.
අතීතයේ යම් සිදුවීමක් ගැන නැවත නැවත දුක් වීම පවකි. එය දිගින් දිගටම පැවතීම අකුසලයකටද හේතු වේ. මේ නිසා අතීතය අත් හැරීම අනාගතයටද යහපත්ය. මා බොහොවිට තරහව නැති කිරීමට මෙම ක්‍රමය භාවිතා කරයි. යමෙක් මට අවැඩක් කල විට මම එය ගනන් නොගෙන සිටිමි. එය මට නැවත ආපස්සට කරකැවිය නොහැක. ඔහුට බැනීමෙන් හෝ ඔහු සමග තරහ ගැනීමෙන් ඔහු කල දෙය නැතිවන්නේ නැත. වන්නේ තව තවත් ගැටලුව වර්ධනය වීමයි. ඒ නිසා මා එය අත්හැර දමමි.
තමා අතින් දෝශයක් වූ විටද මෙම ක්‍රමය අනුගමනය කල හැක. සිදුවූ දෙය ගැන දුක්වීමෙන් කිසිවක් දෝශය නිවැරදි වීම පිණිස සිදු නොවේ. ඒ නිසා කල හැක්කේ සමාව ගැනීම හෝ සුදුසු වෙනත් යහපත් කටයුත්තක යෙදීමයි. ඒ නිසා අප අතීතය ගැන සිහිකරමින් දුක් වීම හෝ තරහ ගැනීම කිසිම ප්‍රයෝජනයක් නැති තව තවත් ගැටලු වැඩි වන දෙයක් ලෙස නුවණින් දැක එය අත් හැර දැමීම මගින් සිත සනසා ගතහැකිය.
“ඔබේ කමිසයට තේ කහට වැටුනේ නම් ඔබ කුමක් කලද පෙරැලුනු තේ එක නැවත කෝප්පයට යන්නේ නැත. ඔබ වහාම කමිසය සොදා ගන්නේ නම් අඩුම තරමින් කමිසය හෝ බේරා ගැනීමට හැකිවනු ඇත“
No comments:
Post a Comment