Monday, February 8, 2016

මල් වත්ත

සමනලයින් පියඹනවා 
මල් සමඟින් හිනැහෙනවා 
 මල් වට උන් රඟදෙනවා 
මල් නොතලා පැණි බොනවා

මී මැස්සන් ගුම් දෙන්නේ 
රොන් ගන්නට පැමිණෙන්නේ 
පැණි විතරයි උන් ගෙනයන්නේ 
මල ගස උඩ හිනැහෙන්නේ

මල් අයිතිය ගස්වලටයි 
මලේ සුවඳ මුළු ලොවටයි 
මල් පිපිලා හරිම හැඩයි 
මල් වත්තම සිරියාවයි 

2 comments:

  1. අරුත හරියට තේරුන් ගන්න try කරනවා නම් ලොකු තේරුමක් තියනවා .

    ReplyDelete
    Replies
    1. හ්ම්... පොඩි ළමයින්ට ලිව්වේ..

      Delete