Friday, October 7, 2011

එහෙනං ඕං

ඕං දැන් කටකහනවට මං නොයෙක් එව්වා කියෙව්වානෙව. දැන් ලිපි 19 ක්ම නොයෙක් දේවල් කියෙව්වට මොකද කැහිල්ල නං හිංගිත්තක් වත් අඩු වෙලා නෑ නෙව. බොලාලාත් එව්වා කියෙව්වා කියවලා සමහර ගොල්ලෝ නිකා හිටියා සමහර ගොල්ලෝ එක එක එව්වා ලියෙව්වා. ඒ මොනව කලත් මෙකෙ ඒ හැටි තේරුමක් පල ප්‍රයෝජනයක් නෑ වගෙයි පෙනෙන්නේ.

මෙ ගොඩ වෙදකං කොරාලා මේ ලෙඩේ කඩන්න බෑ වගෙයි. බෙහෙත් අහන්නෑ නෙව. ඉතින් බොල මං කල්පනා කොලේ ඉංගිරීසි බෙහෙත් වත් අරං බලන්න කියාලා. මං වෙනුවෙන් මගේ කට කහන එක නවත්තන්න කොමෙන්ට් කොරාපු නොයෙක් විදියෙන් මාව දහිරිමත් කොරාපු ඔක්කෝමන්ලෑට බොහෝමත්ම ස්තූතියි ඕං. එහෙනං ඕං මං ගෙහුං එන්නම්. ඉංගිරීසි බෙහෙත් අහන්නෙත් නැත්නම් මක් කරන්නද දිගටම කට කහනවට එක එක එව්වා කිය කියා ඉන්නව මිසක්කා නෙවෙද්ද.

1 comment:

  1. ඉතා හොඳ ලිපි පෙලක් .
    මෙය නැවැත්වූයේ ඇයි ?

    ReplyDelete