මෙම නියාම ධර්ම පහ අධ්‍යයනය පහසුව සදහා කොටස් දෙකකට වෙන් කර ගත හැකි. එනම් විඥ්‍යානය සම්බන්ධ නියාම ධර්ම හා සතර මහා භුත සම්බන්ධ නියාම ධර්ම ලෙස. කර්ම නියාමය හා චිත්ත නියාමය පලමු කොටසටත් අනෙක් තුන දෙවන කොටසටත් අදාල වේ. කර්මය පිලිබද අපි 4 වන ලිපි පෙලින් කතා කල නිසා ඒ ගැන වැඩි විස්තරයක් අවශ්‍ය නැතැයි මට සිතේ. විශේෂයෙන්ම කර්ම විපාක එවේලේ ලැබෙන බවත් ජනක කර්මය ලෙසින් එය භවයෙන් භවයට යන බවත් දැන ගත යුතුය. පෙර භවයේ ඥාතීන් කොතරම් පිං අනුමෝදං කලද එය මේ බවයේ විඥ්‍යානයට දැනගත නොහැකි නම් ඒ පිං අනුමෝදං කල නොහැක්කේ ඒ නිසාය. අනිවාර්යයෙන්ම කර්මය ක්‍රියාත්මක වීමට විඥ්‍යානය දැනුවත්ව සිදු විය යුතුයි. සත්ව ඝාතනයක් නොකල තැනැත්තෙක් වුවද තමා සත්ව ඝාතනය කලා යැයි විඥ්‍යානයේ සටහන් වුවොත් ඔහුට ප්‍රාණ ඝාත අකුසල කර්මයේ විපාක ලැබේ.
චිත්ත නියාමය යනු යම් අරමුණක් ලැබුණු පසු දිගින් දිගට සිතුවිලි පහල වීමයි. යම් ස්පර්ශයක් සිදු වූ තැන් සිට එය හදුනා ගැනීම තැන් දක්වා සිතුවිලි පහල වීම පෙර කර්මය නිසා සිදු වන්නක් නොව හේතු ඵල දහමට අනුව සහ චිත්ත නියාමයට අනුව සිතුවිලි පහල වීමකී සිදු වන්නේ. එම චිත්ත වීථි සකස්වන ආකාරය 3 ලිපිය - ලෝකයේ ක්‍රියාකාරිත්වය 2 ලිපියෙන් දක්වා ඇත. ඒ නිසා තමන්ට එන සෑම සිතුවිල්ලක්ම කර්මය නිසා එන සිතුවිලි නොවේ. අනෙක් නියාම ධර්ම තුන ලබන ලිපියෙන් සාකච්ඡා කරමු. මේ ලිපි පිලිබද ඔබට ඇති ගැටළු සදහන් කරන්නේ නම් අපට තවත් සඵලදායී ලෙස මේ සාකච්ඡාව කල හැකි යැයි සිතමි. ඔබට නිවන් සුව ලැබේවා!
No comments:
Post a Comment