පසු ගිය සතියේ නියාම ධර්ම පහෙන් විඥ්‍යානය සම්බන්ධ වන නියාම ධර්ම 2 පිලිබද සාකච්ඡා කලානේ. අද අපි බලමු අනෙක් නියාම ධර්ම තුන කොහොමද ලෝකයේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කියලා. ඔබට මතක ඇති මං කිව්වා කොහොමද වැස්ස ඇතිවෙන්නේ කියලා ලෝකයේ ක්‍රියාකාරිත්වය සොයා බැලීමේදී. එහි කර්මයේ සම්බන්ධයක් හෝ සිතුවිලිවල සම්බන්ධයක් තිබුනේ නෑ. ඒක ස්භාවධර්මයේ හේතුඵල දහමට අනුව ක්‍රියාත්මක වන්නක්. එවැනි ස්භාවධර්මයේ සිදුවන ක්‍රියා අධ්‍යයනය කිරීමෙන් සොයාගත් නියම 3ක් තමයි මේ බීජ නියාම, ධම්ම නියාම, හා සෘතු නියාම කියන්නේ.
වැස්ස ඇතිවීම අයිතිවන්නේ ධර්ම නියාම හා සෘතුනියාම දෙකට අනුවයි. නමුත් මං කලින් කිව්වා වාගේ මේ නියාමත් සත්‍ය වන්නේ අනෙක් කාරණා බලනොපාන විටයි. උදාහරණයකින් කිව්වොත් හිරුත් පෘථිවියත් අතර දුර වැනි කාලගුණික තත්ව මත වැසි සමය ග්‍රීස්ම සමය වැනි කාලයන් ඇති වනවා. එය සාතු නියාමය. සාතු නියාමයට අනුව වැසි සමයේහී වැසි ලැබෙනවා. නමුත් මිනිසුන් ගස් කැපීම වැනි පාරසරික හේතුන් මත වැසි නොලැබී යා හැකි. ඒ නිසා සෘතු නියාමය සත්‍යවන්නේ අනෙක් සාධක බලනොපාන විටයි.
බොහෝ දෙනා නියාම ධර්ම දන්නා බැවින් මං කෙටියෙන් සදහන් කරන්නම් ලිපියේ සම්පූර්ණත්වය සදහා. බීජ නියාමයෙන් දැක්වෙන්නේ මව් ජාන ස්භාවය අනුව ඊලග (දුහිතෘ) හට ගැනීමේ ලක්ෂන පහල වන බවයි. සරලව කියතොත් දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂනය වන බවයි. සමහරු ගායන කුසලතාවක් ඇති විට එය දෙවියන්ගෙන් ලැබුණු දෙයක් සේ සලකයි. පියාටත් එම හැකියාව ඇත්නම් ඒ දෙවියා පියා වේ. නැතිනම් කර්ම ඵලයක් විය හැක. සෘතු නියාම යනු පෘථිවියේ ස්භාවික වෙනස්කම් මත අව්ව වැස්ස සහ අනෙකුත් සෘතු විපර්යාස ඇතිවන බවයි. සමහරෙක් මගේ කරුමෙට වහිනවා යැයි පවසතත් සිදු විය හැක්කේ එහි අනෙක් පැත්තයි. එනම් වහින විට කර්ම ඵලය ලැබීමට පරිසරය සකස් වීමයි. ධම්ම නියාම යනු දුක්ඛ යන යථාස්භාවය නිසා සිදුවන දේවල්ය. සෑම දෙයක්ම ක්‍රමයෙන් විනාශයට ( දිරා යාමට) පත් වන බවමේ නියාම ධර්මයේ කොටසකි.
මේ අනුව අප අවබෝධ කරගත යුත්තේ සියල්ල හේතු ඵල දහමට අනුව ක්‍රියා කරන ස්වයංක්‍රිය පද්ධතියක් බවත් එහි යම් යම් රටා අවබෝධ කරගැනීම තුලින් අනාගතය ගැන අනාවැකි පැවසිය හැකි බවත්ය.මේ අනුව මට පෙනියන කරුණ නම් කිසිවෙකුට අතීතයට හෝ අනාගතයට ගමන් නොකලහැකි බවත් බුදුන් පවා අනාගතය ගැන කීවේ අනාගතයට ගොස් බැලීමෙන් නොව ඉහත දැක්වූ රටාව හදුනා ගැනීමෙන් බවයි. ඔබලාටත් එම යථාර්තය අවබෝධ කරගැනීමට හැකි වේවා.!
බොහොම වටිනා බ්ලොග් සයිට් එකක්....
ReplyDeleteබුදු දහම කියන්නෙ යථාර්ථය....
යථාර්ථය සොයා යනවා කියන්නේ, අපි “ඇයි“ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයනවාකියන එක නේද?
අනිත් එක අයියේ.....
යථාර්ථය සහ විමුක්තිය කියනිනේ දෙකක් නේද?
ඔය කොයික වෙතත්, යථාර්ථය හොයා ගෙන යනවා කියන්නේ, අපි යථාර්ථය කියන දේ අර්ථයවත් නොදැන ඒ පස්සේ දුවනවා කියන එක නේද?
ඊට පස්සේ අපි “ඇයි“ යථාර්ථය සොයන්නේ? කියන ප්‍රශ්නෙත් එනවා නේද?
සමාවෙන්න මලයෝ... ඔයාගේ කොමෙන්ටුව ස්පෑම්වල තිබිලා අදයි දැක්කේ.
Deleteඔයා හිතන විදිය හොදයි. යථාර්ථය සොයා යනවා කියන්නේ, අපි “ඇයි“ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයනවාකියන එක තමයි.
බුදු දහම කියන්නෙ යථාර්ථය කියන තැන ඉදල නෙවේ මං මේ බ්ලොගිය ලියන්නේ. එය උපකාර කර ගැනීමයි මං කලේ.
අපි “ඇයි“ යථාර්ථය සොයන්නේ? කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි, යමක් වීමේ නියම හේතුව අපි දන්නව නම්,
1. අපි ගැටළුවක් ආවම කරන්න ඕන මොකක්ද කියලා තේරෙනවා
2. සැකය දුරු වෙනවා
3. ඒ දැනුම බාවිතා කරල අලුත් දේවල් කරන්න පුලුවන්
විද්‍යාඥයන් කරන්නේ ද ඒ දේම තමයි.
මං මේ ගැන පස්සෙ ලිපියක් ලියන්නම්කො.
ස්තූතියි මාලූ යාළු !
ඉතා හොඳ ලිපි පෙලක් !
Deleteමෙය නැවැත්වූයේ ඇයි ?
Sahasdulmina798@gmail.com