පව්කම් ගැන තවදුරටත් ටිකක්සොයා බැලීම වටී යැයි මට සිතේ. අපි බුදුදහමට අනුව පස්පව් නමැති පව්කම් 5ක් අහල තියෙනවා. නමුත් පව්කම් සීමාවක් නෑ. ඕනෑම ක්‍රියාවක් පවක් කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා. මන්ද සිහි කිරීමෙන් දුක්වීම පව ලෙස සලකන නිසා යහපත් වූ දෙයක් හෝ යහපත් හෝ අයහපත් හෝ නොවන ක්‍රියාවක් වුවද සිහි කිරීමෙන් දුක්වීම තුලින් එය පාපයක් කර ගැනීමේ හැකියාව තියනවා.
මං එය අවබෝධ කරගැනීමට එක් උදාහරණයක් දක්වන්නම්. එක් හාමුදුරු නමක් ගසක කොළයක් කඩනවා. නමුත් ගස්වල කොළ නිකන් කඩා දාන්න එපායැයි බුදුන් කියා ඇති බව සිහිවී තමා අතින් ආපත්තියන් (නොකල යුත්තක්) වූවා යැයි ඒ මහණතෙම දුක් වුනා. උන්වහන්සේ මියයන මොහොතේ ද එය සිහි වී මරණින් මතු අපායේ උපත ලැබුවා.
මෙයින් පැහැදිලි වන්නේ යමෙක් තමා කල යම් කරුණක් ගැන දුක් වෙයිද එය පවක් වන බවයි. ඔබ දන් දුන්නා යැයි සිතන්න. ඔබ පසුව ඒ ගැන දුක් වේ නම් එයද පවක් බවට පත් වෙනවා. එනිසා ඒ පාප කර්මයට ඔබට ප්‍රතිපල ලැබෙනවා. එසේම දන් දීම කුසල කර්මයක් බැවින් එයටද කුසල විපාක ලැබෙනවා. ඒ නිසා අප දැන ගතයුත්තේ යම් ක්‍රියාවක් පවක් වන්නේ එය සිහිකිරිමෙන් තමා දුක් වන්නේ නම් පමණක් බවයි. නමුත් සමහර ක්‍රියා කිරිමෙන් පසු ඒ ගැන දුක් නොවී සිටිය හැකියයි සිතන්න එපා. මන්ද පව්කම් සිහි කිරීමෙන් සතුටු වීම සැමදා කල නොහැක්කකි.
ඔබට තෙරුවන් සරණයි!
No comments:
Post a Comment