දැන් අපට වැටහෙනවා කුසලාකුසලත් පින් පව් වලත් මූලික වෙනස. ඒ තමයි මමත්වය. කුසලාකුසල යනු නැවත නැවත යෙදීම තුලින් පුරුද්දට යන්නා වූ හැකියාවක්. නමුත් පින් පව් ඇතිවන්නේ තමාට එය දැනෙන ප්‍රමාණයටය. නැතිනම් එය කෙතරම් තමාගේ කරගන්නවාද යන්න මතයි.
උදාහරණයකින් පැහැදිලි කරනවානම් අපි දන්නවා සත්ව ඝාතනය අකුසලයක් මෙන්ම පවක් ද වන වග. නමුත් මරණ සතාගේ හැටියට පවේ බරපතලකම නැතිනම් විශාලත්වය වෙනස් වෙනවා. කර්මයේ නම් වෙනස් වෙන්නේ නෑ. මා දන්නා පරිදි ආනන්තරීය පාප කර්ම මිස අකුසල කර්ම නෑ. සමහර අය කියනවා ගවයකු මැරීම බල්ලකු මැරීමට වඩා පවක්, මිනිසකු මැරීම ඊටත් වඩා පවක් බව. නමුත් ඇත්තටම ගතහොත් එහි බරපතලකම තීරණය වන්නේ ඝාතකයාගේ ස්භාවය අනුවයී. යමෙක් තමා ඉතා ආදරය කල සුනඛයා ක්ෂණික කෝපය මත ඝාතනය කලේ නම් ඒ පව නන්නාදුනන මිනිසකු මැරීමට වඩා බරපතල විය හැක. මන්ද ඒ තමාගේ බල්ලා නිසාය.
තව එක් උදාහරණයක් දක්වා මම මෙම ලිපිපෙල අවසාන කරන්නම්. අපි දන්නවා කලු ගලක් කුලුගෙඩියකින් ගසා විනාශ කිරිම පාප කර්මයක් නොවන බව. නමුත් කලු ගලින් කරන ලද පිළිමයක් කඩා දැමීම විශාල පවක් ලෙස සලකනවා. හෞතික වශයෙන් කර්ම දෙකම සමානයි. නමුත් එම පුද්ගලයා පිළිමය ආත්ම වශයෙන් ගත් නිසා තමයි එය කඩා දැමීම පවක් වුයේ. එය පිළිමයක් බව නොදන්නා කෙනෙක් එය කඩා දැමුවේනම් ඔහුට කිසිම පාපයක් සිදු වන්නේ නෑ.
No comments:
Post a Comment