Saturday, September 22, 2012

ඉල්ලං කෑම 

ඒ කාලේ මං කියෙව්වේ ඒ කාලේ පවුලක ස්වාමියා කොරන වැඩයි භාර්යාව කොරන වැඩයි කියලා තිවුනනෙව. පුරුසයා ඉතිං කොලේ හරි හම්බු කොරගෙන ඇවිල්ලා අඹු දරුවන් රකින එකයි නෙව. භාරිය ඉතින් ගෙදර දොරේ වැඩපලක් කොරාපිනාගෙන දරුවන්ට කන්ට බොන්ට ටික සකස් කොල එක නෙව කොලේ. සැමියා කන්ට බොන්ට කැමති දෙයක් හදා දෙනකොට සැමියා තෑගිබෝග මං කියෙව්වේ ආබරණ රෙදිපිලි වගේ ගෙනත් දෙනව නෙව.
හැබැයි ඕං මේ අල්ලපනල්ලේ කොහෙන්ද මන්දා පාත්වෙච්චි කාන්තා විමුක්තියක් ඇවිත් අපේ ගැනුන්ගේ ඔළුවලට විස දමාපිනාලා අන්තිමට මක්කෙයි උනේ. පිරිමි කොරන වැඩ ගැනුන්ටත් කොල හැකිය ඒ නිසා අපිටත් සම තැන ඕනැන්නේය කියාපිනාලා අපේ වැඩ අපිට තනියෙන් කොර ගන්ට කියාපිනාලා හම්බුකොරන්න පටන්ගත්තා නෙව. ඒ මදිවට අපිට පිරිමින්ගේ ආරක්සාවක් ඔනැන්නේ නැතේය කියාපිනාලා උන්ගේ හයිය පෙන්නන්ට යුද්ධ වැඩ කොරන්නයි කාය සක්තිය පෙන්නන්ට පටන් ගත්තනෙව. අන්තිමට මක්කෙයි උනේ.
පිරිමි උන් ගියාද දරුවො හදන්නයි කුස්සියෙ වැඩ කොරන්නයි. නෑ නෙව. බොලාට පිරිමි කොරන වැඩ කරන්ට ඕනැනම් හම්බු කරලා දරුවොත් හදලා කුස්සියෙ වැඩත් කොරාපිය කියාපිනාලා උන්ටම කියාලා හම්බුකොරාගෙන හිටියා මිසක්කා. අන්තිමට විමුක්තිය හොයන්ට ගොහින් ගෑනුන්ට උනේ ඔක්කොම වැඩ තනියෙන් කොරන්ටයි.
ඇත්තටම බොලාට කියන්න ගැනුන්ටයි පිරිමින්ටයි මොන සම තැනක්ද? මොකෑ එහෙමයි කියාලා පිරිමින්ට ලමයි වදන්ට පුළුවනෑ. තමන්ට අදාල වැඩේ කොරාපිනාගෙන හිටියනං අහවරයිනෙව


ප.ලි.-  දැන්නං ඕං සමහර තැන් තියෙනවා හැම වැඩක්ම දෙන්නම කොරන පවුලුත්. ඒත් හැබැයි ඒකෙනුත් වෙන්නේ ගොඩාක් වෙලාවට දෙන්නම මමයි ලොක්කා කියලා හිතන එක.

2 comments:

  1. මිනිස්සු වුණාම කව්රුත් එක සමානයි තමා... ඒත් ඉතින් ගෑනු උදවිය කරන හැම දේම පිරිමි අපිට කරන්න බෑ වගේම පිරිමි කරන හැම දේම ගෑනු අයට කරන්ටත් බෑ... ඉතින් ඒ විවිධත්වය ලස්සනයි...

    ReplyDelete