Sunday, November 25, 2012

ඔබ මගේද?

කෙලෙස කියන්නද මම ඔබගෙයි සැමදා
 මම මටවත් නැති ලොව අනියත හින්දා
 සිතුවත් ඉන්නට ඔබ මගෙ ලග රන්දා
 නුඹ රැක ගන්නට මට හැකිවෙද මන්දා

 පිපෙනා මල හවසට පරවෙනවා
 නැගෙනා සද උදයට බැස යනවා
 ගලනා ගග මුහුදට එක් වෙනවා
 කෙලෙසක මා එය වලකාලනවා

 මරුවා හෙට මා හමුවට ඒදෝ
කැදවා ඔහු ඔබ අරගෙන යාදෝ
 සොදවා මගෙ සිත අවනතවේදෝ
අනියත ලොව කෙලෙසක රැකගමිදෝ

2 comments:

  1. අනියත ලොවේ හැම දේම අනියතයිනේ බුදුදහමට අනුව..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. ඒකනේ රතියෝ,
    පෙමින් අන්ධව ඔබ කියන අයුරින්
    කෙලෙස කියන්නද මම ඔබගෙයි සැමදා.

    ස්තූතියි කොමෙන්ටුවට
    ඔබටත් නිවන් සුව ලැබේවා !

    ReplyDelete