මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Wednesday, May 29, 2013
57 සතිය
ඔබට සතුටු විය යුත්තේ කැමති දේ කිරීමෙන් නොව, කල යුතු දේට කැමති වීමෙනි.
Saturday, May 25, 2013
අවසන් මොහොත
ගොක් කොල රෑන් පෙනෙනා විට | රෑ සීනේ |
සිත සැනසෙන්න කිසිවක් සිහි | කෙරුවානේ |
අවසන් හුස්ම වැටෙනා විට | සිරි යහනේ |
මට සිහි වුනේ මා කල පින | දී දානේ |
දහසින් පියළි දී ගත් ඉඩ කඩම් | ගැන |
නෑදෑ හිත මිතුරු සහචර යෝ ද | ගැන |
රතු තරු ලකුණු ඇති කඩදහි කෑලි | ගැන |
සිතුවත් අනේ නෑ මට ඉන් වැඩක් | උන |
යදිමින් හිගා තැන තැන ඔහෙ ඇවිද | යන |
යාචකයකුට දුන්නා රුපියලක් | ගෙන |
මතකෙට ආව ඒ දානය හිතට | ගෙන |
සැනසුම් සුසුම් හෙලුවෙමි හිත පහද | ගෙන |
Saturday, May 18, 2013
56 සතිය
අපි තරහ පෙන්විය යුතු අවස්ථා පැමිණේ නමුත් තරහ ගත යුතු අවස්ථා නැත.
Sunday, May 12, 2013
පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 7
අම්මෝ ඈට උගන්වනව කියන්නෙ මාළුවෙක්ට ඇවිදින්න උගන්නනව වගේ. මං කිව්වා ඔක්කොම අකව්න්ට්ස් පොත් ටික අරන් එන්න කියල බලන්න. ඔන්න ඉතින් උඩට ගිහින් විනාඩි විස්සක් විතර ඉදලා ගෙනාවා පොත් ගොඩක්. ඔක්කෝම ටියුෂන් පන්ති වලින් දීපු පොත්. අලුත්ම ඒවා, අල්ලලවත් නෑ. මං ඒකෙන්ම හිතාගත්තා කෙල්ලගෙ තරම.
ඈත් මගේ වයසමයි. ගියපාර විශයයන් හතරම අසමත්. සම වයසෙ නිසා මං කියන දේවල් වැඩිය ගනන්ගත්තෙ නෑ. උගන්නන්න පටන් ගත්ත වෙලේ ඉදන් වොශ්රූම් එකට ගිහින් එන්නම්, වතුර ටිකක් බීලා එන්නම් කිය කියම යනවා. මං කිව්වා “මේ මිස් මට ඔය විදියට නම් උගන්නන්න බෑ. පොඩ්ඩක් උනන්දුවෙලා මං කියනදේ හොදට අහං ඉන්න කියලා“ ඒ පාර ඒකි කියනවා “ඔහේට උගන්නන්න බැරිනම් මං ඩඩාට කියල වෙන කෙනෙක් හොයා ගන්නම්“ කියලා. අතට ගත්තු එක කටට දාගන්නැතුව වෙන මොනවා කරන්නද කියලා මාත් කාගෙනම හිටියා.
ටික දවසක් ඔය විදියට කරගෙන යනකොට මේකිට වෙන පිස්සුවක් හැදීගෙන ආවා. ඔන්න හිටපු ගමන් මං උගන්නන දිහා ඔහේ බලං ඉන්නවා, කිසිම දෙයක් ඔලුවට ගන්නෙ නෑ. දවසක් මං ඇහැව්වා කොහෙද බලං ඉන්නෙ මං කියන ඒවා තේරෙන්නැද්ද මිස්“ කියලා. “තෙරෙනවා. තෙරෙනවා..... මට මෙ ගාන ආයෙ කියල දෙන්න බැරිද හලෝ අර අන්තිමට කියපු ටික තේරුනෙ නෑ“ කියලා ආයෙ ඒකම ඒකම අහනවා. මං ඉතින් බිංදුවෙ ඉදලා කියලා දෙනවා.
මාසයක් විතර කරනකොට කොහොම හරි ඕනෑම ගණුදෙනුවක් කිව්වම හර බැර හරියට කියාගන්නයි, මොන එකව්න්ට් එකටද එන්නෙ කියන්නයි පුළුවන් ගානට ගොඩ ගත්තා. දොණියැන්දගෙ දියුණුව දැකලා මුදලාලි මහත්තයටත් හරි හැපි. මිනිහා මට කියනවා “අයිසෙ තමුසෙ මෙයාව පාස් කරල දුන්නොත් තමුසෙට ඕන දෙයක් මං දෙනවා“ කියලා. මං කිව්වා අනේ සර් අකව්න්ට්ස් වලට නම් කොහොම හරි සම්මාන සාමාර්ථයක් අරන් දෙන්න පුළුවනි, අනෙක් ඒවාට මොනවා කොර ගනීද දන්නෑ“ කියලා. ඒ පාර මිනිහා කියනවා “මොකක්ද අයිසෙ තමුසෙ අනිත් ඒවත් ටික ටිකවත් කියල දෙනවකෝ, එයාට අකව්න්ට්ස් අමාරයි කියපු හින්දයි මං ඔහේට ඒක උගන්නන්න කිව්වේ. අනිත් ඒවා ෆේල් වෙලා එකක් පාස් වෙලා මොන උලව්වකටද?“
මං ඉතින් මොනා කරන්නද හාං කියලා නිකන් හිටියා. හැබැයි මොනව උනත් මහත්තයා මට මාර ආදරෙයි.
මොකද, ආයෙ සතියකට විතරපස්සෙ මාර වැඩක් උනා. මිනිහා මාත් එක්ක ගියා ගෙදරකට මොකක්ද වැඩක් බලන්න. මිනිහා ඉතින් පොඩි පොඩි වැඩ කරන ගමේ බාස් කෙනෙක් නෙවේනේ. ලොකු කොන්ත්‍රාත් වලට තමා කෙලින්ම අත ගහන්නේ. ඒක තනිතට්ටුවේ කඩයක් කඩලා තට්ටු පහක ලොකු බිල්ඩිමක් ගහන වැඩක්. ඉතින් මිනිහයි මායි ගියා ඒක බලන්න. ඒ කඩේ අයිති මහත්තයා ෆොරින් බිස්නස් කරන බිස්නස් කාරයෙක්, ඉංග්‍රීසියෙන් තමා වැඩ. ඒ දවස්වල මට ඉංග්‍රීසිත් බෑ. ඔය වචනයක් දෙකක් තේරුනාට එහෙමටම ඉංග්‍රීසි දන්න එකක්යෑ. මාත් ඉතින් ඒ ගොල්ලො කතා කරන දිහා බලන් හිටියා. මෙන්න බොලේ එකපාරටම මුදලාලි මගේ පැත්තට හැරිලා “වට් ඩූ යූ තින්ක් අරනවින්ද?“ කියලා ඇහැව්වා. මං එකපාරටම රත්වෙලා ගියා. මොන උලව්වක්ද මං කොහොමද දන්නෙ, මාත් ඉතින් හිනාවක් දාලා “ආ....යස් සර් යස් සර් කිව්වා“ මිනිහට බකස් ගාලා හිනා ගියා. අර යකාටත් වැඩේ තේරුනාද කොහෙද බොහොම අමාරුවෙන් බිම බලාගෙන කට උල් කරගෙන හිටියා.
පස්සෙ කොහොම හරි වැඩේ ඉවර වෙලා කාර් එකේ එන ගමන් මහත්තයා මගෙන් අහනවා “ඈ ඕයි මං හිතුවෙ තමුසෙට ඉංග්‍රීසී ටිකක් හරි පුළුවන්ය කියලා. තමුසෙ කිව්ව නේද ලොකු මහත්තයෙක් වෙන්න හිතාගෙනයි කොළඹ ආවේ කියලා.“
ඔව් සර් ඒකනම් එහෙම තමයි. මට ඉංග්‍රීසි ටිකක් පුළුවන්. සර් එකපාරටම අරම ඇහුවම මං බයවුනා ඒකයි“ කියලා මං ශේප්එකක් දැම්මා. ඊට පස්සෙ සර් කියනවා
“එහෙම නෙමෙයි අයිසෙ මං කියන්නම් තමුසෙට වැඩක්. ඔහොමනම් පුතෝ මේ කපේදි ගොඩ යන්න බෑ“
Next chapter - http://asanka-mind.blogspot.com/2013/06/8.html

Friday, May 10, 2013
55 සතිය
පොඩිඋන්ට ලොවෙත් ප්‍රශ්ණ ඇත්තේ කුතුහලය නිසාය. වැඩිහිටින්ට නම් වගකීම් නිසාය.
Monday, May 6, 2013
11 ලිපිය - සතුට 7
අතීතයත් අනාගතයත් අත්හැරීමෙන් අපට සතුටින් සිටිය හැකිද?. පසුගිය ලිපිවල දී අතීතයත් අනාගතයත් අතහැරීමේ අගය ගැන පැහැදිලි කලා එමගින් අපිට 90% විතර දුක නැති කරගන්න පුලුවන්. එහිදි මා සදහන් කලා වර්තමානයේ කලයුතු වැඩ කරන්න අතීතයත් අනාගතයත් ගැන සිතමින් ඉදීමෙන් පලක් නෑ කියලා. නමුත් අපි එදිනෙදා වැඩකටයුතු කරද්දි උනත් අපිට දුක වේදනාව ඇතිවෙනවා. ඒකට හේතුව තමයි අපි වර්තමායට ඇලීම. අපි දැන් කරන වැඩේ ගැන උනත් හිතන්න පටන් ගන්නවා. ඊට පස්සෙ නොයෙක් විදියෙ සිතුවිලි ඇවිත් අපිට දුක, තරහව ඇතිකරනවා.
උදාහරණයක් ලෙස හිතන්න අපි බර වැඩක යෙදී සිටිනවා කියලා. අපේ හිතේ අතීතය ගැනවත් අනාගතය ගැනවත් කිසිම අදහසක් නෑ. නමුත් අපේ පංචේන්ද්‍රියන් වැඩ. අපිට අතේ පයේ වේදනා ඇති වෙනවා. එහෙම වේදනාවක් ආපු ගමන් අපි සිතන්න පටන්ගන්නවා. “මොන කරුමයක් ද මන්දා, කිසිම නිදහසක් නෑ, වැඩ වැඩ ඉවරයක් නෑ. මීට හොදා හිඟා කෑවනම්. ..........." මේ වගේ සිතුවිලි එනවිට අපිට කරමින් සිටින වැඩේ එපා වෙනවා විතරක් නෙවේ, තරහව, ඉරිසියාව, තණ්හාව වගේ අකුසල් සිතුවිලි ද පහල වෙනවා. ඒ නිසා අපි වර්තමානයද අත්හැරිය යුතුයි. අපි කොහොමද වර්තමානය අත්හරින්නේ?
අපි සිතන එක නතර කලයුතුයි. ඒ කොහොමද ඒ?. අපිට නොසිත ඉන්න බෑනේ. මොනවම හරි සිතුවිල්ලක් හැම වෙලේම හිතේ තියෙනවනෙ. ඇත්ත අපිට හිතෙන්නෙ එහෙම තමයි. නමුත් මෙහි හිතන එක නතර කරනවා කියන්නෙ අඩුම තරමින් කරන වැඩේ ස්භාවයේ දිග පලළ ගැන හිතන එකවත් නවත්තන එක. මොකද ඇත්තටම අපිට හොද පුහුණුවක් ඇත්නම් නොසිත ඉන්න පුලුවන් නිසා (සමථ භාවනාව හොදින් වඩන්නෙකුට සිතිවිලි නතර කල හැක). නමුත් එතකොට වැඩ කරන්න බෑනේ. ඒක නිසා වැඩ කරන වෙලාවට කරන ක්‍රියාව කල්පනාවෙන් කරන්න. ඊට අදාල වෙනත් දේවල් ගැන හිතන්න යන්න එපා.
අපි උදාහරණයක් අරගනිමු. ඔබ උදේ පාන්දර ඇහැරුණාම කල කිරෙනවද? “මොන වදයක්ද නිදිමතේ බෑ“ කියමින් ඈණූම් යවනවද?. පුටුව උඩම නින්ද යනවද?. නමුත් බලන්න විනෝද චාරිකාවක් යන්න උදේම නැගිට්ටාම කිසිම නිදිමතක් ඇගේ අමාරුවක් නෑ. එහෙම වෙන්නෙත් අපි හිතන විදිය නිසයි. වර්තමානයේ අපි කරනවැඩේ ගැන අපි හිතන විදිය අනුව දුක සතුට වෙනස්වෙන්නෙ එහෙමයි.
ඔබ පන්තියේ ගුරුවරයා කියන දේ අහන් ඉන්න විට ඔබට නොදැනිම වගේ ගුරුවරයා කියූ වචනයක් ඔස්සෙ සිත ඈතට ඈතට ගමන් කරනවා අත්විද ඇති. එවිට කරමින් සිටි වැඩය අමතක වී ගොස් මොහොතකින් නැවත පියවි සිහියට එනවිට ගුරුවරයා කියූ බොහෝ දේ ඔබට මඟහැරීත් ඇති. එතනදි සිදුවුනෙත් වර්තමානයෙ ඇසුනු වචනයකට ඇලීම නිසා සිත ඒ වෙත ඇදී යාමයි. මේ විදියට තමා වර්තමානයේ කරන ක්‍රියාව නිසා සිතට එන අරමුණු වලට ඇලීම නිසා අපි දුකට වේදනාවට පත් වෙන්නේ. මේ නිසා තමයි වර්තමානය අප අත් හැරිය යුත්තේ.
ඒ සදහා මේ මොහොතේ සිත ගැන කල්පනාවෙන් සිටිය යුතුය. තමාගේ සිතේ මේ මොහොතේ ඇත්තේ කුමන සිතුවිල්ලක්ද? යහපත් එකක්ද අයහපත් එකක්ද යන්න කල්පනාවෙන් සිට අයහපත් සිතුවිලි ආ වහාම එය අත්හැර යහපත් සිතුවිල්ලක් ඇති කරගත යුතුයි. එවිට අපිට හැම මොහොතම සතුටින් සිටිය හැකි.
ඉහත සදහන් කල පරිදි අතීතයටත් අනාගතයටත් වර්තමානයටත් නොඇලී සිටීම හුදකලා වී සිටීම කියලත් කියනවා. මෙය ක්‍රමයෙන් පුහුණු කල යුතුයි. ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව හෝ වෙනත් ඕනෑම සමථ භාවනාවක් තුලින් තමාගේ සිත පිලිබද කල්පනාව හෙවත් යෝනිසෝ මනසිකාරය වැඩීම කරගන්න පුලුවන්. එවිට සිතට දුක, වේදනාව, තරහව, ඊරිසියාව, දැඩි ආශාව වැනි අකුසල සිතුවිලි එන එක වලක්වා ගැනීමට පුලුවන් වෙනවා.
මෙයින් සතුටින් සිටීමේ දෙවැනි ක්රමයේ පළමු කොටස අවසන් වන අතර ඊලඟ ලිපියෙන් අවසන් ක්‍රමය හෙවත් තණ්හාව නැති කිරීම ගැන සොයා බලමු.

Thursday, May 2, 2013
54 සතිය
ආදරය එක් අයකුට සීමා නොවන අතර එක් අයකුට සීමා වන්නේ ආදරය නිසා ද නොවේ.
Subscribe to:
Posts (Atom)