Saturday, May 25, 2013

අවසන් මොහොත

ගොක් කොල රෑන් පෙනෙනා විටරෑ සීනේ
සිත සැනසෙන්න කිසිවක් සිහි කෙරුවානේ
අවසන් හුස්ම වැටෙනා  විට   සිරි   යහනේ
මට  සිහි  වුනේ  මා  කල  පින දී   දානේ
දහසින් පියළි දී ගත් ඉඩ කඩම්      ගැන
නෑදෑ හිත මිතුරු සහචර යෝ ද    ගැන
රතු තරු ලකුණු ඇති කඩදහි කෑලිගැන
සිතුවත් අනේ නෑ මට ඉන් වැඩක්   උන
යදිමින් හිගා තැන තැන ඔහෙ ඇවිද   යන
යාචකයකුට දුන්නා රුපියලක්        ගෙන
මතකෙට ආව ඒ දානය හිතට         ගෙන
සැනසුම් සුසුම් හෙලුවෙමි හිත පහද ගෙන

2 comments:

  1. අවසන කාටත් මතකෙට එන්නේ තළ හොද දෙයක් තමා ඉතින්. ලස්සනට පද ගලපලා තියනවා..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවනම් හොඳා තමා

      එත් එහෙම වෙන්නෑ මහත්තයෝ. බොහොම කලාතුරකින් කෙනෙක්ට තමා කළ හොද දෙයක් මතකෙට එන්නේ.

      ස්තූති වර්‍ණනාවට !

      Delete