අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සතුටින් සිටීමේ අවසාන ක්‍රමයේ අවසාන කොටසයි. ඒ තමයි අත්හැරීමේ දෙවැනි ක්‍රමය:
පරම අර්ථය තුලින් අත්හැරීම
මොකක්ද මේ පරම අර්ථය තුලින් අත්හරිනවා කියන්නෙ? එයින් මා අදහස් කරන්නේ ලෝකයේ පරම සත්‍ය හදුනාගැනීම තුලින් ආසාවන් අත් හැරීමයි. ගිය ලිපියෙන් අපි සාකච්ඡාකලේ අපිට පෙනෙන දැනෙන ලෝකයේ ඇති අසුබ පිළිකුල් ස්භාවය මෙනෙහි කරමින් ආසාවන් අත්හරින ආකාරයයි.
නමුත් මෙම ක්‍රමය ලෝකයේ යතාර්ථය නැතිනම් ලෝකයේ සංයුතිය හා පැවැත්ම පිළිබද පරම සත්‍ය මෙනෙහි කිරීම තුලින් ආසාවන් අත් හැරීමයි. ඒ සදහා අප මුලින්ම යතා ස්භාවය දැනගතයුතුයි. මා පළමු ලිපි තුලින් ලොකයේ සංයුතිය හා පැවැත්ම පිළිබද සාකච්ඡා කර ඇත.
අපිට යම් දෙයක් පිළිබද දුකක්, වේදනාවක්, තරහවක් ඇතිවන්නේ ඒ පිළිබද අපතුල යම් බලාපොරෝත්තුවක් ආසාවක් ඇති නිසයි. අපි යතාර්ථය දන්නේ නම් අපිට කල්පනා කරන්න පුලුවන් අපි මේ ඇලෙන හෝ ගැටෙන දෙය ආපෝ,තේජෝ, වායෝ, පඨවි හා විඥ්‍යාන කියන මූලික ධාතුවලින් සෑදුනු කිසිවකුගේ පාලනයකින් තොර හේතු නිසා හටගත් හේතුන්ගේ අස්ථිර බව නිසාම සෑම විටම වෙනස්වන ස්භාවයක් පමණක් බව. එවිට අපේ හිතේ ඇතිවුනු ඇලීම හෝ ගැටීම නැතිවෙලා යනවා.
මේ මොන මෝඩ වැඩක්ද මගේ හිතින් මං ඇලිලා ඉන්නේ හේතු නිසා වෙනස්වෙමින් යන ධාතු ගොඩකට නේද කියලා අපි කල්පනා කරනකොට අපට ක්‍රමයෙන් ආසාවන් අඩුකරගන්න හැකියාව ලැබෙනවා.
සාමාන්‍ය ජීවිතයේ දී අපිට අත්විදින්න වන බොහෝ සංවේදී දේවල් වලදී මෙම ක්‍රමයතුලින් සිත හදාගන්න අපිට පුලුවන්. ඒ වාගේම අප මෙම ලෝකය දෙස යතාර්ථවාදී ව කල්පනා කිරීම තැම්පත් වූ ශාන්ත සිතකින් කරන්න පුළුවන්නම් එය නිවන් දැකීමටද හේතු වෙනවා. මන්ද එවිට යතාර්ථය අවබෝධ වන බැවිනි.
මෙතැනින් සතුටින් සිටීමේ ක්‍රමයන් විශේෂයෙන් මා ප්‍රායෝගිකව භාවිතාකර ප්‍රතිඵල ලබා ඇති ක්‍රමයන් අවසන් වෙනවා. මේ ලිපි පෙලෙහි සාරාංශයක් ඊ ළඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඔබට නිවන් සුව ලැබේවා!
No comments:
Post a Comment