Sunday, June 9, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 8

මොකක්ද දන්නවද මුදලාලී මහත්තයගෙ යෝජනාව, මිනිහා කියනවා “අයිසෙ තමුසෙ යනවා අනූෂා යන ඉංග්‍රීසි ක්ලාස් එකට, ඩොන්ට් වොරි අබවුට් ක්ලාස් පීස්, සල්ලි ගැන මං බලාගන්නම්, ඒක අනූෂටත් හොදයි.
දෙන්නත් එක්ක වැඩ කරනකොට එයත් හැදේවී. “

ඊළඟ දවසේ හවස මහත්තයා අනූෂට මේ ගැන කිව්වා. “ අනූෂා හෙට ඉදන් අරවින්දත් එනවා ඔයාගෙ ටියුෂන් එකට. එයාටත් ඕන කරන පොත් පෑන් දෙන්න. ඕකේ. “ ඒක ඇහුවම ගෑනිගේ මූණ ඇඹුල්වෙලා ගියා මං දැක්කා. තාත්තා යනකන් ඉදලා ඒකී මට කියනවා “ආවට කමක් නෑ ඩැඩීගේ කන්ට්‍රැක්ට් බාර ගන්නව නෙවෙයි“. මොන කන්ට්‍රැක්ද මිස් කියලා මං ඇහුවම “හරි බලමුකෝ“ කියලා ගසාගෙන යන්න ගියා.

පහු වෙනිදා අනූෂා එක්ක මාත් ක්ලාස් යන්න සෙට් වුනා. කොහොමත් මං එයාව ඩ්‍රොප් කරන්න යනවනේ. වෙනදට එයාව ඩ්‍රොප් කරගෙන මං සයිට් එකට යනවා. අද වාහනේ පාර්ක් එකට දාලා දෙන්නත් එක්කම පන්තියට යනකොට ඉස්සරහට ආවා ජෝඩුවක්. “ආ අද ඩ්‍රයිවරුත් පන්ති ඇවිල්ලා වගේ“ කියලා එතනට ආපු කෙල්ල අනුෂගෙ අතින් ඇදල ලඟට ගත්තා. මට ඉතින් පොළව පලන් යන්න තරම්. “නෑ එයා අපේ ගෙදර නැවතිල ඉන්න කෙනෙක්. වෙනදට වැඩට යනගමන් මාව ඩ්‍රොප් කරගෙන යනවා. ඩඩා කිව්වා එයාවත් එක්ක යන්න කියලා“ කියලා අනූෂා මගේ නම්බුව බේර ගත්තා හොද වෙලාවට.
එතනට ආපු අනෙක් හාදයා ටිකක් කොට පොරක්. මිනිහගෙ නම බ(ර්)ටි. ඒ වුනාට බර්ටි, බෙටී, බට්ටා වගේ එක එක වෙලාවට එක එක නම් වලින් තමයි කතා කරන්නෙ.

මිනිහා ටිකක් විහිලු කාරයා. එක පාරටම අනූෂයි ධම්මී කතා කර කර ඉන්න මැද්ට පැනලා “ අන්න ඉනෝකා කිව්වා අද එයාටත් එක්ක ටියුට් ගන්න උඹට කියන්න කියලා සම්ජා.. “ කියලා අනුෂට ඇඟිල්ලක් උලුක් කරා. "තමුසෙට කොහෙන් ද එයාව මීට් වුනේ“ කියලා ධම්මී ඇහුවා. “ඇයි අනේ අපි හැන්දෑවට ප්ලේ කරන්න යන්නේ ඒකිගෙ ගේ ගාවින්නේ. ඔන්න ඊයෙත් අපි මැච් ගහන්න යනකොට මෙන්න ඉනෝකා ඉන්නවා මධුරි දිස්ටිය වගේ සදලු තලේ බලාගෙන. මාව දැක්ක විතරයි අතක් වනලා හයියෙන් කෑ ගහලා මට අඩගහනවා. ඒයී... බර්ටී, ඒයී.. බර්ටී දේකෝනා. මේහු නහී කම් ටුමාරොන්ගේ, ටියුට් ගන්න අනූෂාට බෝලෝනා.. සම්ජා කියලා කිව්වා. ඉතින් ඒක මං ඔන්න දැනුම් දුන්නා සම්ජා...“ කියලා මිනිහා ඇක්ටින් පාරකුත් දැම්මා

එතකොටම එතෙන්ට ආපූ කොල්ලෙක් “ අනේ පල පල ඩෝ. තෝයී මායී දන්න හින්දි“ කියලා බර්ටියට පල් එකක් දැම්මා. දාලා අනූෂා දිහා බලලා මං දිහාත් බලලා කවුද මූ කියලා අහන්නා වගේ ඇහි බැම අකුලලා ආයේ අනූෂා දිහා බලලා මූන උලුක් කලා.

“ඇයි බබා මං ඔයාට කිව්වේ.. අර අපේ ගෙදර නැවතිලා මට අකවුන්ට්ස් උගන්නනවා කියලා. එයා තමා මේ අරවින්ද“ කියලා අනූෂා කිව්වම ඒ යකා මට අත දික් කරලා “ හලෝ අයිම් ඉවෝන්“ කියලා කිව්වා. මාත් ඉතින් අතට අත දීලා මුදලාලි මහත්තයා කරන්න වගේ “නයිට් සූ මීට් ටූ“ කියලා කිව්වා. ඒ පාර මිනිහට බකස් ගාලා හිනා ගියා. ආයෙ ඔලොක්කුවට වගේ හිනා වේගෙන අනුෂෘ දිහා හැරිලා “වටර් රූස්ටික් ගයි“ කියලා හෙමීට කියලා ඈගේ කරට උඩින් අතක් දා ගත්තා.   

Next chapter - http://asanka-mind.blogspot.com/2013/06/9.html

2 comments:

  1. දුප්පත්කමත් වලිගය නැති ගොනා වගේ නේද අසංක...සරළ කෙටි කතාවක් ලස්සන...දිගටම ලියන්න ...සුබ පතුම්...

    ReplyDelete
    Replies
    1. මේක තාත්තා යුනිවර්සිටි හිටපු කාලේ ලියපු කතාවක්. මට එකේ වස්තු බීජය විතරයි මතක. මං ලස්සනට කතා ලියන්න දන්නෙ නම් නෑ.

      දුප්පත්කමත් වලිගය නැති ගොනා වගේ තමා . හැබැයි මේක සරළ කෙටි කතාවක් නම් නෙවේ නව කතාවක්. හේ හේ...... :D

      ස්තූතියි කොමෙන්ට් කොලාට

      Delete