Wednesday, June 26, 2013

තාරුකා

රාත්‍රීයේ පිපෙන්නේ තාරුකා
නුඹෙ නෙත් විලේ දිලෙන්නෙ තාරුකා
මා දිහා බලන්න - ලංවෙලා හිදින්න
ආදරෙයි කියන්න තාරුකා

තාරුකා තාරුකා මා ඔබේ කියන්න තාරුකා //

මාහදේ ආදරේ-සේ රැදේ සාගරේ
මා ලගින් හිදින්න - ආදරෙන් බලන්න
ලංවෙලා කියන්න තාරුකා
තාරුකා තාරුකා මා ඔබේ කියන්න තාරුකා

රාත්‍රියේ පිපෙන්නෙ....../

ජීවිතේ යාවුනේ-මීවිතේ සේ දැනේ
මේ වගේ හිදින්න - වෙන්වෙලා නොයන්න
මංමුලා නොවන්න තාරුකා
තාරුකා තාරුකා මා ඔබේ කියන්න තාරුකා

රාත්‍රීයේ පිපෙන්නෙ....//

2 comments:

  1. තාරුකා තාරුකා එන්න අනේ තාරුකා

    ReplyDelete
    Replies
    1. කිව්වට අහන්නෑ නේ, උඩටම වෙලා ඉන්නනව මිසක් :(

      Delete