Friday, July 26, 2013

වරදක් නැති වරද

මලදෝ....... වන බඹරින්දෝ ලොව රැවටී ඉන්නේ
කවුදෝ....... එය පහදා දෙන්නේ

එක මලකින් මකරන්ද උරා බොන
වන බඹරුන් කොයි දේසෙද උන්නේ
කුසුමට ලංවී එහෙ මෙහෙ ඉගෙලෙන
එක බඹරාටද මල් පැණි දෙන්නේ

මලදෝ......./

මගෙ උරහිස මත හිස සතපා උන්
කුමරිය අද තවකෙකු සනහන්නේ
මිලිනව මියයන දහසක් කුසුමන්
දැක දැක ඇයිදෝ හද ලතැවෙන්නේ

මලදෝ......./


2 comments:

  1. මල් එහෙම තමා බං ඕව ගැන ඒ තරම් හිතන්නත් එපා. නිර්මාණය අගෙයි.

    ReplyDelete
    Replies
    1. හේ හේ ඇයි බඹරු එහෙම නැද්ද?

      Delete