Sunday, October 13, 2013

13 ලිපිය - පටිච්ච සමුප්පාදය

බුදු  දහමේ එන “පටිච්ච සමුප්පාදය“ එහි හරය ලෙසද සමහර තැන්වල දැක්වෙන අතර යමෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමෙන් සෝවාන් වන බවත් දැක්වෙනවා. ඒ අනුව බලන කල පටිච්ච සමුප්පාදය යනු ඉතා ගැඹුරු ධර්මයකි. එබැවින් මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන කරුණු 100% ක් නිවැරදි දැයි මා නොදනිමි. මෙහිදි මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මා අසා ඇති පරිදි හා මා විසින් තර්කානූකූලව දැනගත් කරුණු පමණි. මෙහි සමහර කරුණු මා ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන ඇති අතර ඒවා ඒ ඒ තැන්හී දී ඉදිරිපත් කරමි.

මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ නිතරම මා සැක කොට ඒ සැක දුරු කර ගන්නා ලෙසය. ඒ සදහා මා ඉදිරිපත් කරන කරුණු විවේචනය කිරීමේ පූර්ණ අයිතිය ලබා දෙන අතර එම විවේචනයන් ද්වෙශයෙන් හෝ රාගයෙන් හෝ නොකරන ලෙසද ඉල්ලා සිටිමි.

පළමුව පටිච්ච සමුප්පාදය කවුරුත් දන්නා පරිදි ඉදිරිපත් කර පසුව එක් එක් කාරණා ගැඹුරින් සලකා බලමු.
 සංස්කාර ඇතිවීමට අවිද්‍යාව ද හේතු වේ.
විඥානය ඇතිවීමට සංස්කාර ද හේතු වේ.
නාම රූප ඇතිවීමට විඥානය ද හේතු වේ.
සලායතන ඇතිවීමට නාම රූප ද හේතු වේ.
ඵස්ස ඇතිවීමට සලායතන ද හේතු වේ.
වේදනා ඇතිවිමට ඵස්ස ද හේතු වේ.
තණ්හාව ඇතිවීමට වේදනා ද හේතු වේ.
උපාදාන ඇතිවීමට තණ්හාව ද හේතු වේ.
භව ඇතිවීමට උපාදාන ද හේතු වේ.
ජාති ඇතිවීමට භවය ද හේතු වේ.
ජරා මරණ ඇතිවීමට ජාතී ද හේතු වේ.

මෙහි මා සාමාන්‍ය ක්‍රමයට ටිකක් වෙනස් විදියට එය ඉදිරිපත් කලේ ඒ ඒ ප්‍රතිඵල ලැබීමට ඇති එකම හේතුව එහි සදහන් දෙය නොවන බැවිනි. අපිට වැටහෙන සරළ උදාහරණයකින් කීවොත් ස්පර්ෂය ඇති වීමට සලායතන පමණක් නොව භාහිර රූපද විඥානය ද හේතු වන බැවිනි. ඒ අනුව එස්ස ඇතිවිමට විඥානය හේතු වේ කීවත් වරදක් නැත.

පටිච්ච සමුප්පාදය දැන ගැනීමට ඇති සුදුසුම ක්‍රමය ලෙස මා දකින්නේ මේ මොහොතේ සිදුවන දේ ගැන විමර්ශනාත්මකව බැලීමයි. ඔබත් මේ මොහොතේ සිදුවන යම් සිද්ධියක්, ඒ කියන්නේ භාහිර ලොකේ සිදුවන දෙයක් නොව තමා තුලම සිදුවන සිද්ධියක් ගැන අවබෝධයෙන් යුතුව බලා හිද ඒ ඒ අවස්ථාවේ වන දේ හේතු ඵල වශයෙන් දකින්න. උදාහරණයකින් කීවොත් ඔබ දැන් මෙම ලිපියේ අකුරු දැකීමේ සිට එහි අර්තය තේරුම් ගැනීම දක්වා වන දේ විග්‍රහ කර බලන්න.

ඊ ළඟ කොටසින් මා ඒ විග්‍රහ කරන විට ඔබේ විග්‍රහය ඊට වඩා වෙනස් විය හැක. එවිට ඔබ නිවැරදි යයි දැනුනොත් එය මට දන්වන්න. මන්ද මට අවශ්‍ය මා නිවැරදී කියන්න නොව මගේ මිත්‍යා විශ්වාසයන් බිද ගැනීමටයි.

ඔබට නිවන් සුව ලැබේවා !   

2 comments:

  1. වැදගත් ලිපියක්.රහසිගත නියමයන් හෝ දේව රහස් හෝ දේව නියමයන් බුද්ධ ධර්මයේ නැත.ධර්මය බැබලෙන්නේ එය සාකච්චා කිරීමෙන් පමණයි.එහෙත් එම සාකච්චාවන් ධර්මයට අවලාද නොකරන මට්ටමින් කල යුතුයි.එමෙන්ම ධර්මය වැරදි බව පෙන්නුම් කරන සැඟවුණු න්‍යාය පත්‍රයක් අනුව අදහස් පල නොකිරීමද කල යුතුයි.

    මට හැඟෙන අන්දමට පටිච්ච සමුප්පාදය හේතු ඵල ධර්මය අනුව විග්‍රහ වන විෂයයකි. එහි සරල තේරුම හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා යන්නයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කොමෙන්ටුවට !. මට ත් ඕන සාකච්චා කිරීමෙන් වැරදි මත නිවැරදි කර ගැනීමටයි. දිගටම මා සමග සිටමින් මා නිවැරදි තරාවියැයි මා බලාපොරොත්තු වෙනවා.

      Delete