උඹට කිව්වට
මොකද ඒක ලව් ලෙටර් එකක් නොවේ.
එයාගේ තාත්තවයි
මාවයි කම්පෙයාර් කරල එවපු
එකක්. මං
ළග ඉන්නකොට එයාට දැනනෙන්නේ
තාත්තා ලඟ ඉන්නවා වගේලූ,
තාත්තගේ
දාඩිය සුවඳ මං ගාවින් දැනෙනවලු.
එයා තාත්තට
ගොඩාරියක් ආදරේලූ. තාත්තා
නැති දවසක ඒ අඩුව පුරවන්න
පුළුවන් එකම කෙනා මං විතරයිලු.
ඔන්න ඔය වාගේ
විකාර තමා වැඩි හරියක් තිබුනේ.
කොහොම හරි
යන්තම් සනීප වේගෙන එනකොටම ඒ
ලියුම ලැබිච්ච එකෙන් උනේ ආයේ
හිත ඔද්දල් වෙන එක.
මං ඒ යොජනාව
ගැන සෑහෙන්න කල්පනා කලා.
එයා මොනා
කීවත් මචං මං අප්ප නැති අන්තිම
දුප්පත් කොයි වෙලේ ජොබ් එක
නැති වේද දන්නෙ නැති නිකමෙක්.
ඒ වගේ,
පෝසත් රටේ
සුප්‍රසිද්ධ බිස්නස් කාරයෙක්ගේ
දුව දෙයිද බං මට. මං
ඊළඟ සතියෙ පන්ති ගිහින් ලියුම
කියෙව්වෙ තියා දැක්කෙවත්
නැති ගානට උන්නා. ඒත්
වෙනදා වගේ එදා ඉනෝකාත් එක්ක
සැහැල්ලුවෙන් හිනා වෙලා කතා
කරන්න පුළුවන් කමක් තිබ්බෙ
නෑ.
එදා රෑ අනූෂා
ආවා මගේ කාමරේට. ඇවිත්
මගෙන් ඇහුවා "අරවින්දත්
එක්ක මට ටිකක් කතා කරන්න
පුළුවන්ද?" කියලා.
මං කිව්වා
"අපෝ
පුළුවන්, ඇයි
දැන් ඔය යසට කතාකලේ කියලා.
"විහිළු
නෙවේ මෝඩයෝ, මං
ආවේ ඉනෝකගෙන් බේරෙන්න බැරි
කමට, අර
ලියුමට උත්තරයක් ගන්න කියලා
ඒකිගෙන් එක වදයයි"
කියලා අනූෂා
ඇවිත් ලියන මෙසේ උඩ වාඩිඋනා.
ඒ පාර මං
ඇහුවා "ඇයි
අනූෂා ඔයා ඔච්චර මෝඩද,
තේරෙන්නැද්ද
ඉනෝකායි මායි අහසයි පොළවයි
වගේ කියලා. ඔච්චර
උඩ අතු අල්ලන්න ගිහින් අතපය
කඩාගන්න මට බෑ" කියලා.
ඒ පාර එකී
කියනවා "ඔයා
සල්ලි වලින්ද ආදරේ මනින්නෙ
අරවින්ද, මං
ඉනෝකා ගැන හොදට දන්නවා,
එයා අපි වගේ
නෙවේ හරිම හොද ළමයෙක්,
කවදාවත්
කොල්ලෙක් එක්ක රවුම් ගහලවත්
මං වගේ ක්ලබ් ගානේ ගිහින්වත්
නෑ. එයාලට
සල්ලි වලින් වැඩක් නෑ.
තියෙන සල්ලිවලට
කරන්න දෙයක් නැතුව එයාලගේ
ඩැඩි දන්සැල් දානවා.
එයාලට ඕනේ
ඔයා වගේ උගත් බුද්ධිමත් නිහතමානී
කෙනෙක් මිසක් තව සල්ලි කාරයෙක්
නෙවේ." කියලා.
මටම පුදුමයි
මේ අනූෂාමද කියලා. එයා
ඔය තරම් හැඟීමෙන් කතා කරනවා
මං කවදාවත් අහල නෑ. මට
කට උත්තරත් නෑ. අන්තිමට
මං කිව්වා "මේ
ගැන මං තව ටිකක් කල්පනා කරන්න
ඕන. ඔයා
මොනා කියැව්වත් ඉස්සෙල්ලම
ඒ දෙමව්පියන්ගේ අවසරය ගන්න
ඕන" කියලා.
ඒ පාර අනූෂා
"මේ
මොන මොඩයෙක් ද මන්දා,
කොයි ලොකෙද
දෙමව්පියන්ගෙන් අහලා ලව්
කරන්නේ. මෙයාව
නම් හදන්න බෑ" කියාගෙන
ගස්සගෙන ගියා.
ඊට පස්සෙ
සති දෙකක් විතර කිසි හැල
හොල්මනක් නැතිව ගෙවිලා ගියා.
ඔන්න එක දවසක්
ඉනෝකා ලස්සනම ලස්සන දම්පාට
ගවුමක් ඇදලා කොණ්ඩේ ලස්සනට
ගොතලා මල් කුමාරියක් වගේ පන්ති
ආවා. එයා
එදා අමුතු සතුටකින් උන්නේ.
අපි සෙට් එක
උන්නු තැනට ඇවිත් මා දිහා
හොරෙන් බලලා බිම බලාගෙන
තනියම හිනා වෙනවා. ටිකක්
වෙලා නිෂ්ශබ්දව ඉදලා එකපාරටම
"අරවින්ද"
කියලා හෙමිට
බිම බලාගෙනම කතා කලා. ඒක
කොච්චර ලයාන්විතව කිව්වද
කිව්වොත් හැමෝම තම තමන්ගෙ
කතා නවත්තලා ඉනෝකා දිහා බැලුවා.
Next chapter - http://asanka-mind.blogspot.com/2013/12/18.html
අප්පට සිරි... නොතේරෙන දෙයක් මේකේ තියේද කියලයි මම බැලුවේ
ReplyDeleteඇයි මීට කලින් ඒවායේ නොකේරෙන දෙයක් තිබුනයෑ ?
Delete