Monday, June 1, 2015

මගේ කතාව 2 - යතුරුපැදියේ මාරයා

 අපි කොළඹට සංක්‍රමණය වන විට අයියා උන්නේ හතර වසරේය. ඒ නිසා අයියාට යමක් කමක් තේරෙන බැවින් මාව බලා ගැනීමේ වගකීමෙන් කොටසක් අයියාට ද හිමි විය. පාසලේ දී අනෙක් ළමුන්ගෙන් සිදුවන අඩන් තේට්ටන් වල දී ද වෙනත් අකරතැබ්බ වලදී ද මා වෙනුවෙන් අයියා ඉදිරිපත් විය. කවුරුන් හෝ මට තරවටු කලහොත් අයියාගේ පවර් ගෙන මම ද ඔවුන්ට ප්‍රති වාග් ප්‍රහාර එල්ල කරයි.

මෙසේ කාලය යද්දී සිදුවූ එක් සිදුවීමක් මට මතකය. මම එතරම් කාර්යය ශූර්යය ළමයෙක් නොවුනත් අනෙක් ළමුන් හා කරට කර වැඩ කිරීමේ උවමනාවක් මට ද තිබුනු බැවින් මටත් පුළුවන් යැයි පෙන්වීමට උඩවල් වල, ගස් වල නැගීමට, අල්ලන සෙල්ලං වැනි මහන්සි වන වැඩ කිරීමට පෙළඹුනි. දිනක් විවේක කාලයේ දී පාසැල් භුමියේ පිහිටි කපා දැමූ ගසක කොටයක් මතට නැගෙමින් එයින් බිමට පනිමින් ළමුන් ක්‍රිඩාවක යෙදී සිටිනු දුටු මම මටත් පුළුවන් යැයි සිතා කොටය උඩට නැග එයින් බිමට පැනීමට බිම බැලිමී. මට එවිට බියක් ඇති වී පනිම් දෝ නැද්දෝයි කියා සිතමින් සිටින විට මට පිටු පසින් කොටය මතට නැඟි සිසුවා “පනිනවා ඕයි ඉක්මනට“ කියා මාව තල්ලු කලේ ය. නොසිතූ මොහොතේ ලැබුනු තල්ලුවෙන් මා විසි වී ගොස් බිම වැටී අත පය තුවාල විය. ඒ වේලාවේ මිතුරන් එක් වී වහා ගොස් ගුරු මැණි කෙනෙකුන් ට දන්වා මට බෙහෙත් දැමීමට යුහුසුළු විය. තාත්තාට දුරකතන ඇමතුමක් දුන්අතර තාත්තා එනතුරු මා බලා ගැනීමට අයියා ට සිදුවිය.

කාලයක් ගතවන විට තාත්තා ට උසස් වීමක් ලැබුනු අතර තව දුරටත් අපි දෙන්නාව තාත්තාගේ රැකියා ස්ථානයේ හවස් වරුවේ තබා ගැනීමට දුෂ්කර විය. ඒ නිසා මාව හවස් වරුවට බලා ගැනීම අයියාට බාර දී මාවත් අයියාවත් පාසැල් ඇරුණු පසු ගෙදරට ගෙනැවිත් දමා දොරවල් වසා නැවත වැඩට යාමට තාත්තා පුරුදු විය. ඒ අතරතුර තාත්තා ව කවුරුන් හෝ සෙව්වොත් ගැටළු මතුවිය හැකි බැවින් අපව ගෙදරට දමා හැකි ඉක්මනින් නැවත වැඩට යාමට තාත්තාට සිදු වූ අතර වැඩපලේ සිටින මිතුරන්ගෙන් ද උපකාර ලැබිණ. එසේ යන එක් දිනක තාත්තා අනතුරට පත් වී තිබිණ. අපි ගෙදර සිට තාත්තා පරක්කු මොකදැයි හැන්දෑවේ බලා උන්නෙමු. ඒ කාලයේ ජංගම දුරකතන ද නොතිබූ බැවින් සොයා බැලීමට විධියක් ද නොතිබිනි. නමුත් බිම් කළුවර වැටීගෙන එනවිට තාත්තා අතපය වෙලාගෙන පයින්ම ගෙදර ආවේය. තාත්තා අනතුරට පත් වී තුබූ අතර බයිසිකලය පොලීසිය බාරයේ තිබිනි.

තවත් දිනක් ගේ ගිනි ගැනීමට ද බයිසිකලය හේතු විය. එදා පුරුදු පරි දි අම්මා වැඩට ගොස් සිටි අතර මමත් අයියා ත් පාසල් යාමට සූදානම් වී සිටියෙමු. එදා උදේ වරුවේ විදුලිය ද බිඳ වැටී තිබුනි. තාත්තා බයිසිකලය ක්‍රියා කරවීමට උත්සහ කලත් එහි දෝශයක් විය. විදුලියත් නොමැති බැවින් තාත්තා ඉටි පන්දමක් දල්වාගෙන බයිසිකලය අලුත් වැඩියා කිරීමට පටන් ගත්තේය. එකපාරටම ඉටිපන්දම පෙරැලි තෙල් වලට ඇවිලීගොස් විශාල ගින්නක් ඇතිවිය. එයින් නැගුනු ගිනිදැල් වහල දක්වා උසට විය. ඇතුලේ සිටි අපි වතුර ගෙනත් ගැසුවෙ මු. ගෝනී ගෙනත් දැමු විට එවාට ද ගිනි ඇවිලිනි. මෙවිට බයිසිකලයට ගිනි ඇවිලි තිබුනු බැවින් එය පිපිරී යාමේ අවධානමක් ඇති බව දැනගත් තාත්තා වහා බයිසිකලය දෑතින් ඔසවා එලියට විසි කලේය. එවිට පාරේ යමින් සිටි තරුණ අයියලා දෙදෙනෙක් පැමිණ බයිසිකලයට වැලි ද පස් ද ගසා ගින්න නිවා දැමීය. ඒ අතර තාත්තා වතුර ගසා කෙසේ හෝ ගෙයි ගින්න මැඩ පැවැත් වීය. එයින් ගෙදර තුබූ බඩු කීපයක්ම අර්ධ වශයෙන් පිලිස්සුණි.
මෙම සිද්ධිය සැළ වූ පසු අම්මාගේ නිගමනය වූයේ බයිසිකලය අපට අපල බවත් වහාම බයිසිකලය විකුණා දැමිය යුතුය යන්නයි.   

5 comments:

  1. සිකේ පුංහල. හරියට සිංහල ඉගෙනගෙන ආයෙත් ලියනවා.

    ReplyDelete
    Replies
    1. විවේචනය නම් සාධාරණය. සිංහල ගන්නට දෙයක් නැත. ඒ ගැන ගණගාටු වීම හැර කල හැක්කක් නැත. සිංහල ඉගෙනගන්නට කාලයක් ද නැත. ඒ නිසා දන්නා සිංහලෙන් ලියමි. මගේ අරමුණට ඉන් බාධාවක් ඇතැයි මම නොසිතමි.

      හැකි පමණින් නිවැරදි සිංහල බාවිතාවට උත්සහ කරන්නම්. ස්තූතියි අදහසට.

      Delete
  2. ඔය පොඩ්ඩක් වරදුනාට කමක් නැ ලියපන් බං, කෙනෙකුට තෙරෙන්න අදහස් ප්‍රකාශ කරන එක මිසක් ඉස්සර කාලේ වගෙ අකුරු, ඇලපිලි , පාපිලි, ව්‍යාකරණ නිවැරදිව භාෂාව හසුරුවනව කියන එක අද ලෝකෙට ඒතරම්ම වැදගත් නැ

    ReplyDelete
  3. liyapan macho oya eka ekage ewa ahan nethuwa

    ReplyDelete
  4. කොහොම උනත් කරන දේ පුළුවන් තරම් නිවැරදිව හරියට කරන්න උත්සහ කරන එක හොඳයිනේ. කොහොමත් අන් අයගේ මතය ඉවසන්න බැරිව වැඩක් නොකරන තරමට හොඳයි කියලයි මං හිතන්නේ.

    ReplyDelete