බුන්ජු විසින් කලින් සටහනට අදහසක් ඉදිරිපත් කර තිබුණා. එහි හොද විග්‍රහයක් තිබුනා ලොකයේ සංයුතිය පිලිබද, පරමාර්ථ ධර්ම 82ක් ඇතිබව පොතක තිබුණු බවද එහි සදහන්. ඒ පොත මා කියවා නැති බැවින් ඒ ගැන යමක් කීමට මට අපහසුයි. නමුත් ඉදිරියේදී ඒ පිලිබද වැඩිදුර සදහනක් කිරිමට ඔහුගෙන් එම පොත ඉල්ලා ගැනීමටද බලා පොරොත්තු වෙමි.
ඔහු සදහන්කර ඇති අනෙක් කරුණ මාද පිලිගන්නෙමි. ඇත්තටම බුදු දහමෙහි සංකල්ප තිබිය නොහැකි. මට අවශ්‍ය වූවෙද මෙම මූලධාතු ශක්තීන් බව පෙන්වීමටයි. චෛතසික 52 නම් (සසංකාරී/අසංකාරී, සෝමනස්ස සහගත/දෝමනස්ස සහගත ................වශයෙන්) මාද අසා ඇත. රූප 28 ගැනනම් සදහන් කල හැක්කේ මා සදහන් කල 5ට අමතරව වර්‍ණ, ගන්ධ, රස, පොට්ඨබ්බ වහයෙන් අනුශය ධාතු 4ක් අසා ඇති බවයි.
ආපෝ යනු මා සිතනපරිදි ගලායාමේ ශක්තියයි. තේජෝ යනු තාප ශක්තියයි. වායෝ යනු විසිරිමේ (විකර්ෂණ) ශක්තියයි. පඨවි යනු ස්පර්ශය දැනවිමේ (ආකර්ශණ) ශක්තියයි. ආකාශ යනු අවකාශය නැතිනම් ඉඩකඩයි. මෙම මූලධාතු වෙනවෙනම වෙන්කොට තැබිය නොහැක. උදාහරණයක් ලෙස යම් වස්තුවක තාප ශක්තිය ශූන්‍යකල නොහැක. එවිට අනෙක් ශක්තීන්ද නැතිවේ.. අප දන්නා කුඩාම ඒකකයක් වන ඉලෙක්ට්‍රෝනයක පවා මෙම සියලු මූලධාතු පවතී. එසේම මෙම මූලධාතු ඇතිවීමට හේතුවද ත්‍රිලක්ෂණයයි. එනම් වෙනස් වීමයි, නැත්නම් චලනයයි. එම මූලධාතු පවතින ප්‍රමාණය අනුව මේ සංකීර්ණ ලෝකය නිර්මාණය වී ඇත.
සසංකාරී/අසංකාරී, සෝමනස්ස සහගත/දෝමනස්ස සහගත වශයෙන් ඇත්තේ චිත්තයේ ප්‍රභේද මිස චෛතසික නොවේ. චිත්තය බෙදන ආකාර 8ක් ඇත.
ReplyDelete1. ජාති වශයෙන් - කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත්
2.භූමි වශයෙන් - කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත්
3. සුඛ සහගත සිත්, දුක්ඛ සහගත සිත්, සෝමනස්ස සහගත සිත්, දෝමනස්ස සහගත සිත්, උපෙක්ඛා සහගත සිත්
4. සම්ප්‍රයුක්ත සිත්, විප්‍රයුක්ත සිත්
5. අසංඛාරික සිත්, සසන්ඛාරික සිත්
6. ලෞකික සිත්, ලෝකෝත්තර සිත්
7. අහේතුක සිත්, සහේතුක සිත්
8. අසෝභන සිත්, සෝභන සිත්
චෛතසික නම් ඵස්සය, වේදනාව, සංඥාව, චේතනාව... ආදී චෛතසික 52 ය.
ඔබ හරි, ඔබට නැවතත් ස්තූතිවන්ත වෙනවා මට පොත ලබා දීම ගැන. එය කියවීමෙන් පසු මා ඒ පිලිබදව දැන ගතිමි.
ReplyDelete