Friday, July 15, 2011

යකාගේ තරමට විමානේ පහල වෙලාද?

බොලාට කියන්න මං අපේ අප්පොච්චිලැයිගේ යාලුවෙක්ගේ ගෙදර ගියා නෙව. බොලාට කියන්න ඒක ගෙයක් නොව මාලිගෙයක්. තට්ටු දෙකයි. නිදන කාමර පහයි. ඉස්තෝප්පුවයි සාලයයි අපේ ගෙදර විතර ඇති. සාලේ මැද දියඇල්ලකුත් තිබුනයි කියමුකෝ ඕං. උන් නාන්නේ ඒකෙන් වෙන්ටැති මයෙ හිතේ. කොහොමින් හරි මයෙ හිතේ කෝටියකට එහා යන්නැති ඒ ප්‍රාසාදය තනන්න. බොලාට කියන්න කාමර පහක් තිවුනට මොකෑ මුන්ට ඉන්නෙත් එකාලු නෙව. ඒකාත් දැන් රට ගොහින්ලු.
  ඉතින් ඕං එහේ ගොහින් එන ගමනෙදි අපෙ මව්තුමිය මට කියපි " පේනවනේ උඹත් කවද හරි දවසක ඒ වගේ ගෙයක් හදන්ට ඕනෑ". හත්වලාමයි ඇයි බොලව් මට මොකටෙයි ඔයි තරම් ගෙයක්. ඉතින් මං කියෙව්වා මටනම් ඔයි තරම් පිස්සුවක් නෑ, ඔයිට හොදයි ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවැයි කියාලා. එතකොට අම්මා කියෙව්වා එහෙම කොහොමෙයි වැදගත් මිනිස්සු ගෙදරට එනකොට ලැජ්ජාවේ බෑ නොවැ. කොහොමෙයි අර ගුබ්බෑයමට  ඒ මිනිස්සු එක්ක එන්නේ උඹට ලැජ්ජා නැද්ද කියාලා. මං කියෙව්වා අනේ උන්ට අපේ ගෙට එන්න ලැජ්ජානම් නාපුවාවේ. මං ගෙවල් හදන්නේ උන්ට පෙනෙන්ට නොවෙයි. අව්වෙන් වැස්සෙන් බේරිලා මැරෙනකන් වැටිල ඉන්නයි කියාලා. 
  හැබෑටම මේ මිනිස්සු කෝටි ගනන් වියපැහැදම් කොරාගෙන මහා දැවැන්ත ප්‍රාසාද තනන්නේ මක්කටෙයි? සමහර විට කියයි ලමයින්ට කියාලා. ඉතින් ළමයි කියලා උනුත් දීග ගොහින් අර මහගෙදර ටෙලිනාටකේ වගේ ඒ ගෙයිම ලගිනවැයි නෑ නෙව. පොඩි හුරුබුහුටි ගේ පොඩ්ඩක් හදාගෙන ඉතිරි සල්ලි ජීවත් වෙන්න තියා ගත්තනම්, නැතිනම් දනට පිනට දුන්නනම් කොච්චර අගේද මං අහන්නේ

3 comments:

  1. අනේ උඹටත් හිතෙන එව්වා.... ඒ අදහසත් නරක නෑ බං.

    ReplyDelete
  2. ඇත්ත කතාව! සම්පුර්ණයෙන්ම එකඟයි!

    ReplyDelete