"සුසිලෝ කොහෙයි යන්නේ.." සුසිලා ගමනක් යාමට සැරසෙනු දුටු ශාලික දරුවා ඇසීය. ඒ ඇසුනු නන්දා විත් දරුවා අතට ගෙන " සුසිලා නොවෙයි මයෙ පුතා නැන්දා කියන්න " යැයි ආදරයෙන් තුරුළු කර ගත්තාය. එවිට දරුවා "අම්මා සුසිලා කොහෙයි යන්නේ " නැවතත් ඇසීය.
" නැන්දා යනවනේ කඩේ " ඈ කීවාය.
"සුසිලෝ මට තොපි ගේන්නෝ ".
එවිට නන්දා තරහින් මෙන් "මං කීවනේ නැන්දා නැන්දා ..." යයි කියන විටම කරුණාරත්න නිවසට එනු දැක කීමට ගිය දේ ගිල ගත්තාය.
" ඉඩම කොහොමෙයි ?" කරුණාරත්න ගෙට ගොඩවීමටත් පෙර නන්දා පිළිවිසියාය.
ඔහු " ඒක නම් ඒ ගානට මසුරන් වටිනවා, සොහොන අද්දර හින්දද කොහෙද එච්චර අඩු, ඔක්කොම හොදයි ඒත්...." කියමින් ඇද උඩ වාඩිවී සපත්තු ගලවා ඇද යටින් දැමුවේය.
" ඒ ගෙයි පවුලක් ඉන්නවා උන් තව මාසයක් ඉන්නවාලු".
"දැන් මක්කෙයි කරන්නේ , අපිට තව සති දෙකයි නෙව දීලා තියෙන්නේ."
" මං ඒ මිනිස්සුත් එක්ක කතා කෙරෙව්වා, උන් කියනවා ඒ ගොල්ලො හිටියට කමක් නැතිය සති දෙකයි නෙව කොහොම හරි ඉදිම්මු කියාලා"
" ඉතින්.. "
"ඉතින් මං මක්කරන්නද, ගෙදර ටිකක් මදි උනත් ඒ දෙන්නාත් හොද මිමිනිස්සුනේ..."
No comments:
Post a Comment