Monday, March 19, 2012

මගේ මොන්ටිසෝරි ගමන

මට අවුරුදු  4 1/2 වන විට මාව ලදරු පාසලකට යැවිය යුතුයයි ගෙදරම්මා යෝජනා කලේ අයියාද අවුරුදු 4  සිටම පෙර පාසලකට යැවූ බැවිනි. අයියා ගියේ වතුගෙදර ගෙදරතාත්තාගේ සාප්පුව ඉදිරිපිට තුබූ පන්සලකටය. නමුත් මාගේ හැටියට එතරම් දුරක් බසයෙන් යැම අපහසු බැවින් මහගෙදර( අම්මාගේ දෙමව්පියන් ජිවත් වූ ගෙදර) අසලම මදක් දුරින් වූ පෙරපාසලකට මාව ඇතුලත් කලේය. එහි සිටියේ තරුණ ගුරුවරියකි.
    හැමදාම උදයටත් දවල්ටත් මා රැගෙන යාම ඒම කලේ ගෙදරම්මා විසිනි.හුග වේලාවට ඈ මාව වඩාගෙන ගමන් කලාය. නමුත් ඇයට ද එය මහත් අපහසුවකි. එබැවින් සමහර අවස්ථාවල ඈ මාව අතින් අල්වාගෙන ගිය නමුත් අඩි දෙක තුනක් ගිය තැන මට හතිය හැදෙන බැවින් මා ඇවිදගෙන ගියාට වැඩිය ඇදගෙන යාම සිදුවිය. මා කෙතරම් හති ලෑවේද යත් මා හුස්ම ගන්නා හඩ මයිනහමක හඩ වැනි විය.
     අපේ ටීචර් හරිම හැඩය. හැමදාම සාරියක් අදින ඈ දිනක් මුව පැටියකු ගැන කවියක් කියා දුන්නා මතකය. තවත් දිනක ලමයකු මට මූසලයා යැයි කීවේය. එවෙලෙහි මට ඒකව මරන්න තරම් වුවද මා ඉවසා සිටියේය. එය මා එතෙක් අසා තුබූ නරකම වචනය විය.
     මම පෙර පාසලට බාර දී සති 2 කින් පමණ තවත් දිනක් විවේක කාලයේදී මා යාලුවකු සමග සීසෝ පදිමින් සිටියේය. හදිසියේම සීනුව නාද විය. එවෙලෙහිම සීසෝවේ පහල සිටි අනෙක් ලමයා පැන දිව්වේය. මට ද එවේලෙහි කරගතහැකි දෙයක් නොතිබිණි. මාව අඩි දහයකින් පමණ සිට බිමට ඇද වැටුණා මට මතකය. ඉන් පසු කුමක් වූවාදැයි මතක නැත. නමුත් ඒ මොන්ටිසෝරියේ අවසන් දවස විය. යලි මා කවදාවත් පෙර පාසලකට නොගියේය.

6 comments:

  1. මමත් මොන්ටිසොරි ගිහින් නෑ කවදාවත් අම්ම එක්ක ඉස්කොලෙ ගියා ඒ කාලෙ.

    ReplyDelete
  2. උගන්නන්න වෙන්නැති මයෙ හිතේ 

    ReplyDelete
  3. අෆොයි.මම නම් සී සෝ එක පදින්න මට දුන්නෙ නෑ කියල කොල්ලෙක්ට ගැහුවලු.ටීචර් අපේ අක්කට කියලා තියෙන්නෙ අක්කා අදටත් කියනවා ඒ කතාව

    ReplyDelete
    Replies
    1. හපොයි මම නොදන්නවැයි චන්ඩහිමාගේ හැටි. පයින් යන්න බෑ කියලා වඩා ගන්නා තුරු නොනැගිටිමී යැයි කියා මහ පාර මැද්දේ ඉද ගත්තු කෙනා නෙවැ. :D

      Delete
  4. Ha ha.. Punchi kale mama godak gotha gahanawalu. Montisory eke intervel ekedi teacher ta mis mis anna anna pla pla pla pla plane ekak kiyanakota plane rka gihin iwaralu.. Passe upset ekata hondatama andala..

    ReplyDelete
    Replies
    1. Tikka kiyanne komath punchi ekekne. tikka punchi kale ahatawath penne nathuwa athi neda ? Ha.. ha..

      Delete