Saturday, April 6, 2013

ආගම රට ජාතිය බේරා ගැනීම !

හුඟ කාලයකට පස්සෙ මෙ පැත්තෙ ඒන්ට හිතුනෙ අහවල් එකක් නොවෙයි කට කහනවට. මෙච්චර දවසක් කිසි ගැටළුවක් නැතුව ඉදපිනා. මේ මාධ්‍යයෙන් කනින් කොනින් ඇහෙන පෙනෙන එව්වා දැක්කාම කට කොයි කොයි ගානව නෙව.

මෙන්න මේකයි කාරණාව. කාරණාව කියාපියන්ට ඉස්සරින් වෙන කාරණා ඇබින්දක් තියෙනවා කියාපියන්න. අපි ඉතින් බෞද්ධයන් හැටියට බුදු දහම අදහන එව්වො නොවෙයිනෙව. බුදුන් වදාළ අයුරින් කාරණා කාරණා තේරුම් අරගෙන ඒ පෙන්නාලා දුන්නු මගෙ යන්න ඕන එව්වොනේ. ඉතින් බාල්ලා ආවේගය, තරහව කියාපියන්නෙ උන්නාන්සේ අනුමත කොල එව්වද? උන්නාන්සෙ රැක ගන්නැයි කියැව්වේ අහවල් එකද? හිත නෙව. උන්නාන්සේ ආගම රැකගන්න කියාලා මොකෑ කොලේ. එහෙම එකක් කොලේ නෑ නෙව. ඇත්ත ඇතිසැටියෙන් පෙන්නා දීල වැරදි පාරේ ගිය එව්වො, මං මුලා වෙච්ච ඈයෝ හරි මගට ගත්ත මිසක්කා. එහෙනං ඕං කෙලවරක ඉදන් ඔක්කොම එව්වෝ මහණ කොරගෙන කොරගෙන යන්ට තිබ්බ නෙව. සාසනේ රැක ගන්ට, පිරිස වැඩි කරගන්ට.

උන්නාන්සෙ වදාලේ මක්කද? මොඩයානම් තමාට දරුවො ඇත, ධනය ඇත කියාලා වෙහෙසෙනවාය තමාට තමනුත් නැති කලේ මොන අහවල් එකක් රැක ගන්ඩද කියාලනෙව. දැන් මේ ලගදි මට කියවන්ඩ ලැබුනනෙව හොද පොතක්. එකෙ තිවුනා ඕකට යස කතාවක්. අම්මපා එකෙ තියෙච්ච විදියෙන්ම ඒකත් දමාලම ඉන්නම්කො එහෙනං

සමුදය සත්‍ය වසන මෝහය අප්‍රහීණ බැවින් ඔහුට ඒ ඇල්ම දුක් ඇතිවිමේ හේතුව බව නොපෙනෙන්නේ ය. ඔහුට පෙනෙන්නේ ඒ ඇල්ම සැපයට හේතුවක් ලෙසය. ඒ ඇල්ම උතුම් කොට ගන්නා වූ තැනැත්තේ සමහරවිට එයින්,  "මම දරුවන්ට ආලය ඇත්තා වූ නෑයන්ට - මිතුරන්ට - රටට-  ජාතියට ආලය ඇත්තා වූ කෙනෙක් වෙමිය  " යි තමා ගැන ආඩම්බර ද වෙයි. ආලයක් නැතියවුන් පහත් කොට ද සිතයි.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමිපාදයන් වහන්සේ (පටිච්ච සමුප්පාද විවරණය- 14 වන මුද්‍රණය)

ඉතින් මං මෙ කියාපියන්ට ගියේ මේකයි බොල. මේ ලොකයේ හැමදේම නැතිවෙනවානෙව. ඒක සක්කරයටවත් නවත්තන්ට ඇහැකියෑ. ඉතින්බොලන් ධර්මයත් කවදා හෝ වැලලි යනවනෙව. අපි බලන්ට ඕනෑ ඊට කලියෙන් ඇහැකි ඇහැකි එව්වොන්ට ඇත්ත කියාපිනාලා නිවැරදි මග පෙන්නා දෙන එක නෙව. සීලය රකින්ට ඕන, නිවැරදි මඟ කියා දෙන්ට ඕන එව්වොම පෙළපාලි යන්ටයි, පිකැටින් කොරන්ට යන්ටයි, පිසුනා වාචා, පරුසා වාචා කොරන්ට ගියාමයි, බේරගන්ට පුලුවන් ඈයොත් අනික්පැත්ත ගැහෙනව නෙව.

අනුන්ගෙ වැරදි හදන්ට කලියෙන් තමන් කරන්නෙ කියන්නෙ මක්කද, බුදුන්නාන්සේ අනුමත කොරාපුවාද නැද්ද කීයාපිනාලා හිතා බලාපිනානම් තමා ඕං හොද.

ප.ලි- බුදු හාමුදුරුවෝ මගේ සාසනය අහවල් කාලයක් පවතීවා කියාලා ප්‍රාර්ථනා කොලානම් ඒක එහෙම්මම තමා. ආයෙ ඕක රැක ගන්නට නටන්න ඕනැන්නෙ නෑ. අපි බලන්න ඕනෑ කොහොමින් හරි ඒ කාලය ඇතුලත තමනුත් ගොඩ ගිහින් හැකි හෑම කෙනෙක්ටත් ගොඩයන්න උපකාර කොරන එක නෙව.

4 comments:

  1. ස්තූතියි මිත්‍රයා ! සෑහෙන කාලෙකින් වැටුනු කොමෙන්ටුවක්
    යමක් කොරන්ට කලින් මේක ධර්ම විනයට ගැලපෙනවාද කියල බලන්ට එපැයැ.

    ReplyDelete
  2. Uba buddhist kiyala uba extremist kenek nemei kiyala theruna nisai ube post kiyawanne. Mama namata buddhist eth dawasata deparak budun wendala mulu loketama pin dunnata mama atheist kenek. Katawath karadarayak nethuwa jiwath wenawanam aagamak dahamak oni ne kiyana thena thamayi mama inne. Obata jaya..

    ReplyDelete
  3. කාටවත් කරදරයක් නැතුව ඉන්නවා කියන්නෙ අර හිර ගෙවල් වල ඉන්නවා වගේ ඉන්න එකනම් ඉතින් මනුස්සයෙක් වෙච්චි එකෙන් වැඩක් නැති වෙනවානේ. ඒ නිසා කරදරයක් නෑ වගේම උදව් උපකාර කිරීමත් කරන්න ඕනනේ. තමන් සතුටින් ඉන්න එකත් වැදගත්. ඒ තුන වෙනවානම් ඉතින් අමුතුවෙන් ආගමක් දහමක් ඕනේ නෑ තමා. ස්තුතියි ටික්කා

    ReplyDelete