Friday, June 28, 2013

පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 9

ඔය ඉවෝන් කියන හාදයා සිරිල් මන්ත්‍රි ගේ චක් ගෝලයෙක්ගෙ පුතෙක්ලු. මිනිහගෙ හරි නම අයිවන් සිරිතුංග. ඒ වුනාට මෑන් කැමති ඉවෝන් කියනවට. මොකද මිනිහා ටිකක් නහරයා. පොලවට ටිකක් ඉහලින් තමයි ඉන්නේ. ක්ලාස් එන්නෙත් බෙන්ස් එහෙක. කොයිවෙලෙත් යතුර අතේමයි, දබරැඟිලෙ දාගෙන කර කව කව ඉන්නවා. කෙල්ලො පන ඇරලා ඒකට. ඇයි ඉතින් බෙල්බොටමක් ගහලා ට්ඩිඩ් කමිසයක් ඇදලා සපත්තු එහෙම දාලා හැන්ඩියා වගේනේ ඉන්නේ. කොන්ඩෙත් තෙල් අට්ටියක් විතර ගාලා තලාගෙන තමයි ඉන්නේ. අපි ඉතින් ඒ දවස්වල හම්පඩයොනෙ හි හි.
ඉතින් ඒකත් එක්ක අනුෂගෙ පටලැවිල්ලක් තිබුණා. ඒක තාත්තට කියයි කියල තමයි එයා බයවෙලා හිටියේ. අපි ආපහු එනකොට එයා කිව්වා “ ප්ලීස් අරවින්ද ඩැඩිටනම් ඉවෝන් ගැන කියන්න එපා. මං දන්නවා ඩැඩි ඔයාව මේ පන්තියට දැම්මෙ මං ගැන ඔත්තු බලන්න තමයි“.
 “අනේ නෑ මිස් සර් හරි හොදයි. මට සර් එහෙම දෙයක් කිව්වෙ නෑ මිස්.“ කියලා මං කිව්වා. එතකොට එයා කිව්වා “ හරි හරි ඒ වුනාට ඩැඩීට මුකුත් කියන්න එපා. අනිත් එක මට මිස් මිස් කියන්නත් එපා, අරුන්ට ඇහුනොත් එහෙම මට වදේ දාවී.“   “හරි හරි අනූෂා මිස්“ කියලා මං කිව්වම ඒකිට හිනාවක් ගියා.

ඊ ළඟ සතියෙත් අනූෂයි මායි කාර් එකෙන් පන්තියට ගියා. එදා අපි යනකොට ඉවොන්ගේ කාර් එකත් පාර්ක් එකේ තිබුනා. අපේ කාර් එක නැවැත්තුවා විතරයි මිනිහා කාර් එකේ ඉදන්ම අනූෂට අත වැනුවා. ඊට පස්සෙ අනුෂා බැග් එකෙන් ටියුට් වගයක් අරගෙන “ අරවින්ද අද මං ඉවෝන් එක්ක ගමනක් යනවා. ඔයා ක්ලාස් එකට යන්න, මං ක්ලාස් ඉවරවෙන වෙලාවට මෙතන ඉන්නම්. මේ ටියුට් ටික ඉනෝකාට දෙන්න. ඩැඩීටනම් කියන්න එපා හොදේ“ කියලා කිව්වා. මං ඒ පාර කිව්වා “අනේ මිස් නෑ.. අනුෂා මාව අමාරුවෙ දාන වැඩනම් කරන්න එපා“කියලා. “අනේ මේ ඔහේ බය නැතුව ඉන්නවා ඩඩාලට මේවා තේරෙන්නෑ. මං වේලාවට ඇවිල්ලා ඉන්නම්“ කියලා කිසි ගානක් නෑ වගේ කිව්වා. මං ඉතින් මොනා කරන්න ද මාත් ටියුට් ටිකත් අරගෙන පන්තියට ගියා.
මං යනකොට පන්තියෙ ළමයි පිරිලා. බර්ටියා ඉන්නව දැකලා මං ගියා මිනිහා ලගට. ගිහින් ඇහුවා “ මේ ඉනෝකා කියන්නෙ කවුද“ කියලා. මිනිහා මාව දැක්ක ගමන් “ආ කෝ අනූෂා........ආ සම්ජා සම්ජා ඕ.. නහි ඉනෝකා ආවෙ නෑ“ කියලා කිව්වා. මං කිව්වා “ එයාට මේ ටියුට් ටික දෙන්න කියලා කිව්වා“ කියලා.
 ඒ පාර  බර්ටියා කියනවා “අදත් ඉනෝකා එයිද දන්නෑ, ඔය ටික ඔයාම තියාගන්න කියලා. ඒ වෙලාවෙම ඈත ධම්මි එනවා දැකලා මිනිහා පැනලා ඒ පැත්තට ගියා “ආවෝනා ආවෝනා මේරේ ප්‍රේමී“ කියාගෙන. මාත් ඉතින් තාම එක දවසනේ ක්ලාස් ගිහින් තිබුනේ. යාලුවොත් නැති එකේ මං ගිහින් ඉස්සරහින්ම ඉදගත්තා. කොහොමත් අනිත් උන් පස්සෙ සීට් අල්ල ගන්නවනේ.

කොහොමහරි ක්ලාස් පටන් අරගෙන ටික වේලාවක් යනකොට ආවා නිකන් අමුතු ලස්සනක් තියෙන ගෑනූ ළමයෙක්. ඇවිල්ලා “එක්ස්කියුස් මී සර්“ කියාගෙන පස්සට යන්න හදනකොට මං වාඩීවෙලා හිටපු තැන පෙන්නලා “කම් කම් ෆෝවඩ් සිට් හීයර්“ කියලා කිව්වා. මට නිකන් කරන්ට් එක වැදුන වගේ උනා ඒක ඇහිලා හී... එයාගෙනම් මූන ඇඹුල් වෙලා ගියා. මොනවා කරන්නද ඉතින් මාත් එක්ක අමාරුවෙන් වගේ හිනා වෙලා ලගින් ඉදගත්තා.   

Next chapter - http://asanka-mind.blogspot.com/2013/07/10.html

5 comments:

  1. ඒකත් ජය සිරි මංගලම් කිවුවලු ඔන්න.

    ReplyDelete
    Replies
    1. හදිස්සි වෙන්න එපා කොල්ලෝ. :D :D
      මටම කී පාරක් කරන්ට් වැදිල තියෙද කෝ මොන මංගල්‍යක්වත් උනාද? :(

      Delete
  2. මං දාන රිප්ලයිස් ඔයාට පේනවද Naleen Dilruksha ?
    ඔයාවත් කොමෙන්ට් කොරන එක මට දිගටම ලියන්න ලොකු හයියක්.

    ReplyDelete
    Replies
    1. පේනවා දිගටම ලියන්න මං මගේ බ්ලොගෙන් මේ ලිංකුව දාන්නං අනිත් දවසේ. කට්ටිය එවන්නං.

      Delete
    2. රිප්ලයිස් දාන ඒවා ස්පෑම් වලට යන ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි ඇහුවේ.

      බොහොම ස්තූතියි !

      Delete