Saturday, November 2, 2013

13 ලිපිය - පටිච්ච සමුප්පාදය 2

පටිච්ච පමුප්පාද ධර්මය මේ දවස්වල විවිධ පුද්ගලයන් විවිධ අයුරින් විග්‍රහකරමින් සිටින බව පේනවා. මේ නිසාම මිනිස්සු තව තවත් පැටලෙනවා. ඒ නිසා මා නැවතත් කියන්නේ ඔබ ඔබ තුලින් මේ දේවල් දකින්න උත්සහ කරන්න. මා කියන දේ මට තේරුන අයුරින් කරන විග්‍රහයක් පමණක් බැවින් යම් ප්‍රමාද දෝෂයක් වේ නම් එය ධර්මයේ වරදක් නොව මගේ වරදකි.

මම අන්තිමට කිව්වා පටිච්ච සමුප්පාදය දැක ගැනීමට ඇති සුදුසුද ක්‍රමයනම් මේ මොහොතේ සිදුවන දේ පිළිබඳ විග්‍රහකර බැලීම කියලා. ඒ අනුව දැන් මේ ලිපිය කියවන විට සිදුවන දේ විග්‍රහ කරන්න කියලා. මන් මට තේරෙන විදියට විග්‍රහයක් කරනවා, ඒක ඔබේ විග්‍රහය හා සසඳා බලන්න. හිතන්න ඔබ දැන් කියවන්නේ පලමු පේලියේ අවසාන “පේනවා“ යන වචනය කියලා.

අපි ඇස්දෙක  පරිගණක තිරය ඉදිරියේ විවෘත කල විට එහි යටිකුරු ප්‍රතිබිම්භයක් ඇසේ දෘෂ්ටිවිතානයේ සෑදෙනවා. නමුත් අපිට පේන්නේ එක වචනයක් හෝ අකුරක් පමණයි. ඊට හේතුව අපි අවධානය යොමු කරන්නේ ප්‍රතිබිමභයේ එක් ලක්ෂයකට විතරක් නිසා. දැන් අපි ඒ වචනයට අවධානය යොමුකිරිමත් සමඟම ඇසේ ස්නායූ පද්ධතිය උත්තේජනය වී  සංඥාවක් නිකුත් වෙනවා. අපි ඒ සංඥාව අපේ දැනුමට අනුව හදුනාගන්නවා, ඒ මේ වචනයයි එහි තේරුම මෙයයි කියලා. ඊළඟට අපි ඒ වචනය අපි කියවමින් සිටි වාක්‍යයට සම්බන්ධ කරලා සම්පූර්ණ තේරුම වටහාගන්න උත්සහ කරනවා. ඊළඟට කැමැත්ත පරිදි ඊ ළඟ වචනය බැලීම හෝ වෙනත් දෙයකට අවධානය යොමු කරනවා. මේ දේ තමයි මට තේරෙන විදියට මේ ලිපිය කියවද්දි සිද්ධ වන්නේ.

දැන් අපි ඔය සිද්ධිය අප දන්නා පටිච්ච සමුප්පාදයට යොදා බලමු. මුලින්ම ඇසේ ඡායාව හටගත්තා. අවධානය යොමු කිරීම නැත්නම් මනසිකාරය මගින් එක් ලක්ෂයක් අල්ලා ගත්තා. ඒතකොට ඒකට කියනවා ස්පර්ෂය කියලා. මේ ස්පර්ශයත් එක්කම හටගත්තු උත්තේජනයට කියනවා වේදනාව කියලා. ඒ සමඟම ඇතිවන “පේනවා“ කියන වචනය අදුනා ගැනීමට සංඥාව කියන්න පුලුවන්. අපේ දැනුමට අනුව එහි තේරූම දැන ගැනීමට සංස්කාරය නැතිනම් චේතනාව කියන්න පුලුවන්. මේ එක් එක් අවස්ථා වලදී එනම් මනසිකාරය, වේදනාව දෑනීම, සංඥාව දැනීම, ඒ අනුව චේතනාව ඇති කිරීම යන දැන ගැනීමේ ක්‍රියාවන් සිදුකල ශක්තියට විඥ්‍යානය කියන්න පුලුවන්. මෙහි දී මනසිකාරය නැතිනම් අවධානය යොමු කිරීම නැතිව ඉතුරු ක්‍රියාවන් සිදු නොවන බවනම් මා ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නා කරුණකි. ඊට අමතරව මට තේරෙන ලෙසට නම් ස්පර්ශය සිදුවන මොහෝතේම ඒ හේතුවෙන් වේදනාව ඇතිවන අතර සංඥාවද ඇතිවන්නේ ස්පර්ශයත් සමඟම මිස වේදනාව නිසා හටගන්නක් නොවේ. මොකද කටුවකින් ඇන්නත්, මදුරුවෙකු ඇන්නත් දැනෙන වේදනාව සමානයි. නමුත් සංඥාව වෙනස්.

දැන් මගේ විග්‍රහය ඉවරයි. එය ඔබේ විග්‍රහය හා ගැලපෙනවද බලන්න. නැතිනම් ඒ බව මෙහි දන්වන ලෙස මා ඉල්ලා සිටිමි. අපි සාකච්චා කල කොටසට පටිච්ච සමුප්පාදයේ, ඵස්ස පච්චයා වේදනා කියන කොටස ඇතුලත් බව නම් පේනවා. එතකොට අනෙත් කොටස් සම්බන්ධ වන්නේ කොහොමද? ඒ ගැන අපි ඊ ළඟ ලිපියෙන් සොයා බලමු.

ඔබට නිවන් සුව ලැබේවා !   

2 comments:

  1. මට හිතෙන්නේ වේදනාව සහ සංඥාව එකට එතිවෙනවා කියන්නත් පුළුවන් මොකද වේදනාව හදුනාගන්නේ (analyze) සංඥාව ( sepa වේදනාවක් ද දුක වේදනාවක්ද) ඒ වගේම වේදනාව තව දුරටත් විග්‍රහ කරන්නේ සඡාව ( හමේ මොකක් හරි ගෙටුනෝත් මුලින්ම එක sepa වේදනාවක් ද දුක් වේදනාවක් ද කියලා තමා සිතෙන්නේ ඊට පස්සේ මනුෂ්‍ය ස්පර්ශයක් ද නෙත්නම් වෙන මොකක් හරිද කියල තව දුරටත් අදුන ගන්නවා ) මෙය වේගයෙන් සිදුවනද නිසා හිතෙන්නේ වේදනාව සංඥාව එකවර ඇති වෙනවා කියල.

    පස්ස පාඡයආ වේදනාව කිව්වම, පස්සය තමා ප්‍රදාන වේදනාව එතිවෙන්න නමුත් එකෙන් අදහස් වෙන්නේ තව අදලවෙන දේවල් තියෙනවා වේදනාවට හේතුවෙන(මතක විදියට රේරුකානේ මහනායක හාමුදුරුවන්ගේ පොතක තිබ්බ කියල ) , මෙය මා සිතන විදිය පමනි...මා වෙරදී නම් ධර්මයට අගෞරවයක් නොවේවා

    ReplyDelete
  2. ඔබේ අදහසට බොහොම ස්තූතියි. රේරුකානේ මහනායක හාමුදුරුවන්ගේ අභිධර්මයේ මූලික කරුණු යන පොතේ වෛතසිකය කොටස බලන්න එහි “ සිතක් උපදනා කල්හි එය හා සර්වාකාරයෙන් මිශ්‍ර බවට පැමිණ එය හා එකවවර ම ඉපද එකට පැවතී එකට ම බිදෙන සිතෙහි ගුණ වැනි වූ ක්‍රියා කොටසක් ඇත්තේ ය. චෛතසික යයි කියනුයේ ඒවාය.“ කියා ඇත. ඒ අනුවත් ඵස්සය, වේදනාව, සංඥාව එකට ඇතිවී එකටම නිරුද්ධ වන්නකි.
    වේදනාවට අනුව සංඥාව කෙසේ වෙතත් සංඥාවට අනුව වේදනාව වෙනස් වන බව නම් තමා ආදරය කරන පුද්ගලයකු ජීවත් වන විට හා මැරුණු පසු මතකයට එන විට ඇති වන වේදනාව වෙනස් වීමෙන් පෙනේ. ඒ නිසා මට පෙනෙන හැටියට නම් වේදනාව නැතිව සංඥාව හෝ සංඥාව නැතිව වේදනාව ඇති වීමක් නොවේ.
    ඔබ කියූ දෙවැනි කරුණ නම් මාත් පිළිගනිමි. රේරුකානේ මහනායක හාමුදුරුවන්ගේ පටිච්ච සමුප්පාද විවරණයේ “ස්පර්ශය ඇති වුවහොත් එයට අනුව වේදනාව ද ඇතිවන්නේම ය. එබැවින් තථාගතයන් වහන්සේ ‘ඵස්සපච්චයා වේදනා‘ යනු වදාළ සේක.“ යනුවෙන් සදහන් වී ඇත.

    ඉදිරියටත් ඔබේ අදහස් අගය කරමි.

    ReplyDelete