කීකරු නෑ මට අවනත නෑ සිත - ඉන්නෙම නෑ මගෙ ලඟට වෙලා
ඔබ දුටු දා සිට මුරණ්ඩු වී ඇත - යන්නෙම ඔබ හා දැවටීලා
උඩු සුළඟට අසු වී සේවෙන් මිදිලා - ඈතට ඇදෙනා සරුංගලේ වාගේ
යුවනෝදෙට මැදි වී ආලෙන් වෙලිලා - ඒ සිත අද නෑ නිසංසලේ මාගේ
මහ වැස්සක සැඩ වී වේගෙන් ගලලා - සයුරට ඇදෙනා මහෝඝයක් වාගේ
අඩ නින්දක පසු වී හීනෙන් මිදිලා - උඹවම සොයනා ආතුර සිත මාගේ
මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Thursday, March 27, 2014
Tuesday, March 25, 2014
93 සතිය
යමක් කිරීම අවශ්‍යම නම් හා එය කිරීමට අකමැතිනම්/බයනම් සිතීම නතර කල යුතුය. එවිට එය කිරීම අපහසු නොවනු ඇත.
Friday, March 21, 2014
පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 24
එතනින් එළියට ආවට පස්සේ මගේ ඔලුව නිකන් යකාගේ කම්මල වගේ වැඩ කරන්න පටන් ගත්තා. ඔලුව නිකන් පැලෙන්න වගේ. එක පැත්තකින් ගණිකාවක් ඇසුරු කිරීම ගැන මගේ හිත මටම දෙස් තියනවා. අනෙක් පැත්තෙන් මගේ සත්ගුණවත් මුදලාලියා මහ ජඩ නරුමයෙක්. ඒ විතරක් නෙවේ ලෝකෙට සුදනා කියල පෙන්නන ඉනෝකාගේ තාත්තා රැ ඩැනියෙල් දවල් මිගෙල් වගේ දෙබිඩි චරිතයක්.
මං දැන් මොනා කරන්නද කියලා හිත හිත තමයි මං ගෙදර ආවේ. ගෙදර එනකොටම මුදලාලියා ඉන්නවා ඉහඅත බදාගෙන හාන්සි පුටුවකට බරවෙලා අහස පොළව ගැටලන්න වගේ උඩ බලාගෙන. මට දැන් ඒ මිනිහා දිහා කෙලින් බලන්නත් මොකක් ද වගේ. ඒත් අමාරුවෙන් බොරු හිනාවක් මවාගෙන ගෙට ගොඩවුනා.
එතකම්ම මිනිහා මාව දැක්කෙ නෑ. මං ස්තෝප්පුවට ගොඩඋන ගමන් මිනිහා මාව දැකලා මට කතා කලා. "ආ අරවින්ද මොකද මේච්චර රෑ වෙලා. සෑහෙන්න මහන්සි පාටයි. මොකද වැඩ හොදට යනවනේ". මට අහපු ප්‍රශ්නේ එකපාරට ඔලුවට ආවේත් නෑ. මං "ආ.. ම්මෙ.. ඔව් ඔව් ඒවා ඔක්කොම හරි" කියලා මං ගෙට ඇතුල්වෙන්න හැදුවම මිනිහා කිව්වා " මට පුතත් එක්ක වැදගත් කාරණාවක් තියෙනවා කතා කරන්න, ඒත් දැන් රෑ වෙලා වැඩී. ඒක පස්සෙ වෙලාවක නිදහසේ කතාකරන්න ඕන කාරණාවක්". මුදලාලී මට පුතා කියලා කතා කරන්නේ බොහෝම කලාතුරකින්. ගොඩක් වෙලාවට අයිසේ, තමුසේ, කොල්ලෝ වගේ නම් වලින් තමා කතා කලේ.ඉතින් ඒක නම් සෑහෙන්න වැදගත් දෙයක් වෙන්නැති කියලා මට හිතුනා. ඒත් ඒ වෙලාවේ මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා. මාත්" හොඳයි මුදලාලී " කියලා කාමරේට වැදිලා ඇද උඩ පෙරලුනා. ටිකක් එහෙම ඉදලා වොශ් එකක් දාගෙන සරමට බැහැලා හාන්සියක් දාගෙන උන්නා. මොන, හාන්සියක් දැම්මට කිසි වැඩක් උනේ නෑ. අනුලාගේ කතාවයි, මං අහුවෙලා ඉන්න මේ දුශ්ඨ ලොකේ ගැනයි නොයෙක් දේවල් සොරොව්ව ඇරපු වැවක වතුර වගේ හෝ ගාලා ඔලුවට ගලාගෙන එනවා.
අන්තිමට මං තීරණය කලා සමාජය මොන වගේ උනත් ඒක මගේ වැඩ වලට බාධාවක් නෙවෙයි. මං මුදලාලී ගාව වැඩ කලාට එයාගේ ජරා වැඩ වලට අනුබල දෙන්නෙත් නෑ. ඉනෝකාගෙ තාත්තා මොන විදියෙ මිනිහෙක් උනත් ඉනෝකා හොදට හැදිච්චි ලමයෙක්. ඉතින් මං මොකට ද ඕන්නැති දේවල් ඔලුවට දාගන්නේ කියලා.
ඉතින් ඔයවගේ දේවල් කල්පනා කර කර ඉන්නකොට කවුද කාමරේ දොරට තට්ටු කරන හඩක් ඇහුනා. ඒක හරිම හෙමින් ඇහුනේ. කවුද මේ වෙලාවේ හෙමීට දොරට තට්ටු කරන්නේ. මුදලාලීගේ හිතේ තියෙන කාරණාව ඉවසන් ඉන්න බැරුව ද දන්නෙත් නෑ. ඒක එහෙමනං ඒ කාරණාව බොහොම රහසිගත එකක් වෙන්න ඕන. නැත්නම් මගේ කාමරේට එන්නවත් හෙමීට දොරට තට්ටු කරන්නවත් හේතුවක් නෑ නෙව කියලා මට හිතුණා. මං "කවුද දොර ඇරල තියෙන්නේ " කියලා කිව්වා.
"මං මේ අනූෂා" කියලා හේමීට කියාගෙන අනූෂා දොර හෙමීට ඇරගෙන ඇතුලට ඇවිත් ටක්ගාලා දොර වැහුවා.
Next chapter - http://asanka-mind.blogspot.com/2014/04/25.html

Sunday, March 16, 2014
92 සතිය
අනාගතයේ විය හැකි සෑම දේටම සුදානම් විය නොහැක. ඒ නිසා සූදානමින් සිටින්න.
Friday, March 14, 2014
13 ලිපිය - පටිච්ච සමුප්පාදය 10
මේ වන විට පටිච්ච සමුප්පාදය ගැන මූලිකව යම් අදහසක් ඇතිවන්නට ඇතැයි මා සිතමි. ඒ නිසා තව දුරටත් එය ගැඹුරින් සාකච්ඡා නොකර සරළව එය තේරුම් ගැනීමේ පහසුව සදහා උදාහරණ කීපයක් දක්වන්නට බලාපොරොත්තු වන අතර මෙය පටිච්ච සමුප්පාදය යටතේ එන අවසන් ලිපියද වේ.
අද වන විට මගේ බ්ලොගිය නැරඹු වාර ගණන 10 000ක් වීමත් සතුටට කාරනයක් වන අතර මේ අවස්ථාවේ මාව දිරිමත් කරන එම පිරිසට සතුට අනුමෝදනා වේවායි පතමි.
පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරු ධර්මතාවයක් වුවත් ඕනෑම උගත් මට්ටමක් ඇති අයකුට වැටහෙන පරිදි උදාහරණ මගින් එය සරලව පැහැදිලි කල හැක. නමුත් මා විචිත්‍ර ධර්ම කතිකයෙක් නොවන නිසා ඒවාද ටිකක් තේරුම් ගැනීම අපහසු විය හැක. නමුත් හොද සතියෙන් යුතුව කියවන කෙනෙකුට තේරුම් ගතහැකි වේවි.
වතුරට එබෙන බල්ලා
වතුරට එබෙන බල්ලෙකුට උගේ රූපයම පෙනේ. මේ බල්ලා ඒ රූපය තවත් බල්ලෙක් යැයි වරදවා වටහාගනී. බල්ලා බුරන විට ඡායාමාත්‍ර බල්ලා ද බුරයි. එවිට බල්ලා තවත් කෝප වෙයි. මේ බල්ලා සිතන පරිදි ඡායාමාත්‍ර බල්ලා මා මෙතෙන්ට එන්න කලිනුත් ඉන්න ඇති, මා ගියාට පසුවත් ඉදීවී කියා රැවටී වෙනත් බල්ලෙකුට අතන පිටස්තර බල්ලෙක් ඉන්නවා යැයි පවසයි. ඒ දෙවැනි බල්ලා ද ගොස් ඒ බල්ලාගේ ඡායාවට රැවටෙයි.
නමුත් ඇත්තටම එතන වුනේ ඒ මොහොතේ හිරු එලිය, ජලයේ ඔපය, බල්ලා කියන කාරනා 3 නිසා ඡායාවක් හටගැනීමක් පමණයි. එහි ඡායාවට අතීතයක් හෝ අනාගතයක් නෑ. දැන් මේ බව දන්නා බුද්ධිමත් බල්ලෙක් එතන ඇති බල්ලෙකු නැති බවත් ජලයේ ඔපය නිසා හටගත් ඡායාවක් ඇති බවත් මේ බල්ලාට පැහැදිලි කරයි. දැන් මේ බල්ලා එසේනම් මා ජලයේ ඔපය බැලිය යුතුයැයි ජලයට එබෙයි. නමුත් ඒ බල්ලාට ඔපයක් නොපෙනී ඡායාවම පෙනෙයි. එයින් පැහැදිලි වෙනවා ඔපය තිබෙන්නේ වස්තුවක් නැති විට පමණයි. ඔපයට වස්තුවකින් එන ආලෝක කිරණ එකතු වීමෙන් ඡායාව හට ගන්නා බවත් තව දුරටත් එතැන ඔපය නැති බවත් තේරුම් ගතයුතුයි. ඒ වාගේ අපි මෝහය සහිතව කෙතරම් ලෝකය දෙස බැලුවත් යතා ස්භාවය වන ඔපය නොපෙනෙන බවත් යතා ස්භාවයට මෝහය එකතු වීම නිසා නිර්මාණය වන මන:කල්පිත ලෝකය වන ඡායාවම පෙනෙන බවත් තේරුම් ගත යුතුයි.
මිරිඟුව
මිරිගුව කියන්නේ ජලය සේ පෙනෙන වලාකුළු වල ඡායාව බව අපි දන්නවා. නමුත් මිරිඟුව ගැන අදහසක් නොමැති කෙනෙක් ඒ ජලය යැයි රැවටෙනවා. නමුත් එතන ජලය නෑ. ජලය එතන තියෙන්නේ අර මනුස්සයා ඒ දෙස බලනතුරු විතරයි. වෙනත් විදියකින් කීවොත් ඒ මනුස්සයට සාපෙක්ෂව එතන වතුර තියනවා. අපි කොච්චර නෑ කිව්වත් ඒ මනුස්සයා එහෙනම් ඔය පෙනෙන්නේ අහවල් එකක් ද කියමින් වාද කරනවා. නමුත් ඇත්තටම එතන ජලයවත් ඡායාවක් වත් නෑ. හොදට කල්පනා කරල බලන්න එතන සිද්ධ වෙන්නේ හිරු කිරණ වලාකුළු වල වැදිලා පරාවර්තනය වෙලා පොළවෙ වදිනවා. එච්චරයි. ඒතන ඡායාවක් වත් නෑ. නමුත් ඒ පොළවෙ වදින කිරණම මනුස්ස ඇසේ වැදිලා උත්තේජනයක් ඇති කරනවා. අන්න එතකොට අර මනුස්සයා තමන්ගේ දැනුමට අනුව එතන ජලය හෝ වළාකුලේ ඡායාව හෝ ඇත කියා මනසින් සංස්කාරයක් ඇති කරගන්නවා. නමුත් එහෙම දෙයක් එතන තිබුනෙත් නෑ ඇත්තෙත් නෑ. දකින මොහොතේ පමණක් තියෙනවා සේ පෙනෙනවා.
තවත් උදාහරණ දැක්විය හැකි නමුත් ලිපිය දීර්ඝ වන බැවින් මෙතැනින් නවතිමි. අප දැනගත යුතු කාරණයක් වන්නේ අපට පෙනෙන, ඇසෙන,දැනෙන, හිතෙන හැම දෙයකටම අපේ ඉන්ද්‍රියනුත්, මෝහයත් හේතු වන බැවින් ඒ හේතු නැති කිසිම අවස්ථාවක එනම් අතීතයේ හෝ අනාගතයේ ඒ දේවල් නැති බවත් ඒ සියල්ලම මනසතුල ගොඩනැගී ඇති සිතුවිලි මාත්රයයන් ම පමනක් බවත් ය.
ගැටළුවක් ඇත්නම් විමසන්න. ඔබට නිවන් සුව ලැබේවා !.

Monday, March 10, 2014
91 සතිය
විශ්වාස කලා හෝ නොකලා යන්නේ හරි පාරේ නම් බෑ බෑ එපා එපා කිව්වත් ගමනාන්තයට ලගා වෙනවාමයි. හුදෙක් විශ්වාසය මත කිසිවක් වෙනස් නොවේ.
Saturday, March 8, 2014
පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 23
මගේ අත මටත් නොදැනීමයි එයාගේ මූණේ තිබුනු කදුලු පිහදැම්මේ. මං කිව්වා "අඩන්න එපා අනූතී මං කොහොමහරි ඔයාව මේ නරාවලින් ගොඩ ගන්නවා" කියලා. එහෙම කියනකොට එයා එයාගේ මූණේ තිබුනු මගේ අතින් අල්ලලා කිව්වා "මට අනූති කියන්න එපා මහත්තයා, මං ඒ නමට කොහොමත් ම කැමති නෑ. මගේ නම අනුලාවති, මෙහෙට අවට පස්සෙ තමයි අනූති කියලා දැම්මේ"කියලා. ඉතින් මං කිව්වා "එහෙනම් මං අනුලා කියලා කියන්නම්" කියලා.අනූ මගේ ඇස්දෙක දිහා බලලා එකපාරටම මගේ කමිස කරෙන් අල්ලලා එයාගේ පැත්තට ඇද්දා. එහෙම අදිනගමන් "මහත්තයා මට අනූති නැතිව ඕන නමක් කියන්න මහත්තයා" කියලා හැගුම්බර විදියට කිව්වා.
මාව එකපාරටම තුශ්නි:භුත වෙලා ගියා. මට හිතා ගන්න බැරි උනා මේ මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. මාව කාන්දමක් වගේ එයාගේ පැත්තට ඇදුනේ. මට මාවම පාලනය කරගන්න බැරිඋනා. එයාගේ මූණ දිහාට මගේ මූණ ඇදිල ගිහින් එයාගේ තොල්පෙති මත මගේ තොල්පෙති පතිත උණා. ඒ තොල්පෙති වල අමුතුම මිහිරක් තිබුනේ. බුලත් කහට නිසාද කොහෙද ඒවායේ මිහිරි රසයක් තිබුනේ. එත් සුලු මොහොතකින් මං ආයේ පියවි ලෝකෙට ආවා.
මං මේ මොකක්ද කරන්නේ, මං මේවෛශ්යාවක් නේද සිපගන්නේ කියලා එකපාරටම සිතට ආවා. මං ඉක්මනට එයාගෙන් ඉවත් උනේ දුන්නක් දිගඇරෙන්න වගේ. ඒ පාර එයත් ගැස්සිලා ගියා. "ඇයි මහත්තයා මොකද උනේ" කියලා අනූ මගෙන් ඇහුවා. "නෑ නෑ අනුලා මට ඔයාට මෙහෙම කරන්න බෑ. මං කොහොමද ඔයාට මෙහෙම රිදවන්නේ" කියලා මං ඇහුවා. එතකොටම එයා හිනාවෙලා කියනවා "නැව් යන සාගරේ බොට්ටුවක් ගියා කියලා පාර හිටින්නෑ මෝඩයෝ " කියලා මං දිහා සරාගී විදියට බලලා ඇස් දෙකෙන් මට ආරාධනාවක් කලා.
උඹට කියන්න කරූ ඒ වෙලාවේ එයා මං දිහා බලපු විදියට මට පිස්සු හැදිච්ච නැති එක විතරයි. එයා ඇදට බර වෙද්දී මාත් ඒ පැත්තට බර උනේ කවුරුහරි මගේ බෙල්ලෙන් අල්ලලා බලෙන් මාව පාත් කලා වගේ.
එතනින් එහාට සිද්ධ උන හැම දෙයක්ම වගේ අරවින්ද මට කියාගෙන කියාගෙන ගියේ අද ඊයේ චෙච්ච දෙයක් කියන්න වගේ. නමුත් ඒ සියල්ල මෙහි සදහන් කිරීම නුසුදුසු යැයි හැගෙන බැවින් සදහන් නොකර ඉමි. ඒ විදියට අරවින්දත් අනුලාත් මුලින්ම ලොකාස්වාදභිරතියෙහි යෙදුනු හැටි මට විස්තර කරගෙන ගියා.
අන්තිමට එයා මගේ පපුවට ඔලුව තියාගෙන වැතිරිලා හිටියා. "හුග කාලෙකින් තමයි මහත්තයා මෙච්චර සතුටක් මට ලැබුනේ" කියලා අනූ මගේ අත දිගේ ඇගේ දඹරැගිල්ල දුවවන ගමන් කිව්වා. මාත් ටිකක් වෙලා හාන්සිවෙලා ඉදලා "මං දැන් යන්න ඕන අනුලා" කියලා නැගිටලා බාත්රූම් එකට ගිහින් ඇගපත හෝද ගත්තා. අන්තිමට ඇගේ අතින් රුපියල් දෙකේ කොලයක් ගුලිකරලා " මං ඔයාව මෙතනින් බේරගන්නවාමයි අනූලා " කියලා එතනින් පිටවෙලා ආවා. මට තව රුපියල් දෙකක් කවුන්ටරේටත් ගෙවන්න උනා.
Next chapter - http://asanka-mind.blogspot.com/2014/03/24.html

Tuesday, March 4, 2014
13 ලිපිය - පටිච්ච සමුප්පාදය 9
ගියවර ලිපියේ අවසානයේ මං සදහන් කලා මේ ලෝකයේ අපේ පංචෙන්ද්‍රියට හසුවන සියල්ල අවිද්‍යාව නිසා හටගත් දේවල් ය කියලා. එතකොට අවිද්‍යාව නැතිනම් මේ ලෝකේ කිසිවක් නැද්ද කියන ගැටළුවට විසදුමත් මේ ලිපියෙන් සදහන් කරන්නම් කියලාත් කිව්වා. ලෝකයේ සංයුතිය ගැන 2 ලිපියේ අපි සාකාච්ඡා කරපු නිසා එය කියවපු අයටනම් මේ ගැටළුව එන එකකුත් නෑ. නමුත් එය අපහැදිලි අයත් ඉන්න පුළුවන් නිසා මෙතැන දී ද ඒ පිළිබද යම් විස්තරයක් මං කරන්නම්.
මේ ලෝකයේ සියළු භෞතික දේවල් හැදිල තියනව කියන්නේ ශුද්ධාශ්ඨක වලින්ලූ. මේ ශුද්ධාශ්ඨක අපේ පසිදුරුන්ට ගෝචර දෙයක් නොවෙයි. ඊට අයත් වන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා යන අටයි. බැලූ බැල්මට අපට හිතෙනවා මේවා අපිට පේන, දැනෙන දේවල් කියලා. එහෙම හිතෙන්නේ ගොඩක් අය වර්ණ කිව්වම හිතන්නේ මේ අපිට පෙනෙන රතු, කලු, සුදු ආදී වර්ණ ගැන කියනවා කියලයි. නමුත් වර්ණ කියන්නේ මේ අපිට පෙනෙන පාටම නෙවේ. ඒ ඒ වස්තුවේ අපිට පාට පෙනීමට උපකාර වන හේතුව හෙවත් ප්‍රත්‍ය තමයි වර්ණ කියලා හදුන්වන්නේ.
ඒක උදාහරණයකින් දක්වනව නම්, අපි දන්නවා ලේ රතු පාටයි. මේ ලේ රතුපාට වන්නේ හිමොග්ලොබින් නිසා. හිමොග්ලොබින් කරන්නේ සුදු ආලෝකය උරාගෙන රතු වර්ණය පරාවර්තනය කරන එක. අන්න ඒ කාර්යය කරන හිමොග්ලොබින් වල තියෙන ගුණය තමයි එහි වර්ණය වන්නේ. නැතුව රතුපාට නොවේ. දැන් අපිට ලේ රතු පාටට පෙනුනට වෙනත් සත්වයකුට ඒක වෙනත් පාටකට හෝ පාටක් නැති දෙයක් ලෙස හෝ පෙනෙන්න පුලුවන්. එතකොට පැහැදිලි වෙනවා මේ රතු පාට කියන දේ ඇති දෙයක් නෙවේ, ඒක මිනිස් මනසින් නිර්මාණය කරන දෙයක් විතරයි කියලා. මේ වගේ ඉහත සදහන් කොටස් අටම අපිට ගෝචර වන දෙයක් නොවෙයි. අපිට පෙනෙන ඇහෙන දැනෙන සියලු දේ නොදන්නා කම නිසා මනසින් කරන හදුනාගැනීම් පමණක් බව තේරුම් ගත යුතුයි.
තව එක උදාහරණයක් විතරක් දක්වලා මං මේ ලිපිය අවසන් කරන්නම්. දැන් පිරිමි කෙනෙකුගෙයි ගැහැණු කෙනෙකුගෙයි මුහුණු ගත්තම මේ දෙන්නටම පෙනෙන්න තියෙන්නේ එකම ඉන්ද්රියයන්. ඒවා හැදිල තියෙන්නෙත් එකම ද්‍රව්‍ය වලින් ( හම, කෙස්, ලොම් ආදී) තවත් හොදට බැලුවොත් එකම ශුද්ධාශ්ඨක වලින්. නමුත් ඇස් පෙනෙන ඕන කෙනෙක්ට දැක්ක ගමන් කියන්න පුලුවන් මේ පිරිමි මූණක්, මේ ගෑණු මූණක් කියලා. එතකොට පැහැදිලි වෙනවා මේ වෙන් කිරීම කලේ ලෝකය නෙවෙයි අපේ මනසයි (විඥ්යානයයි) කියලා. මනස ඒ දේ කලේ අතීත සංස්කාර නිසා. එතකොට මේ ලෝකය නිර්මාණය කරගෙන තියෙන්නේ අපේම මනසින් මිසක් ඇත්තටම ලෝකේ තියෙන්නේ ශුද්ධාශ්ඨක ගොඩක් නේද?
මේ විග්‍රහය කලේ මගේ දැනුමෙන් බැවින් 100% ක් නිවැරදි නොවිය හැක. ගැටළුවක් ඇත්නම් ඉදිරිපත් කරන්න. අපි සාකච්ඡා කරමු.
ඔබට නිවන් සුව ලැබේවා. !

Monday, March 3, 2014
90 සතිය
අපේදුකින් 90% ක් විතර ඇත්තේ අතීතයෙත් අනාගතයෙත් ය. අපි වර්තමානයේ ජීවත්වේනම් ඇත්තේ දුකින් 10% පමණය.
Subscribe to:
Posts (Atom)