නුඹ නිදා සිටින්නේ ඇයිද මෙසේ මේ සදුගේ හෝරාවයි
මා බලා සිටින්නේ මේ හෝරාවේ
ප්‍රේමයේ රස විදගන්නයි
දිවාකලේ සුන්දර ලොව දුටුවද
සිනාසිසී නුඹ හිරු එළියේ
ඝනදුර පැතිරුන සදුගේ ලෝකය
විදගන්නට මේ වේලාවයි
කලුවර ගිලගත් මැදියම වූ වද
නිදා නොයිද මේ සද එළියේ
හුරු කර දෑසට සදුගේ ලෝකය
සැනසෙන්නට මේ වේලාවයි
ගෙවුනත් දහවල් හිරුගේ ලෝකය
වෙහෙසක් නොමැතිව හිරු එළියේ
වෙහෙසී සුන්දර සදුගේ ලෝකය
දැක ගන්නට මේ වේලාවයි
පියුම හිරුට මිස සඳුට අයිති නැත............
ReplyDeleteඔබට මෙය දැනි ඇත්තේ වෙනස් ආකාරයකට, මා අදහස් කලේ වෙනත් දෙයක්. එයයි ගීයක අපූර්වත්වයත්. මේවාට රූප රචනා නැතිවීම භාග්‍යයකි.
Deleteස්තූතිය අදහසට....