Monday, May 26, 2014

ප්‍රේමයේ රස විද ගන්නට මේ වේලාවයි

නුඹ නිදා සිටින්නේ ඇයිද මෙසේ මේ සදුගේ හෝරාවයි
මා බලා සිටින්නේ මේ හෝරාවේ
ප්‍රේමයේ රස විදගන්නයි

දිවාකලේ සුන්දර ලොව දුටුවද
සිනාසිසී නුඹ හිරු එළියේ
ඝනදුර පැතිරුන සදුගේ ලෝකය
විදගන්නට මේ වේලාවයි

කලුවර ගිලගත් මැදියම වූ වද
නිදා නොයිද මේ සද එළියේ
හුරු කර දෑසට සදුගේ ලෝකය
සැනසෙන්නට මේ වේලාවයි

ගෙවුනත් දහවල් හිරුගේ ලෝකය
වෙහෙසක් නොමැතිව හිරු එළියේ
වෙහෙසී සුන්දර සදුගේ ලෝකය
දැක ගන්නට මේ වේලාවයි

2 comments:

  1. පියුම හිරුට මිස සඳුට අයිති නැත............

    ReplyDelete
    Replies
    1. ඔබට මෙය දැනි ඇත්තේ වෙනස් ආකාරයකට, මා අදහස් කලේ වෙනත් දෙයක්. එයයි ගීයක අපූර්වත්වයත්. මේවාට රූප රචනා නැතිවීම භාග්‍යයකි.

      ස්තූතිය අදහසට....

      Delete