Saturday, October 25, 2014

අරවින්දගෙන්

කෙලෙසක හෙටදින ඵලබර වන්නද
මේ මල් දෙක එක ගසක දරා
කෙලෙසක ඔබහට පහදා දෙන්නද
එය රහසක් වී තිබෙන තුරා

දෛවයෙ සරදම් ලබනට අප ඇයි
මෙලෙසින් එකමග හමුවූයේ
හමු වූ මුල් දින අප සිත්තුල ඇයි
ප්‍රේමයෙ බිජුවට තෙත් වූයේ

දැරියක් වූවට ඉහලින් අග හිග
තිබුනලු ගෙයි වහලට බරවී
දෙතැනක වැඩුනත් ඔබමගෙ සොයුරිය
බව දැනගත්තේ මා පසු වී

4 comments:

  1. හදවත ඇතුලටම දැනෙන කවි පන්තියක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! සාදරයෙන් පිළිගන්නවා මගේ අඩවියට

      Delete