Sunday, June 28, 2015

වියෝ දුක

මාස දෙකයි හාද වෙලා හෙට්ටි ගෙදර කෙල්ල එක්ක - දුරකථනේ එල්ලීගෙන නන් දොඩවනවා
තරහ උනයි කියලා ඈ මුළු ලෝකෙම යාලුවන්ට - මුහුණු පොතේ එව්වා මෙව්වා ලියා යවනවා
හිතේ දුකට නොකා නොබී හූල්ලමින් සුසුම් ලමින් - බලා උන්නු අතේ ඔහේ බලා ඉන්නවා
හරි පුදුම්යි ඒකෙත් හැටි අම්මා තාත්තට වැඩියෙන් - එහෙනං ඒ කෙල්ලව දැන් උඹට වටිනවා

උඹේ අම්මා උඹට කවපු හැටි උඹ දන්නෑ මල්ලියේ
අවුරුදු විස්සක් තිස්සේ උඹව හදනවා
කාටත් නොකියා ඇගෙ දුක මුලු ලෝකෙන් වහුං කරන්
ලුනු වෙනුවට බත් හැලියට කදුළු හලනවා

අප්පච්චිත් උඹ දැක්කම මුවින් නොබැන ගෙට ගියාට
හිතේ කදුළු හිටි හැටියේ නෙතට උනනවා
හොඳ තැනකින් කටයුත්තක් හොයා දෙන්න බැරිවද හෙට
අම්මා අප්පා එක්ක ටිකක් කතා කරනවා

2 comments:

  1. Niyamai asanka. Ube abhi dharma post tikai thaththage nawakathaawai era okkoma post tika kiyewwa.. Jaya wewa.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා !. උඔට ගැලපෙන්නේ ටික්කා නෙවේ. බ්ලොග් කාවා වගේ නමක්. හි හී හී.....

      මාව ධෛර්‍යමත් කරන එකට නැවතත් ස්තුතී වන්ත වෙමි.

      Delete