Saturday, July 2, 2011

1 ලිපිය - අවසානය

අපි 1 ලිපියෙන් අනිත්‍ය දුඛ්‍ය අනාත්ම ගැන සාකච්ඡා කලානේ. ඒත් ඒවයි නොතේරුන හා ගැටලු සහගත තැන් කීපයක් විමසා සිටියා කීප දෙනෙක්.
 1. මේ ලෝකේ පවතින කිසිත් නැතිනම් වෙනස් වෙන්නේ මොනවාද?
 2.දැන් කෙනෙක්ට තරහ සිතිවිල්ලක් ආවම ඒක දිගටම පවතිනවනේ?
 3.මේ ලෝකේ පවතින කිසිත් නැතිනම් මේ පංචෙන්ද්‍රියන්ට දැනෙන්නේ මොනවාද?
  හොදයි පලමු ප්‍රශ්ණට හා තෙවැනි ප්‍රශ්නයට පිලිතුරු ලෝකයේ සංයුතිය ගැන කතා කරන ඊළග ලිපියෙන් සාකච්ඡා කරමු.
 දැන් අපි බලමු එකම සිතුවිල්ල දිගටම පවතිනවද කියලා. ඔබ මලක් දිහා බලලා මේ මලක් කියලා හිතන්න. දැන් දිගටම මේ මලක් කියන සිතුවිල්ලෙම ඉන්න. ඔබ ධ්‍යාන ලබලා නැත්නම් ඔබට එය කල නොහැකි. නමුත් ඔබ උත්සහ කලොත් ඔබට හිතේවී හැම තිස්සෙම මගේ හිතේ තියෙන්නේ මේ මලක් කියන එකම සිතුවිල්ල කියලා. ඇත්තටම එතනදි වෙන්නේ ඔබට වෙන්කොට හදුනාගත නොහැකි වේගයෙන් එකම සිතුවිල්ලක් නැවත නැවත ඇති වීමයි. ඒකට හේතුව ඒ සිතුවිල්ලට හේතුව වෙනස් නොවිමයි. හරියට කියනවනම් එකම අච්චුවෙන් ගහන භාණ්ඩ දෙකක් වගේ. ඒවා සෑම අතින්ම සමාන වුනත් ඒ එකක් නොව දෙකක්මයි. අධි වෙගයෙන් කැරකෙන රෝදයක් කරකැවෙන බව නොපෙනෙන්නා සේ අපිට එකම සිතිවිල්ල බිදි බිදි නැවත නැවත ඇතිවන බව නොපෙනේ. මා සිතනවා දැන් ඒ ගැටලුවට විසදුමක් ලැබුණා කියලා.
 එහෙනම් අපි ඊළග ලිපියෙන් ලෝකයේ සංයුතිය ගැන සාකච්ඡා කරමු. පලමු ලිපි පෙල පිලිබද ඔබේ අදහස් යෝජනා චෝදනා ලියන මෙන් කරුණාවෙන් ඉල්ලන අතර මෙහි යම් දෝෂයක් ඇත්නම් පෙන්වා දෙන ලෙසද ඉල්ලා සිටිමි.

2 comments:

  1. අසංක, මමත් මීට යමක එක කරන්න කැමතියි...
    "හරියට කියනවනම් එකම අච්චුවෙන් ගහන භාණ්ඩ දෙකක් වගේ. ඒවා සෑම අතින්ම සමාන වුනත් ඒ එකක් නොව දෙකක්මයි." ඔයා කියපු මේ කරුණට මම එකඟ වෙන්නෙ නැහැ. ඒ මොකද කියනවනම් මම කියවා ඇති අන්දමට එකම අරමුණක් කෙරෙහි වුවත් එකම සත්ව සන්තානයක් තුල ඇති වන සිත දෙකක් සෑම අතින්ම සමාන වන්නේ නැහැ. ඒ සිත් එකකට එකක් වෙනස්. අප යමකට ආශා කරන්නෙත් කලක් යන විට එය එපා වෙන්නෙත් මේ නිසයි!

    "එකම අරමුණක් ගැන එකම සන්තානයක ඇති වන සිත ද දහස් වරක් ඇති වන්නේ දහස් ආකාරයකිනි."(අභිධර්මයේ මූලික කරුණු, 1951 - රේරුකානේ චන්දවිමල මහනාහිමි, 41පිට)

    ReplyDelete
  2. ඔව් ඔබ හරි. පරමාර්ථ වශයෙන් ගත්තාම පොඩ්ඩක්වත් සමාන නෑ. එත් සම්මුතියක් වශයෙන් (අපිට පෙනෙන විදියෙන් ) දෙකම සමානයි.

    ReplyDelete