Saturday, July 9, 2011

2 ලිපිය - ලෝකයේ සංයුතිය

ඔබට මතක ඇති අපි අනිත්‍ය ගැන සොයා බලන විට මිනිසා කොටස් වලට බෙදාගෙන ගිය හැටි. එහිදි අපි ඉලෙක්ට්‍රෝන දක්වාම බෙදාගෙන ආවානේ. ඉතින් ඔබ හිතන්නේ ඉලෙක්ට්‍රෝන නියුක්ලියෝන තව දුරටත් බෙදන්න බෑ කියලද? නෑ මං එහෙම හිතන්නෙ නෑ. මට හිතෙන්නේ ඒවා තවදුරටත් බෙදන්න පුලුවන් කියලා. හරි විද්‍යාඥයෝ ඒවා බෙදනකන් අපිට ඉන්න බෑ නේ. අපි බලමු බුදුරජාණන්වහන්සේ කිව්වායැයි කියන්නේ මොනවද කියලා.(අපි කොහොමද දන්නේ ඇත්තටම කිව්වද කියලා)
 මං අහල තියෙන විදියට මේ ලෝකේ හැදිල තියෙන්නේ මූල ධාතු 6කින්. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ, විඥ්‍යාන යනු එම 6යි. සමහරු විස්තර කරන අන්දමට (සමහර විට තේරුම් ගන්න පහසු නිසා වෙන්න ඇති) ජලය, ගින්දර, වාතය, පස, අවකාශය හා සිතයි. හැබැයි බැලූ බැල්මටම පේනවා ඒක නිවැරදි නොවන බව. කොහොමත් අනිත්‍ය යනු පවතින කිසිවක් නැත යන්නනම් මේ මූලධාතු යනු භෞතික දෙයක් වෙන්න බෑ. මට හිතෙන හැටියට මේ ශක්තීන් 6ක් හෝ සංකල්ප 6ක් විය යුතුයි. අපේ පන්චේන්ද්‍රියන්ට හසුවන දේ නිර්මාණය වී ඇත්තේ පලමු මූලධාතු 4න්. අනිත් දෙක පන්චේන්ද්‍රියට දැනෙන්නේ නෑ.
 මෙම මූලධාතු 6ගැන ඔබට හිතෙන දේ කියන්න. එතෙක් මගේ පැහැදිලි කිරීම සතියකට කල් තබමී.

2 comments:

  1. මම කියවා අසා ඇති අන්දමට සත්‍ය වශයෙන් පවතින්නේ පරමාර්ථ ධර්ම 82ක් පමණයි. මීට අයත් නොවන කිසිදු දෙයක් ලොවේ කොතනකවත් නැහැ. එය ප්‍රධාන කොටස් 4කට බෙදන්න පුළුවන්. චිත්ත(1), චෛතසික(52), රූප(28), නිර්වාණ(1) වශයෙන්. ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන සතර මහා භූතයන් හා පරිච්ඡේද රූපය හෙවත් ආකාශ ධාතුව රූප ධර්ම 28න් 5ක් පමණයි. විඥ්ඥානය යනු සිත(චිත්ත)යි. මේ සියළු පරමාර්ථ ධර්ම ක්‍රියා විශේෂ හෙවත් ශක්ති විශේෂ කියන එක සත්‍යයක්. දසබලධාරී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ සංකල්ප, වාද, හෝ උපකල්පන නොපවතී.ඇත්තේ සත්‍යය පමණයි. අනිත්‍යය යනු "පවතින කිසිවක් නැත" යන්න නොව හේතූන් විසින් හටගන්නා ලද සියළු සංස්කාර ධර්මයන් ක්ෂණයක් පාසා උත්පාද, ටිති, භංග යන අවස්ථාවන්ට පත් වෙමින් අභාවයට යන බවයි.
    මා මෙහි සඳහන් කළ දේ තුල යම් අඩුවක් හෝ වරදක් ඇත්නම් එය මගේ අතින් සිදු වූ දෙයක් විනා ධර්මයේ අඩුවක් හෝ වරදක් නොවන බව සඳහන් කරනු කැමැත්තෙමි.

    ReplyDelete
  2. ඔබ මගේ බ්ලොගියට සම්බන්ධ වීම මට මහත් ආඩම්බරයක්. මම නොදන්න බොහෝ දේ ඔබ දන්න බවයි පෙනෙනෙන්නේ. ඉදිරියටත් ඔබේ අදහස් මා අගය කරනවා.

    ReplyDelete