Saturday, July 30, 2011

3 ලිපිය - ආරම්භය

මේ ලිපිය ඇරඹුමට කලින් කාරනා කීපයක් තියෙනවා කියන්න. මේ ලිපි පෙල සදහා ප්‍රධාන වශයෙන් අදහස් දෙකක් තිබෙනවා. සමහර අය මේ ලිපි ගැඹුරු වැඩි බවත් සමහර අය ගැඹුර මදි බවත් පවසා සිටියා. මෙහිදි මා සදහන් කල යුත්තේ මාගේ අරමුණ අභිධර්මය විග්‍රහ කිරීම නොවන බවයි. මා මෙම ලිපි පෙලින් බලාපොරොත්තු වෙන්නේ අප ජීවත් වෙනකොට අපිට එන ගැටළු සහ සිතට එන දුක අවම කර ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමයි. බොහෝ ගැටළු වලට මා දකින ප්‍රධාන හේතුවක් නම් යතාර්ථවාදීව ගැටළු දිහා නොබැලීමයි. නමුත් ඒ සදහා ගැඹුරු අභිධර්මය ද අවශ්‍ය නොවේ. ඒ නිසා මා උත්සහ කරන්නේ මේ ලෝකයේ සිදුවන සිදුවීම් දෙස යථාර්තවාදීව බැලීමට පුරුදු කිරීමටයි.
  මෙහිදී මා බුන්ජුට කෘතඥ වෙනවා මට "අභිධර්මයේ මූලික කරුණු" යන රේරුකානේ චන්ද්‍රවිමල ස්ථිවරයාණන්ගේ පොත ලබා දීම ගැන. එහි ඇති කරුණුත් මා සදහන් කර ඇති නරුණුත් සලකා බැලීමේදී ලොකු වෙනසක් නැතත් යම් යම් දෝෂ තිබූ බව පැවසිය යුතුයි. මා ඉහත ලිපියේදී සදහන් කලා විඥ්‍යානය වෙනස් කිරිමට අනෙක් ධාතු වලට නොහැකි බව, නමුත් දුර්වල ශක්තියක් ඇති විඥ්‍යාන ඒවායේ බලපෑමෙන් වෙනස් වන බව සදහන් කල යුතුයි. එසේම මහා භුතයන්ගෙන් තේජෝ ධාතුවට වැඩි බලයක් ඇති බවද පැවසිය යුතුයි. එහි සදහන් අනෙක් කාරණා සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගැනීම අපහසු බැවින් සදහන් නොකර ඉදිමි. එම පොත අවශ්‍ය කෙනෙකු මාගෙන් ඉල්ලන්න.
තෙවන ලිපි පෙලින් මා හේතුඵල දහම ගැන සොයා බලන අතර එහිදිද අභිධර්මයේ එන පටිච්චසමුප්පාද ධර්මය පිලිබද විග්‍රහයකට නොයන අතර අපට පෙනෙන දැනෙන ලෝකයේ පැවැත්ම පිලිබද සොයා බැලීමක් කිරිමට සුදානම් වෙමි. ඔබට තෙරුවන් සරණයි!. 

2 comments:

  1. ඔබට උදවු කිරීමට ලැබීම සතුටක් ජොරා!
    ජොරා, මම ඔයා කියන එක කරුණකට එකඟ වෙන්නෙ නෑ.. ඒ මොකද කියනවනම් ලෝකය දෙස යථාර්තවාදීව බැලීමට නම් අපි අභිධර්මය අනුව හිතන්න ඕනි. දුක අවම කර ගැනීමට මෙන්ම දුක නැති කිරීමට නම් ලෝකය දෙස යථාර්තවාදීව බලා (ඇසින් නොව සිතින්) ලෝක තත්වය මැනවින් අවබෝධ කර ගත යුතුයි. මෙහිදී දැනුම සහ අවබෝධය යනු දෙකක් බව සිහිතබා ගන්න ඕනි.
    ඒ වගේම මේ ලෝකයේ පැවැත්ම සිදුවෙන්නෙ කොහොමද කියල තේරුම ගන්න නම් අභිධර්මයේ එන ප්‍රත්‍ය විභාගය තේරුම් ගන්න ඕනි.

    ReplyDelete
  2. ඔබට මං කිව්ව දේ තේරිලා නෑ වගෙයි පෙනෙනෙන්නේ.ඇත්ත දැනුම හා අවබෝධය අතර ලොකු වෙනසක් තියෙනවා, අවබෝධ කර ගන්න මනා පුහුණුවක් අවශ්‍යයි. ඒ නිසයි පාරමිතා ධර්ම පිරිය යුත්තේ. අපිට එක් හවයකින් නිවන් දකින්න බෑ. නමුත් යතාර්ථය පිලිබද දැනුමක් තිබේ නම් අපිට සිතට එන සිතුවිලි පාලනය කල හැකි. උදාහරණයකින් කියනවනම් කෙනෙක් මැරුණම සිතට දුක දැනෙනවා. නමුත් යතාර්ථය දන්නවනම් අපිට ඉක්මනටම සිත හදාගන්න පුලුවන්.

    ReplyDelete