Sunday, July 10, 2011

7 කොටස

ඈ චූටිපුතා තුරුලට ගෙන ඔබ මොබ ඇවිදිමින් නැලිවිලි ගීයක් මුමුණන්නට විය.
 "නන්දෝ මොකද ඔයා කියන්නේ".
"මොකක්ද?".
 "මං හිතා ඉන්නේ ගමෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදන්න, හැමදාම කුලී ගෙවල්වලම ඉන්නද ඔයාගෙ කල්පනාව".
 "ඔව් ඒ අදහස නම් හොදයි, කොහොමත් මං හිතන් හිටියේ ලමයා හම්බවෙන්න කලියෙන් අම්මලෑ ගෙදර නවතින්නයි. ඒත් කොහෙන්ද ඔව්වට සල්ලී, ඉඩමක් ගන්න සෑහෙන මුදලක් යාවී."
 "මං අපේ හිච්චට කිව්වා ඉඩමක් බලන්න කියාලා. ඌ පනෙල්කන්දෙන් ඉඩමක් බලලා අක්කර භාගයක්,  30ක් කියෙව්වලු, ඔයාට බැරිද ලෝන් එකක් ගන්න. කොහොමත් මට ණයක් ගන්න හැටියක් නෑ. මං හිතාන ඉන්නේ මේ රස්සාවෙන් අස්වෙන්නයි. "
 "මොකක්! අස්වෙන්න ඒ මක්කද?, අස් වෙලා මොකක් කරන්නද හිතන් ඉන්නේ "
 "මේ දවස්වල වැඩපලේ හරි කචල්, සේවකයො ඇමතිට ඕන හැටියට දාගෙන දැන් පඩි ගෙවාගන්න හැටියක් නැතිව. මං හිතන්නේ ලගදිම වහන්න වෙයි. ඇරත් ගමට ගියාම එහේ ඉදන් එන්න හැකිදෑ"
 "කෝකටත් ඔයා පරිස්සම් වෙන එක හොදයි, මේ දවස්වල ඔයාට අපල"

3 comments:

  1. දෙබස් ලිවීමේදී වෙනත් ක්‍රමයක් අනුගමනය කළා නම් ගොඩක් හොඳයි, මොකද සමහර වෙලාවට තේරුම ගන්න අමාරුයි කවුද කීවෙ කියල.

    ReplyDelete
  2. මා ඉදිරියට එසේ කිරීමට සිතාගෙන සිටිමි. මෙහි "" ලකුණින් කියන කෙනා මාරු වේ.

    ReplyDelete
  3. දෙබස් වල අගට "යි නන්දා කීවාය" වගේ කොටස් එකතු කිරීමෙන් හා මුලට ඊළඟ දෙබසට උචිත යමක් සඳහන් කිරීමෙන් පාඨකයාට වඩා පහසුවෙන් අවබෝධ කරගත හැකියැයි සිතමි.

    ReplyDelete