Wednesday, July 13, 2011

8 සතිය

ඔබට තරහ ගිය විට හරි දුක හිතුන විට හරි වෙන ඔනෑම වෙලාවකදි හරි අන් අයට දොස් කියන්න ඒපා. ඔබට ඒන සෑම සිතුවිල්ලකටම වග කිවියයුතු ඔබයි.

4 comments:

  1. "ඔබට එන සෑම සිතුවිල්ලකටම වගකිවයුතු ඔබද නොවේ" යැයි කීවොත් ඔබ මොකද කියන්නෙ ජොරා???

    ReplyDelete
  2. ඇත්ත. මම කියා කෙනෙකු නොමැති බැවින් වග කිව යුත්තේ මමද නොවෙමි. නමුත් පම්මා, මං කිව්වා වගෙ මං උත්සහ කරන්නේ යතාර්ථය අවබෝධ කිරීමටත් වඩා අපේ සමාජීය ගැටළු අවම කිරිමටයි. යමක වගකීම කවුරුත් බාර නොගන්නේ නම් ලෝක පාලන ධම්ය විනාශ වෙනවා.

    ReplyDelete
  3. "No doer is there who does the deed. Nor there one who feels the fruit" - Visuddhi Magga
    මෙය දැනගැනීමෙන් ලෝක පාලන ධර්ම හෙවත් දේව ධර්මය වෙන හිරි, ඔත්තප්ප (ලජ්ජා, භය) නැති වෙනව කියල මම නම හිතන්නේ නෑ.

    ReplyDelete
  4. ඔබ හිතන්නේ සංඝයා වහන්සේලා හිරි ඔතප් නිසා පව් නොකර ඉන්නවා කියලද? මම වුනත් (මම සොවාන් වෙලාවත් නෑ ) පව් නොකර ඉන්නේ හිරි ඔතප් නිසා නෙවෙයි. මම කියල කෙනෙක් නැත්නම් මොකටද මට ලෝකයා දොස් කියයි, නීතියෙන් දඩුවම් ලැබෙයි, මට විපාක දෙයි කියලා බය වෙන්නේ. මම කියල කෙනෙක් ඉන්නවා යන සිතුවිල්ල මතයි බය ඇති වෙන්නේ.

    ReplyDelete