Thursday, July 21, 2011

9 සතිය

මේ ලොව ඇතිවීම, පැවතීම, නැතිවීම යයි 3ක් නැ. ඇත්තේ ඇතිවීම හෝ නැතිවීම යි. එය අපි වෙනස් වීම යයි කියමු.

6 comments:

  1. පැවතීමක් නෑ කියල කොහොමද කියන්නෙ?

    ReplyDelete
  2. මගේ යථාර්තය සොයා මැයෙන් දමා ඇති ලිපි පෙල කියවන්න. සියල්ල හැම විටම වෙනස් වේ. චලනය වේ. එම නිසා ස්ථිර කිසිවක් නැ.මෙහි පැවතීම යනු වෙනස් නොවි තිබිමයි.

    ReplyDelete
  3. නැහැ, ලෝකයේ ඇතිවීම, පැවතීම, නැතිවීම කියල තුනක් තියෙනවා. ඒත් පැවතෙමින් තියෙන ලුහුඬු කාලය සාමාන්‍ය සිතට විෂය නොවෙන නිසා අපිට හිතෙන්නෙ පැවතීමක් නැහැ කියල.

    ReplyDelete
  4. මා දන්නැ ඔබ මාව විශ්වාස කරයිද කියලා. මගේ විශ්වාසයේ හැටියටනම් ඔය ඉපදීම, පැවතීම , නැතිවීම ලෙස සමාන කොටස් 3කට බෙදා ඇත්තේ තේරුම් ගැනීමේ පහසුවටයි. උදාහරණයකින් නියබවනම් මලක් පිපී පරවනතුරු කාලය මලේ ආයුෂයයි. එහි පිපිගෙන එන කාලය උප්පාද කාලයත්, සම්පූර්ණයෙන්ම පිපී ඇති කාලය තිථි කාලයත්, පරවෙන කාලය භංග කාලයත් ලෙස දක්වනවා.
    ඔබ දුන් පොතෙහිද එවැනිම අදහසක් තියෙනවා. සිතේ ආයුෂ යටතේ බලන්න. "සිතද ක්‍රියාවත් බැවින් ක්‍රියාවන්ට අයත් වූ ඒ ස්භාවය නොයික්මවා ඉපිද මොහොතකුදු නොපැවතී වහා අභවප්‍රාප්ත වේ" යැයි එහි සදහන්.

    ReplyDelete
  5. උන්වහන්සේ එම පොතේ "ඉපිද මොහොතකුදු නොපැවතී වහා අභවප්‍රාප්ත වේ" යැයි සඳහන් කර ඇත්තේද එම පැවතීමේ කාලයේ ලුහුඬු බව දැක්වීමට විනා නොපවතින බව දැක්වීමට නොවේ.

    ReplyDelete
  6. මා දන්නෑ. මා සිතන විදියට නම් ක්‍රියාවන්ට අයත් වූ ඒ ස්භාවය නම් වෙනස් වීම යන්නයි. මේ ගැන වාද කිරීමෙන් ඵලක් නෑ බං. පැවතුනත් ඒක කවදාවත් ගණනය කල හැකි කාලයකුත් නෙවේනේ. මොකද සිතට වඩා වෙගවත් දෙයක් නෑනේ.

    ReplyDelete