Friday, July 8, 2011

අරටුව දරට ගෙන පොත්තට ආ වැඩීම

බොලාලා දන්නවනේ අපේ ඇයින්ට වැදගත් දෙයක් දෙන්ට බොහොමැ අමාරුයි නොවැ. ඇහැ කන පිනවන දෙයක්නම් මුන්දැලා දෝතින්ම පිලිගනී. ඒක නෙව ඔය උගන්නන ගුරුවරු විහිලු කතා එහෙම කීන්නේ. ඒත් බාං සමහර එවුන් විහිලු කතාවනම් හොදට ඔලු ගෙඩියට දාගනිපිනා පාඩම මතක නෑ නොවැ.
 ඔය වෙසක් පොසොන් දවස්වල හේම අපිත් වෙසක් පොසොන් බලන්න ගොහින් දන්සැල් සේරොමත් වැදගතිපිනාමනේ. හැබැයි ඔං මතන ඇති කාලෙකනම් මං දන්සැල් ගොහින් වැදලනම් නෑ ඕං හොදට කාලබීල එනවා මිසක්කා. ඉතින් මං මේ කියන්ටේ අපි හුග දෙනා තොරණ පහන් කූඩු එහෙම බලාපිනා එන ගමං කියන්නේ මක්කද? " අනේ සෝක් කූඩුව හරිම නිර්මාණාත්මකයි හතර දිහාටම කැරකෙනවනෙව...." " ලස්සන තොරණ අඩි 60 ක් උසයිනෙව බලුප් මාරම ගති......" වගේ එව්වනේ. කියෙන් කීයද කියන්නේ "එකේ තියෙන්නේ උම්මංග ජාතොකේ බලන්න එපෑයැ මහෝෂධ කුමාරගේ ණුවනැති කම අපිත් ඒ වගේ හිස් ගෙඩිය පාවිච්චි කොරන්ට ඔනැන්නෙ" කියාලා එහෙනං. අනේ මං දන්නේ නෑ බාං මුං එදාටත් ගොහින් කොරන්නේ එපාය කියා වදාළපිනාපු පන්චේන්දිරිය පිනවන එකමනේ.
 දැන් බලන්ට මගේ මේ බුලැගිය උනත් ලියන්නේ ඇත්ත නැත්ත මොකක්ද කියල තේරුම් බේරුම් කරගන්න නෙව. කෝ ඉතින් ඒකට බොලාගෙන් කිසි බකප් එකක් නෑ නොවෑ. ඔය කටකහනවට කියන කතාවක් බලලා ( එකෙනුත් ගන්න ඕන දේ ගන්නවද මං දන්නේ නෑ) කොමෙන්ට් එකක් දාපිනාලා යනව මිසක්කා. මට ඉතින් මං කියන, හිතාන ඉන්න එව්වා හරිද වැරදිද කියාලවත් බලාගන්න හැටියක් නෑ නොවෑ අම්මපා.    

2 comments: