Friday, July 22, 2011

ලස්සන කන්නද?

හැබැටම ලස්සන කන්ටද මං අහන්නේ? මං ඕං ඔය පුරස්නේ ඇහැව්වා කීප දෙනෙක්ගෙන්ම.නානාප්‍රකාර උත්තර අතරේ තිවුණු එකම අදහස තමයි තව කෙනෙකුගේ හිත ගැනීම. අපි බලමු ලස්සනෙන් ඇති ප්‍රයෝජ්ජං ටිකක්.
වැඩපොලක නම් රාත්‍රිසේවය කොලාම ලස්සන උදවියට උසස් තානාන්තර එහෙම හම්බු වෙනවලු.
 තරුණ එවුන්ටනම් කොල්ලෙක් කෙල්ලෙක් දාපිනා ගන්ට පුලුවන්ලු. (ලස්සනට රැවටිලා විනාස වෙන එවුනුත් ඉන්නවනේ හැබැට).
 වෘත්තීමය වසොයෙන් ගත්තාම නගරසෝබනියන්ටයි නිරූපන සිල්පිනියන්ටයි ලස්සන වෙලදාම් කොලහැකිලු.
 හැබැටම මං අහන්නේ ඉගෙනගන්න වයොසෙ එවුන්ටයි වල පයයි ගොඩපයයි ඉන්ට එවුන්ටයි මොටෙයි ලස්සන. උන්ටත් ඉතින් ලස්සන වෙන්ට සෑහෙන වියපැහැදමක් කොරන්නේ ලාභ පරියෝජන ඇති නොවෑ.
 දැන් බලන්න සල්ලාලයො අතින් දූසනය වීම, අතේ තියෙන තුට්ටුවට කෙල වීම, බස් එකේදි අතවරයට පත්වීම වගේ  බොහෝ පරියෝජන තියනවනෙව උන්ට ලස්සන උනාම.
 බොලාට කිව්වම මොකද ඔය පේසොල් කොරාගෙන සුවද ගහගෙන අඩනිරුවතින් යන ගැටිස්සියෝ දැකපිනා වෙලාවට මයෙත් කාම තෘස්නාව වැඩිවෙනව නෙව. මං ඉතින් අනිච්චා වත සංකාරා කියලා හිත හදා ගන්නව.
 මයෙ නම් හිතේ වැදගත් වන්නේ ලස්සන නොවෙයි බොල පිරිසිදු කම. ඔය උඩින් කපරාරු කොරාගෙන ගියාට මොකද ඕකුන්ගේ අහවල්තැන් හොදනවද දන්නෙත් නෑ නෙව. මං අහන්නේ පිරිසිදුවට පිලිවෙලට හිටියනම් අංගපුලාව නැතැත් කාටත් හිතහොදින් කටයුතු කොරානම් අනිත් උන්ගේ හිතගන්න ඔයාකාර වියපැහැදම් කොරාන්ට ඕනැන්නේ නෑනේ.
 මං දැකපිනාලා තියෙනව ඔයි වගේ පිරිසිදුවට පිලිවෙලට හැදපැලදගෙන යන ගැටිස්සියො එහෙම. බොලාට කියන්ට මොකද හරිම පිං පාටයි, කොච්චර බලා හිටියත් එපා වෙන්නෑ නෙව.ඒ විතරක්ද අරවගේ පල්හිතුවිලි එන්නෙත්නෑ නොවෑ..

7 comments:

  1. හ්ම්ම් ඔයා හරි

    ReplyDelete
  2. ලස්සන කන්නද කිව්වට බං ලස්සන කෙල්ලෙක් දැක්කාම අපිට හැරිලා බලන්න හිතෙනවනේ ;)

    ReplyDelete
  3. ඒක තමයි කියන්නේ. අපි හැරිල බලන නිසාද ඔයහැටි ලස්සන වෙන්න වියදම් නරන්නේ. නිකන් යන ගමන් ඌයි කියලා කිව්වත් අපි හැරිල බලනවනේ.

    ReplyDelete
  4. ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණි කෙලියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම කල එළියයි

    ReplyDelete
  5. ඔය බන කිව්වට ලස්සන කෙල්ලෙක් දැකකම අයියත් නොබලාම ඉදියි හි හි හි

    ReplyDelete
  6. අම්බලම මල්ලි ජොරා අයියටද මටද කීවෙ. ඔන්න ඉතින් මමනම් බොරු කියන්නේ නෑ ඔන්‍න‍, මමනම් ලස්සන ගැහැණු ළමයෙක් දැක්කම එයා දිහා බලනව හොඳේ... තමන්ගෙ අඩුපාඩු තියෙනවනම් ඒව තියෙනව කියන්න මමනම් ලැජ්ජ වෙන්නෙ නෑ ඔන්න!

    ReplyDelete
  7. මමත් ලස්සන කෙල්ලෙක් දැක්කම බලනවා මල්ලී. ඒකනෙ මං කිව්වේ "අපි හැරිල බලන නිසාද ඔයහැටි ලස්සන වෙන්න වියදම් කරන්නේ. නිකන් යන ගමන් ඌයි කියලා කිව්වත් අපි හැරිල බලනවනේ." කියලා.

    හැබැයි මං ලස්සන කෙල්ලොන්ට දෙන්න යන්නෙනම් නෑ හොදේ.

    ReplyDelete