Sunday, July 24, 2011

සිත,

උඹ නම් මහ මෝඩ රජෙක්
ආයෙත් උඹ ඉල්ලන්නේ
එපා කියා ඉවත දාපු
ජුගුප්සාවෙන් අහක බලපු
කාල ව‍‍ර්ණ රළු රෙද්දෙන්
පොරවාලා මුවා කරපු
ඒ අසූචි ගොඩම තමයි

ස්වේත ව‍ර්ණ මුදු සේලෙන්
සඟවාලා සුවඳ හලා
තිබුනත් එය අපූරුවට
ආයෙත් උඹ ඉල්ලන්නේ
ඒ අසූචි ගොඩම තමයි

ඇත්ත නැත්ත නොම තේරෙන
රූප මඳින් නෙත් නොපෙනෙන
එක එක දේ ඉල්ලන්නේ
උඹ නම් මහ මෝඩ රජෙක්

5 comments:

  1. මේකනම් මරු මචං!

    ReplyDelete
  2. උඹේ හිතත් මගේ හිත වගේම තමා.

    ReplyDelete
  3. එක හිත් නැති අපේ හිතුත්
    දහඅට සන්නිය වාගේ

    ReplyDelete
  4. "කනාලිය පැරයූ
    තුනු සිරි මවා ඇතිදු සිවුවත්
    පිය මන ගුණ පියා
    හද තුල ගලක් ඇතුලේ තුළේ..."
    - මල්ලි ඕවට රැවටෙන්න එපා මල්ලි! -

    ReplyDelete
  5. ඒ මොකක්ද බං ඒ? සංස්කෘතද?

    ReplyDelete