Friday, July 29, 2011

පැන්නට පසු සිතා බැලීම

හැබැටම මොකටද බාං කොල්ලො කෙල්ලො පෙම්හබ පටන් ගන්නේ? මං ඉතින් ආලෙන් වෙලිල ඉන්න මගේ සගයො ඒ කියාන්නේ ගෑනු පිරිමි දෙගොල්ලොන්ගෙන්ම ඇහැව්වා මොකටෙයි බොලාලා පෙම් කොරන්නේ කියාලා. ගොඩක් ඈයෝ නම් කියාපිනා අපි දෙන්නාට දෙන්නා ආදරෙයි නොවැ, මගේ ලයිප් පාට්නෝර් තමයි එයා. ඉතින් ඔහොම කියාපිනාපු ඈයොම ටික දවසක් ගොහින් බැලින්නම් මෙන්න වෙන එකියක්, එකෙක් එක්ක යනවා. ඉතින් මං ඇහැව්වා "මොකෑ බං මේ.., කෝ උඹලැ ලයිප් පාට්නොර්ද කවුද?"   එතකොට මුන් කියාපිනා අපි දෙන්නා ගැලපෙන්නෙ නැතිය ඒක නිසා වෙන් වුනාය කියාලා. අලි හුට්ටප්පරයයි, ඉතින් මං ඇහැව්වා බොලාට ඒක තේරුනේ ආලෙ කොරල බයිස්කෝප් බලන්න බොක්ස්ද මොනවයිද ගිහිල්ලා නානාප්‍රකාර තැන්වල ගියාටත් පස්සෙද කියාලා". ඒ පාර මුන් කියාපි එහෙම තමයි බාන් එකපාරොටම ගැලපෙන කෙනා හොයාගන්න බෑ නොවෑ".
  දැන් ඇත්තටම ඔය පෙම් කොරන එවුන් තමන්ගේ හැබෑ සොරුපෙන්මද පෙනී ඉන්නේ. ඒ කාලෙනම් කියන කියන විදියට දෙන්නට දෙන්නා හිටියට දීගතල ගියාට පස්සෙත් එහෙම ඉන්නවද? නෑ නොවෑ. ඉතින් කොහොමෙයි ගැලපෙනවද නැද්ද බලන්නේ. හොදම වැඩේ තමයි යාලුවො වාගේ ඉදල ගැලපෙනවද නැද්ද කියාලා බලන එක.
නැත්නම් හොද ක්‍රොමෙයක් තියෙයි, දැන් විවාහ උනැයින් පස්සෙත් ගැලපෙන්නැතිය කියල හිතුනාම දික් කසාද වෙලා තව එකෙක් විවාහ කොරාගෙන බලනවා, දරුවොත් හැදුවට පස්සේ මූ හරි මේකී හරි මට ගැලපෙන්නැතිය කියාලා තව එකෙක් , එකියක් සහේට ගෙන බලනවා. කොහොමෙයි වැඩේ..

8 comments:

  1. ඈ බාන්! දැන් ඔහොම නැතුව කොහොමෙයි ටෙස්ට් කොරලා බලන්න්නේ?
    මම කිව්වේ කසාද බඳින්නෙ නැතුව ඕං!

    ReplyDelete
  2. ටෙස්ට් කොරාන්න දෙයක් නෑ බාං. හැමවිටම එකගතාවය මතයි ජීවත් වෙන්ඩ ඕනෑ. කොහොමත් දෙන්නෙක් එක වගේ නෑ නොවෑ.

    ටෙස්ට් කොරාන්නම ඕනෑනම් ඉතින් මං කිව්වා හැටියට කොරනවා හොදයි.

    ReplyDelete
  3. විසිතුරු, අංගුත්තර නිකායේ එන මහානාම සුත්‍රය හා සප්තභාර්යා සුත්‍රය යන සුත්‍රයන් කියවා දැන ගන්න.

    ReplyDelete
  4. ඇත්තතම ආදරේ කරනවා නම් එහෙම පොඩි හරි නොගැලපීමක් තියෙනවා කියලා දැනුනොත් ඒකට හරියන්න තමනුත් වෙනස් වෙන්න ඕනේ....
    එහෙම නැත්තන් ආදරේ කියන්න හදිස්සි නොවී යාලුවෙක් විදිහට කාලයක් ආශ්‍රය කරලා දැනගන්න ඕනෙ තමන්ට ගැලපෙනවද කියලා....
    ඔය First sight love කියන දේ නම් මම පොඩ්ඩක්වත් පිලිගන් නෑ.....

    ReplyDelete
  5. එහෙම කියන්න එපා දුටු පමණින් ආදරය දැනෙන්නත් පුලුවන්. මොකද ආදරයට හේතුවක් නෑනේ. හැබැයි පුතෝ විවාහ වෙන්නනම් දැක්ක ගමන් තීරණය කරන්න එපා.

    ReplyDelete
  6. දැක්ක ගමන් ආදරේ හිතෙනවා කියන්නේ කොහොමද,,,,, රූපයක් දැකලා ඇතිවෙන්නේ ආදරයක් නෙමේ, ආශාවක්, කැමැත්තක් විතරයි කියලා මම නම් හිතන්නේ....
    රූපෙ දැක්කයි කියලා කාටවත් කෙනෙක්ගෙ හදවත කොහොමද කියලා තේරෙන් නෑනේ...
    ආදරය කියන්නේ හදවතේ බැඳීමක්....

    ReplyDelete
  7. මේකනේ සංසාර පුරුද්දක් තියෙනම් දැක්ක ගමන් හැගීමක් එන්න පුලුවන්, එහෙම නැත්නම් රූප රාගය නිසා හැගීමක් එන්නත් පුල්වන්

    ReplyDelete
  8. ලව් ඉන් ෆස්ට් සයි(ග්)ට් --> මල ඉලව් ඉන් සෙකන්ඩ් සයි(ග්)ට් :D

    ReplyDelete