ගෙදරින් උදේ 5.30 බස් එක අල්ලගත්ත නිසා අව්ව වැටෙන්න කලින් කොළඹට ආවා. නැත්නම් අව්වේ ඇවිදින්න ගියානම් පිස්සු හැදෙනවා මා මටම කියා ගත්තේ තවමත් උදේ 9.20 බැව් අත් ඔරලෝසුවේ සටහන් වී ඇති බව දැකිමෙනි. 120 බස් එකක් බලලා නැගගත් මම ජනේලයක් අසල ඉදගත්තෙමි.
තවමත් සමහර කඩ වසා ඇත. සමහර කඩවල සේවකයින් දුම් අල්ලති, කහ වතුර ඉසිති. සමහරෙක් මැස්සන් එලවිමේ අදහසින් ද එසේ කරයි. හිගන්නෝ නම් උදැසනින්ම වැඩ අරඹා ඇත. එක් යාචකයෙක් කඩයක් ඉදිරියේ සිටගෙන සිටි. කඩේ මුදලාලි හදුන්කූරු කීපයක් දල්වා භාණ්ඩ වලට ද දුම් අල්ලා බිත්ති මුල්ලේ වූ කුටියක ගසා වැදගෙන මොනව ද මුමුණන්නට පටන් ගත්තේය. යාචකයා ද මේ සියල්ල අවසන් වනතුරු ඉවසිල්ලෙන් බලා සිට කඩයේ දොරකඩට ගොස් කිසිවක් ඉල්ලන අයුරින් අත දික්කලේය. එවිටම මුදලාලි ඔහුගේ ඇගට කඩා පැන්නේය.
“යනවා මිනිහො යන්න ආවා උදේ පාන්දරම.... දවසම ....“ බසය ඉදිරියට ඇද්දු බැවින් නෙත් දර්ශන තලයෙන් ඉවත් විය.
කොන්දොස්තර මහතා බසයේ ඉදිරිපස සිට පිළිවෙලින් ටිකට් කඩමින් එනු දැක මා නැවතත් කමිස සාක්කුවේ තිබූ කොල කෑල්ල ගෙන පිරිස්සා ඇතුලට දාගත්තේය. මදක් එසවී පිටුපස කලිසම් සාක්කුවෙන් මුදල් පසුම්බිය ගෙන රුපියලේ කොලයක් හා දෙකේ කොලයක් අතට ගත්තෙමි.
“කොහුවලට කීයද? “ මම ඇසිමි.
“35 යි“.
මම රුපියලේ කොලය දික් කලෙමි.
දෙහිවල ජල සම්පාදන මණ්ඩලයට පලමු පත්වීම ලැබුණු බැවින් කොළඹ නවාතැනක් සොයා ගැනීමට මට සිදුවිය. ඒ ගැන මගේ මිතුරෙකු ට දන්වා කූලී නිවසක් සොයා ගැනීමට තීරණය කලෙමි. මගේ කුඩා කාලයේ සිටම අතිජාත මිත්රයකු වූ අරවින් ද මට අන්තිමට මුන ගැසුනේ ඔහුගේ මවගේ මළ ගෙදරදීය. එදින ඔහුගේ ලිපිනය ඉල්ලා ගැනීමට මට හැකි විය.
මා යැවූ ලිපියට පිලිතුරු වශයෙන් ඔහු කියා තිබුනේ හදිසියේම කූලී ගෙයක් සොයා ගැනීම අපහසු බවත් නිවසක් සොයා ගන්නාතෙක් තම නිවසේ නතරවන ලෙසත්ය.
Next chapter - http://asanka-mind.blogspot.com/2013/01/2.html
Machan. Me series eka next week ekata thiyagaththa. Puluwannam ekn ekata mula indala anthimata yanakam link daapan issarahata passata yanta kathawa kiyawanta. Thanks.
ReplyDeleteman danne naa machoo ubata one widiya hariyatama. eth man hama post ekema next chapter eke link tika damma'
DeleteHope it'll help you.
Thanks for commenting and motivating me