Wednesday, April 24, 2013

ආදර විභාගා


අප හමුවුන හැටි මතකද සොදුරිය
මට වාගෙම නුඹටත් අමතක ඇති
එනමුත් මතකයි අද වාගෙම මම
සිටියා දවසක් නුඹ හමුවී...//

දෑතට බරදී උඩ බිම බලමින්
අහස පොළව ගෙන ගැටලන විලසින්
සිටියා එදවස වාගෙම මෙලසින්
නු‍ඹෙ පැනයට මා පිළිතුරු සොයමින්

අප හමුවුන හැටි.../

එදවස ඔබ මා හමුවී තෙවරක්
නොම මගහැර හැම පාසා වසරක්
අද ඇයි වසරට හමුවී දෙවරක්
රිදවන්නේ අසමින් පැන දහසක්

අප හමුවුන හැටි.../

2 comments:

  1. අද නෙත ගැටුන තවත් කවු අඩවියක්.. අගෙයි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  2. ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට !

    ReplyDelete