Sunday, July 31, 2011

10 කොටස

ඔවුන් තිදෙන තම  කූලී නිවහනට ආයුබෝවන් කියා තමාගේම නිවසකට පැමිනියෝය. එම නිවස පිහිටා තිබුනේ නන්දාගේ මහ ගෙදර සිට ඇල්පිටිය දෙසට එනවිට හමුවන පනෙල්කන්ද නම් ප්‍රදේශයේය. පනෙල් කන්ද පාර ආරම්භ වන්නේ සුසාන භූමියක් අසලිනි. අනෙක් පස සිල්ලර කඩයකි. එම වැලිපාරේ සැතපුම් කාලක් පමණ එනවිට සොහොන්භුමිය අවසන් වන තැනම පොහොසත් පෙනුමක් ඇති සුදු හුණු පිරියම් කල නිවෙසකි. එය මොවුන් ගත් ඉඩමෙහි අයිතිකරුවන් ජිවත් වන නිවස වන අතර ඊට යාබදව පිහිටා තුබූ පොල්අතු සෙවිලිකල මැටි ගෙය අදාල නිවස විය. පාරට බෑවුම් වන කන්දක පිහිටි එම නිවස නන්දා විසින් එහි පදිංචිකරුවන්ගේ ද අවසරය ඇතිව ගොමමැටි ගා ලස්සනට සකස් කලාය. තම හිතවත්ම ඥාතීන් කිහිප දෙනෙකුට ආරාධනා ඇතිව පොඩි උත්සවයකින් ගෙට ගෙවදීම කලෝය.
 එහි ස්තෝප්ප කොටසක් ද සහිතව විසිත්ත කාමරයක් ද එක් නිදන කාමරයක් ද විය. නිවසට යාබදව පිටු පසින් වෙනමම මඩුවක කුස්සි කාමරයද ඊටත් මදක් එපිටින් පොල්අතු වලින් ආවරණය කල වැසිකිලිය ද විය. නිවසට පිටුපසින් පර්චස් 50ක් පමණ වූ ඉඩමය. එය කොස් ගස්ද යකඩවරම්( ඇලස්ටෝනියා) ගස්ද වෙනත් වටිනා ගස් කීපයක්ද  සහිත වූ කැලෑවක් බදු විය.
 පාරෙන් එපිට මෙම නිවසට මුහුනලා තව එක් නිවසක් පිහිටියේය. එය ද ගඩොලින් බැද සුදු හුණු පිරියම් කල එකකි. එහි "පිස්සු බලු රෝගයට ප්‍රතිකාර කරනු ලැබේ" යැයි සදහන් බෝඩ් ලැල්ලක් සවිකර ඇත. මෙම නිවාස දෙක හැරුණු විට එහි අනෙක් නිවාසයක් දක්නට ලැබුනේ  අඩි දහසක් තරම් දුරිනි.
 මෙසේ අලුත් නිවසක ඔවුන්ගේ ජීවිතයේ අලුත් පියවරක් ඇරඹුණි.

4 comments:

  1. මම නවකතා නම් වැඩිය කියවන්නේ නෑ... ඒත් කමෙන්ට්ස් කියවනවා. හොඳ උත්සාහයක් ජොරා! දිගටම කරගෙන යන්න... අන්තිමේ පොතක්වත් මුද්‍රණය කොරන්න බැරියැ.

    ReplyDelete
  2. මෙය ඔබේ සත්‍ය කතාවද, නැතිනම් "මගේ කතාව" යැයි ගෙතූ නවකතාවක්දැයි නොදනිමි! එනමුදු නවකතා නොකියවන මම මෙයට ආසා කරමි... ඒ මන්ද යත් අප සැමටම අතීතයක් (කුඩා කාලයක්) ඇත. එය කටුක වුවද මිහිරි වුවද අපි එයට ඇලුම් කරමු! ජීවිත කතාවක් කියැවීමෙන් (එය නවකතාවක් වුවද) මටද මාගේ කුඩා කාලය මතක ඇති කාලයේ පටන් මතක වෙයි.එය සතුට දුක මුසු අමුතු හැගීමකි.රුපවාහිනියේ "ආලකමන්දාව" වැනි වැඩසටහන් වලට මම ආසා කරන්නෙ එබැවින් යැයි සිතමි.

    ReplyDelete
  3. මෙය මාගේ සත්‍ය කතාවයි. කාරණා දෙකක් මත මේ කතාව රසවත් නොවිය හැක. මා කතා ලිවීමට නොදත් කම හා මෙහි රසවත් කිරීම සදහාවැඩිපුර අතින් දමා ලියු කොටස් ඇතුලත් නොවීම.
    එසේ වුවත් මාගේ කතාව කියවන සැමට හෘදයාංගම ස්තූතිය.

    ReplyDelete
  4. Aga indan mulata enawa. 10 kotasata awa peya 8k ethulatha..

    ReplyDelete