Friday, July 1, 2011

මස් ගොබංචා පරමා ලාභා

නීරෝගී කම පරම ලාභය කියලා අප මහා බෝසතානන් වහන්සේ වදාළපිනා සේක නෙව. බොලාට කියන්න මොකද ඉතින් මගේ යාලු බුවෙක් ඉන්නවා ඇග නිකන් හේඩාරයක් වගේ. නිකං ඉදපිනා විටත් මස්ගොබ නෙරාපිනාලා ඇග නිකං කෑලි වලට බෙදලා වාගෙයි. අපේ නැගිණි නම් කියෙව්වේ "අර ඔයේගේ පිඹුරු යාලුවා" කියාලයි.
 දවසක් ඕං ලොකු බෑග් එයෙකුත් අරගෙන මූ කොයෙද යනවා. මං අහපිනා තෝ ගමේ යනවැයි ඇදුම් බෑගයකුත් අරගෙන. මූ කියපිනා නෑ බාං මං මේ ජිං යනවා. "මොකේ යනවා ජිං කිව්වා ආ හරි හරි අර ඇග හදාගන්න යන තැන. අප්පටසිරි බොල දැන් ගල් කඩන රස්සාවකට යන්නවත්ද ඇග පුම්බාගන්න යන්නේ " මාත් ඕං කටකහනවට වගේ ඇහැව්වා. ඒ පාර මූ කියපිනා නෑ යකෝ කොල්ලෙක් උනාම ඇග තියෙන්ඩ ඕනෑ, බලපං උඹේ හැටි උඹ දිහෑ කෙල්ලෙක්වත් බලයියෑ, උඹත් වරෙන් යන්න කියාලා. ඒ පාර මං කියාපිනා ඇග පෙන්නලා ගෑනූ ගන්න ඕනැන්නේ නැතෙයි ඔය වැඩේට නම් ඔයාකාර වියදම් දරාගෙන ඕක නඩත්තු කරන්නේ මොටෙයි කියාලා. එතකොට මූ කියාපිනා එහෙම නොවෙයි බාං කොල්ලෙක් උනාම ෆිට් බොඩියක් තියෙන්න ඕනෑ ඒක තමයි නීරෝගිකමේ සංකේතය.
 ඇන්නැවයි ඒ කයියට මට දෙකොනින් සිනා යන්ඩ ආවා. අනේ උගේ පිට් එක. විසාල සරීරයක් තිබ්බට ඕකා උදැල්ලක් ඇල්ලුවත් අතේ කරගැට දාපිනා. ඕකා දවසක් පින්නකට අහුවෙච්චි සතියක් උණ ගැනිලා හිටිය නෙව. මං ඉතින් මොනාත් කියන්ඩ ගියේ නෑ. එහෙනං ආරෝග්‍යා පරමා ලාභා නොවෙයි මස් ගොබංචා පරමා ලාභා කියලා හදාගනින් කියාලා මං එන්න ආපිනා.

5 comments:

  1. අම්මප මටත් කීදෙනක්නම් කිව්වද උඹගෙ කැහු‍ටු සරීරෙට ගෑණු පරාණයක් වැහෙන්නෙ නැතෙයි කියල. හික් !

    ReplyDelete
  2. ගෑනු නම් මොනවද සල්ලි තියෙනම් ගෑනු 1ට 10ක් අරන් පෙන්නන්නම්. උඹ ඕවට සැලෙන්න එපා

    ReplyDelete
  3. ඇඟට නෙමෙයි බොලව් කෙල්ලෝ මනාප වෙන්නේ. සල්ලි සල්ලි අන්න එව්වයි ඕනෑ

    ReplyDelete
  4. ඒත් හැම කෙල්ලම නෙවෙයි!

    ReplyDelete
  5. ඔබ හරි පම්මා

    ReplyDelete