කොහොමහරි මට එතන රස්සාව ලැබුණා. මට මුලින්ම තිබුනේ බාස්ලට අත්වැඩ දෙන්න තමයි. ඒත් සති දෙක තුනක් යනකොට මුදලාලිගේ විශ්වාසය දිනාගන්න මට පුලුවන් උනා. අර පණ්ඩිත කෙල්ලට නම් මාත් එක්ක මාර කෝන්තරයක් තමයි තිබුනේ. මං පුදුමත් උනා මෙච්චර හොද මහත්තයෙක්ට මේ වගේ නාහෙට අහන්නැති දුවක් ඉන්න එක ගැන. මං උන්නෙ සල්ලිකාරකම නිසා කියලා. ඒත් පස්සෙ තමයි තේරුනේ වැඩේ.
කොහොම හරි මං මහත්තයගේ හිත දිනාගෙන හිටපු නිසා දුව කෑම ගේනන කම්මැලි දවසට හරි පන්ති යන දවසට හරි මාව තමයි ගෙදරින් කෑම එක ගේන්න යැව්වේ. දවසක් මං මුදලාලිගේ ගෙදරින් කෑම එක ගෙනැල්ලා වාඩියෙන් තියන්න යනකොට මුදලාලි ගණන් වගයක් හදමින් උන්නා. මං කෑම එක තියලා මේස උඩ තිබුනු හිස් වතුර බෝතලය ගත්තා පුරවන් එන්න. එතකොටම මුදලාලී මගෙන් ඇහුවා
“අයිසෙ තමුසෙ ඇඩ්වාන්ස් ලෙවල් පාස් උනා කියලා කිව්ව නේද?.“
“ඔව් සර්. මට වාසිටියට යන්න තරම් ලකුණු ගන්න බැරිඋනා“ මං කිව්වා.
“තමුසෙ මොන අන්සෙන්ද උසස් පෙළ කලේ. මැතමැටික්ස් ද?“
“අනේ නෑ සර්. වාණිජ අංශයෙන් කලේ“
“ඉතින් හොදයිනෙ මනුස්සයෝ. තමුසෙට අකව්න්ටින් එහෙම පුලුවන්ද?“
“අපෝ පුලුවන් සර්.මට ඒකට සම්මාන සාමාර්ථයක් තියෙනවා. ඇයි සර් කාටහරි පන්තියක් කරන්නද?“
“නෑ අයිසෙ. තමුසෙට පුලුවන්ද මට මේ අකව්ට්ස් වැඩවලට හෙල්ප් එකක් දෙන්න. මං රුපියලකින් තමුසෙගෙ පඩිය වැඩි කරල දෙන්නම්“
“හරි සර් මට පරන එකව්ට්ස් වල විස්තර දෙන්නකො. මං බලලා සර්ට කියන්නම්“
කොහොමහරි සති තුනක් යද්දි මට උසස් වීමකුත් ලැබුනා. මං අම්මා ගැන කිව්වම මිනිහා මට බැංකු ගිණුමකුත් ඇරලා දුන්නා රු 100 ක් දාලා හදිස්සියක් උනොත් ගන්න කියලා. ඒ විදියට මං මාස තුනක් විතර වැඩ කලා. මං එකව්න්ට් ඔක්කොම පිළිවෙලට ගානට තියාගෙන ආවා.මිනිහටත් පුදුමයි එච්චර පැහැදිලිව ගනණ් මිනුම් තියනවා දැකලා. ඉතින් දවසක් මුදලාලි මහත්තයා මට කතා කරලා කිව්වා “තමුසෙ කිව්ව නේද තමුසෙට අකව්ට්ස් උගන්නන්න පුලුවන් කියලා. මට තමුසෙව විස්වාසයි. උඹ හොද එකා.. හවසට තමුසෙ එනවා අපේ ගෙදර, අපේ දුවගෙ විභාගෙටත් තව මාස 3 4කට වඩා නෑනේ“
“මේ මොන හෙනයක්ද මේ කඩා පාත්වෙන්නේ අර යක්ස ගැනීට උගන්නන? “කියලා මට හිතුනා. ඒත් මොනවා කරන්නද රස්සාව බේරගන්න ලොක්කා කියන දෙයක් කරන්නත් එපැයි. මං කිව්වා හරි සර් මං ඇවිල්ලා කියල දෙන්නම්“
මං ඉතින් කිව්ව විදියට හවස සර්ලගෙ ගෙදර ගියා. එතන මට දැන් නුහුරු තැනකුත් නෙවෙයි. එත් එදානම් මං ගියේ බයෙන්. මොන මගුලක් වෙයිද දන්නෑනේ. මං ගියේ සර් එක්කම සර්ගෙ කාර් එකෙන්මයි.
“අරවින්ද ඔහොම වාඩිවෙලා ඉන්නවකො. මං දුවට කියල එන්නම්. එයාට මං කිව්වෙ නෑ ඔහේවයි එක්කන් එන්නෙ කියලා. ඔහොම ඉන්නවකෝ“ එහෙම කියලා සර් උඩ තට්ටුවට ගියා. ටික වෙලාවකින් පඩිපෙල දිගේ අරකි පහලට ආවා. හිරට හිරේ කලිසමකුත් ගහගෙන හරියටම ඉන ගාවට දිග ෂර්ට් එකකුත් දාගෙන. දැක්ක ගමන්නම් මගේ හිතත් මොකක්ද උනා. ඒකි දැක්කවෙලේ ඉදන් පපුව දඩස් දඩස් ගාලා ගැහෙන්න ගත්තා. මං ඕන තරම් මීට කලින් දැකල කතා කරල තිබුනත් උගන්නන්න යන්නෙ පලවෙනි වතාවටනේ. ඉස්කොලේ යන කාලේ මතකනේ මං ඕන තරම් කෙල්ලොන්ට පන්ති දාලා තියෙනවනේ හිහ් හිහ් නැද්ද මචං.
මේ ගැනී මාව දැක්කගමන් මොකක්ද දන්නවද කිව්වේ. “ අපෝ ! මේ මොඩයද මට උගන්නන්න එක්ක ආවේ“
මට පොලව පලන් යන්න තරම් හිතුනා. පස්සෙ ලොකු සර් ඒකිට බැන්නා “ඔහොමද ළමයො කතා කරන්නේ. මේ ළමයට හොදට අකව්න්ට්ස් පුලුවන්. ඒ ළමයා කියන විදියට ඉදලා දන්නැති දේවල් අහගන්නවා. මේ පාරනම් මාත් එක්ක සෙල්ලම් කරන්න ලැස්ති වෙන්න එපා අනූෂා “ .
Next chapter - http://asanka-mind.blogspot.com/2013/05/7.html
මගේ කතාව
- කට කහනවට... (37)
- නව කතාව (32)
- පබැඳුම (74)
- මගේ කතාව (56)
- යථාර්තය සොයා.............. (59)
- සතියේ වදන (200)
Saturday, April 27, 2013
Wednesday, April 24, 2013
ආදර විභාගා
අප හමුවුන හැටි මතකද සොදුරිය
මට වාගෙම නුඹටත් අමතක ඇති
එනමුත් මතකයි අද වාගෙම මම
සිටියා දවසක් නුඹ හමුවී...//
දෑතට බරදී උඩ බිම බලමින්
අහස පොළව ගෙන ගැටලන විලසින්
සිටියා එදවස වාගෙම මෙලසින්
නුඹෙ පැනයට මා පිළිතුරු සොයමින්
අප හමුවුන හැටි.../
එදවස ඔබ මා හමුවී තෙවරක්
නොම මගහැර හැම පාසා වසරක්
අද ඇයි වසරට හමුවී දෙවරක්
රිදවන්නේ අසමින් පැන දහසක්
අප හමුවුන හැටි.../
Sunday, April 21, 2013
53 සතිය
අප අමනාප විය යුත්තේ පුද්ගලයා සමඟ නොව වැරැද්ද සමඟයි. පුද්ගලයා තුල වැරැද්දට ඉඩ නොතැබිය යුතුය.
Tuesday, April 16, 2013
11 ලිපිය - සතුට 6
පසුගිය ලිපිය මගින් අප තේරුම් ගත්තා අතීතය අත් ඇරීමෙන් අපේ සිතේ ඇතිවන දුක 50%කින් පමණ අවම කරගත හැකි බව. අද අපි අනාගතය තේරුම් ගැනීමට උත්සහ කරමු. අනාගත යනු නොපැමිණි යන්නයි. එනම් තවම සිදුනොවුනු නැතිනම් සිදුවිය හැකි හෝ සිදුවිය නොහැකි දෙයකි. අප බොහොවිට අසා ඇති දෙයක් තමයි අනාගතය සැලසුම් කිරීම. ඇත්තටම අපිට අනාගතය සැලසුම් කල හැකිද?
පුළුවන්.
කොහොමද අනාගතය සැලසුම් කරන්නේ?
දැන් මං සැලසුම් කල විදියටම කටයුතු කරගෙන ගියා. නමුත් විභාගය දවසේ මං ගමන්ගත් වාහනය අනතුරකට පත් වුනා. මගේ බලාපොරොත්තු සියල්ල අවසානයි.
දැන් මං මේ කතාව කිව්වේ අනාගතයේ අවිනිශ්චිතතාවය පෙන්වන්නයි. දැන් අපට පැහැදිලි වෙනවා අනාගතය සැලසුම් කලත් ඒ විදියටම ඒ දේවල් සිද්ධ නොවන වග. මෙයින් මං කියන්නෙ නෑ අනාගතය සැලසුම් කිරීම වැඩක් නෑ කියල. අප තේරුම් ගන්න ඕන අනාගතය කියන දෙය අප සිතන පතන විදියටම නොවන නිසා අනාගතයට ඇලෙන්න හොද නැති බව. මං ඒ 3ක් ගන්නවාමයි කියලා ඒ වෙනුවෙන් තදින් බැදුනානම් මොකද වෙන්නෙ? මට විශාල දුකක් වේදනාවක් ඇතිවෙනවා. ඒ නිසා තමාට නොලැබුනු නොසිදුවුනු දෙයක් ගැන ආසාවල් තබා ගැනීම අත්හැරීම, අනාගතය අත් හැරීම වෙනවා.
මෙහිම අනෙක් පැත්ත තමා බයවීම. එයද සිදුවන්නේ අනාගතයෙන් යමක් බලාපොරොත්තු වීම නිසයි. බය ඇතිවන්නේ එය එසේ සිදු නොවේයැයි සිතෙන නිසාය. මට ඒ තුනක් ගන්න බැරිවෙයි. මෙහෙම උනොත් මං ඉවරයි. ඒක එහෙම වුනොත් ඉදල මොකටද වශයෙන් අනාගතයට ඇලුනු නිසාමයි බිය ඇතිවන්නේ. අප තේරුම් ගන්න ඕන ඒ දෙය සිදුවීමට වගේම සිදු නොවීමට ද හැකියාව ඇති බව. අපිට යම් ප්‍රමාණයකට මෙය උනොත් මෙය කරනවායැයි විකල්ප තබාගත හැක. නමුත් සිදුවිය හැකි සියල්ල අපට උපකල්පනය කල නොහැක. ඒ නිසා අපිට අතීතය වාගේම අනාගතයද වෙනස් කල නොහැක. මන්ද එය තවමත් සිදු නොවූ මන:කල්පිතයක් පමණක් බැවිනි.
බුදුරජානණ් වහන්සේ විසින් අනාගතයේ ස්ථිර වශයෙන් සිදුවන දේ දේශනා කර ඇත. ලෙඩ වීම, වයසට යාම, මරණය, ලෝක විනාශය, කල්ප විනාශය වගේ. මීට අමතරව පොදුවේ අප දන්නා ඉර පායන බව, දවස් ගෙවෙන බව වගේ දේවල්ද තියෙනවා. ඒ නිසා අනාගතය සැලසුම් කිරීම වැදගත්. නමුත් එහි ඇලීම අනවශ්‍ය දෙයක්.
ඒ නිසා අනාගතයට බියවීමත්, ඇලුම් කිරීමත් දුකට හේතු වන බව දැන අනාගතය අත්හැර දැමිය යුතුය. අද කල යුතු වැඩ අද කරන්න. හෙට කුමක් වුවත් කමක් නැත. මන්ද අද නැති සතුට හෙට කෙසේවත් නොලැබේ. ඔබ අනාගතයට බයවී සිටීනම්, සිතන්න මා බයවී සිටින දෙයටම මීට කලින් දහසක් දෙනා මුහුන දී ඇත. ඉන් පසුවත් ඔවුන් සතුටින් සිටී බවද මතක තබා ගන්න. සමහර විට ඔබට මතක ඇති ඔබ සෑම විභාගයකට කලින්ම බය වී සිටිය බව. ඉන් සමහරක් ඔබ සමත් සමහරක් ඔබ අසමත්. නමුත් ඔබ තවමත් සතුටින් සිටිනවා.
අනාගතයේ මැරුණු අය නැත. අනාගතයේ ලෙඩ වුවෝද නැත. අනාගතයේ කිසිවක් සිදු වී නැත. අනාගතය අතහැර මේ මොහොතේ කලහැකි සහ කලයුතු දේ කරන්නේ නම් අනාගතයේ පසුතැවීමට සිදු නොවනු ඇත.
පුළුවන්.
කොහොමද අනාගතය සැලසුම් කරන්නේ?
- ඉලක්කයක් තබා ගැනීම
- මාර්ගය තීරණය කිරීම
- මාර්ගයේ ගමන් කිරීමේදී සිදුවිය හැකි හා සිදුකලයුතු දෑ තීරණය කිරීම
- ඒ සදහා අවශ්‍ය දෑ සූදානම් කිරීම

Saturday, April 13, 2013
52 සතිය
ඔබ ස්ථීරව නොදන්නා කිසිවක් විශ්වාස නොකරන්න. බෞද්ධයා ඇදහීම් වලින් තොරවිය යුතුය.
Friday, April 12, 2013
පෑදුනු මිණිමුතු වීය ගිනිසිළු 5
එදා දවසම රස්සාවක් හොය හොයා ඇවිද්දත් මට කිසිම රස්සාවක් හොයාගන්න බැරිඋනා. උඹට කියන්න අපේ අධ්‍යාපන සුදුසුකම් වලට සලකන රටක් නෙවේ මේක. අන්තිමට කකුල් ගෙවෙනකම් ඇවිදලා කළුවර වැටෙනකොට කොම්පඤ්ඤ වීදියේ බස් නැවතුම්පලක ලැල්ලක ඉදගත්තා. හතරවටින් කළුකරන විට කඩවිදීයේ පහන්කණුවල එළිය වැඩියෙන් පේන්න ගත්තා. මං එහෙන්ම ලෑල්ලෙ දිගා වුනා. එතැනට පැමිණි ගෑණුද පිරිමිද මා දිහා හොරෙන් බලමින් සිටියේ වෙරිමතේ පාරවල් අයින් වල වැටිලා ඉන්න මිනිහෙක් දිහා බලන ගානටයි. “කොළඹ ඇවිල්ලා මං කරගත්තු මෝඩ කමක මහත“ යැයි මට සිතුණා.
ඒත් නැවත ගෙදර ගිහින්ද පලක් නැත. ගෙදර යාමට තරම් මුදලක් ද දැන් මා ළග ඉතිරිව නැත. ලොකු රස්සාවක් ගැන තිබූ මගේ හීනයද කෙමෙන් කෙමෙන් බොදවී යන්නනට විය. දැන් ඉතිරිව ඇත්තේ ජීවත් වීමට කීයක් හරි සොයා ගැනීමයි. හොද රස්සාවක් හොයා ගන්න අදුරන කිසිවකු හෝ සිටිය යුතුය. මට එවිට අම්මා සිහිවිය. අම්මා මා නැති සෝකයෙන් වැළපෙමින් සිටිනු ඇත. ඈ මා කිසිදාක බඩගින්නේ නොතුබුවාය. තාත්තා ද නැතිව ඈ මා වෙනුවෙන් කොතරම් ගැහැට විද ඇත්ද?.
ඈත අහසෙන් තරුවක් කඩා වැටෙන දිහා මා බලාගෙන හිටියා. මෙහේ ගමේ වගේ රෑ වෙනකොට මං මාවත් පාළුවට නොයයි. සමහර කඩවල් වැසෙද්දී අලුත් කඩවල් විවෘත වෙයි. අප එතැනම සිටියදී පරිසරය වෙනස් වෙයි. දහවල් දූවිල්ලෙන් ද කසඩ මිනිස්සුන්ගෙන් ද පිරී තුබු නගරය. නෝනාලගෙන් ද මහත්වරුන්ගෙන් ද මෝටර් රථ වලින්ද පිරෙයි. හෙට කුමක් කල යුතුදැයි නැවතත් මගේ හිත ප්‍රශ්න කරයි. මා එදා රාත්‍රියේ නින්දට ගියේ ලැබෙන ඕනෑම වැඩක් කර කීයක් හෝ හම්බුකරගැනීමේ අටියෙනි.
ඊ ලඟ දවස මා අවදිවන විට හොදටම හිරු ඒළිය වැටී තිබුණා. මිනිස්සුන්ගෙන් නගරය පිරී ගිහින්. ඇදුමේ තිබුනු දූවිළි ගසා දමා බෑගයත් කරේ ඒල්ලාගෙන නැවතත් පාරදිගේ ගමන් කෙලමි. පාර අයිනේ තුබූ ජලනලයකින් මූණ සෝදාගෙන පාර දිගේ ඇබැර්තුවක් සොයමින් ඇවිද්දෙමි. අවසානෙය් "මේසන්වරු හා අත් උදව්කරුවන් අවශ්‍යයි“ කියා පූවරුවක් ගසා තිබෙනු දැක මා ඒ පැත්තට ගිහින් බැලුවා. එය විශාල ගොඩනැගිල්ලක් වූ අතර තෙවන තට්ටුවේ කොන්ක්‍රීට් කණු බාගෙට දමා තිබුනා. ඒ අසලම ලෑලී කාමර කීපයක් තිබූ අතර කොන්ත්‍රාත් කරුවන්ට ලැගුම්ගැනීමට ඒවා තනා තිබුනා. මං යන විටත් ඔවුන් වැඩ අරඹමිනුයි හිටියේ. මං එතැන වැඩ කරමින් සිටී කොල්ලෙකුගෙන් “මල්ලී ලොකු මහත්තයා කොහෙද?“ කියලා ඇහුවම ඒ යකා මා දිහා අමුතු බැල්මක් හෙලා කට කොනින් සිනා සී රස්සාවක් දැයි ඇසීය. මේක මහ පුදුමයක් මං දැක්ක ගමන්, රස්සාවක් හොයන බව මේ මිනිස්සු දන්නෙ කොහොමද?. මමත් සිනා සී “ඔව් ලොකු මහත්තයා ඉන්නවදැ“ යි නැවත ඇසිමි. ලෑලි ගෙවල් දිහාට ඇඟිල්ල දිගුකල ඔහු “ඇතුලෙ. කනවා“ යැයි කියමින් වැලි ගොඩට සවල් පාරක් ගැසීය.
මම ද ඒ දෙසට ගමන් කර ලෑලි කාමරපේලියේ ඉදිරියෙන්ම කුබු කාමරයේ දොර වෙතට ගියා. එකවරම දොරෙන් එලියට ආවේ තරුණ ගෑනූ ළමයෙක්. ඇගේ අතේ පාර්සලයක් තිබූ අතර ඈ එළියට ආ වේගයට එය මගේ කකුලේ වැදුනා. ඈ මා දිහා බලා ඔලොක්කුවට මෙන් සිනාසී යන්නට ගියාය. “මහ පිස්සු කෙල්ලෙක්. මාව තුට්ටුවකට මායිම් කලේ නෑ“ යි මට සිතුනා. මා කාටවත් නොපෙනෙන ලෙස දණහිස හෙමින් අත ගා ගනිමින් දොරට තට්ටුක් දැම්මා. ඇතුලේ සිටි පුද්ගලයා“කවුද? ඇතුලට එන්න“ යැයි කිව්වා. මං ඇතුල් වූ විට දැකගතහැකි වූයේ වයස 50ක් පමණ වූ මහත්මයෙකි. සුදු කමිසයක් ඇද සිටී ඔහු මා දෙස ගල් ගැසී බලා හිටියා. ඔහුට තිබුනේද කලින් එළියට ගිය කෙල්ලගේ නහහයමය. එය දිගටි නහයක් වූ අතර අග වක් වූ ස්භාවක් තිබුණා. කොණ්ඩය තැනින් තැන සුදූ වී තිබුනත් වර්ණ ගන්වා තිබුනා.
“සර් මං ආවේ......... අර ලැල්ලෙ ගහලා තිබුනේ....... අත්උදව්“ මා වාක්‍ය ඉවර කිරීමට පෙර ඔහු රස්සාවක් නේද? යැයි ඇසීය. මීට කලින් වැඩ කරල එහෙම තියෙනවද?. නම මොකද්ද කිවිවේ?
“මං අරවින්ද සර් අරවින්ද නානායක්කාර. මං මේසන් බාස්ලට අත් උදව් දීල තියෙනවා ඉස්කොලෙ යන කාලේ ඉදලම.“ මං කිව්වා.
“තමුසේ කොහෙද ඉන්නේ?“
“මං අම්බලන්ගොඩ කිරිනුගේ ඉන්නෙ. මායි අම්මයි විතරයි ඉන්නෙ, මං කොහොම හරි රස්සාවක් හොයා ගන්න ඕන සර්, අම්මට සලකන්න කවුරුත් නෑ සර්“ මං මගේ දුක්ගැනවිල්ල කිව්වා. මිනිහා ටිකක් වෙලා මා දිහා බලා ඉදලා “සතියට රුපියල් පහයි, කැමතිද?“ කියලා ඇහුවා.
“මං කැමතී !“
Next chapter - http://asanka-mind.blogspot.com/2013/04/6.html

Saturday, April 6, 2013
ආගම රට ජාතිය බේරා ගැනීම !
හුඟ කාලයකට පස්සෙ මෙ පැත්තෙ ඒන්ට හිතුනෙ අහවල් එකක් නොවෙයි කට කහනවට. මෙච්චර දවසක් කිසි ගැටළුවක් නැතුව ඉදපිනා. මේ මාධ්‍යයෙන් කනින් කොනින් ඇහෙන පෙනෙන එව්වා දැක්කාම කට කොයි කොයි ගානව නෙව.
මෙන්න මේකයි කාරණාව. කාරණාව කියාපියන්ට ඉස්සරින් වෙන කාරණා ඇබින්දක් තියෙනවා කියාපියන්න. අපි ඉතින් බෞද්ධයන් හැටියට බුදු දහම අදහන එව්වො නොවෙයිනෙව. බුදුන් වදාළ අයුරින් කාරණා කාරණා තේරුම් අරගෙන ඒ පෙන්නාලා දුන්නු මගෙ යන්න ඕන එව්වොනේ. ඉතින් බාල්ලා ආවේගය, තරහව කියාපියන්නෙ උන්නාන්සේ අනුමත කොල එව්වද? උන්නාන්සෙ රැක ගන්නැයි කියැව්වේ අහවල් එකද? හිත නෙව. උන්නාන්සේ ආගම රැකගන්න කියාලා මොකෑ කොලේ. එහෙම එකක් කොලේ නෑ නෙව. ඇත්ත ඇතිසැටියෙන් පෙන්නා දීල වැරදි පාරේ ගිය එව්වො, මං මුලා වෙච්ච ඈයෝ හරි මගට ගත්ත මිසක්කා. එහෙනං ඕං කෙලවරක ඉදන් ඔක්කොම එව්වෝ මහණ කොරගෙන කොරගෙන යන්ට තිබ්බ නෙව. සාසනේ රැක ගන්ට, පිරිස වැඩි කරගන්ට.
උන්නාන්සෙ වදාලේ මක්කද? මොඩයානම් තමාට දරුවො ඇත, ධනය ඇත කියාලා වෙහෙසෙනවාය තමාට තමනුත් නැති කලේ මොන අහවල් එකක් රැක ගන්ඩද කියාලනෙව. දැන් මේ ලගදි මට කියවන්ඩ ලැබුනනෙව හොද පොතක්. එකෙ තිවුනා ඕකට යස කතාවක්. අම්මපා එකෙ තියෙච්ච විදියෙන්ම ඒකත් දමාලම ඉන්නම්කො එහෙනං

සමුදය සත්‍ය වසන
මෝහය අප්‍රහීණ බැවින් ඔහුට ඒ ඇල්ම දුක් ඇතිවිමේ හේතුව බව නොපෙනෙන්නේ ය.
ඔහුට පෙනෙන්නේ ඒ ඇල්ම සැපයට හේතුවක් ලෙසය. ඒ ඇල්ම උතුම් කොට ගන්නා වූ
තැනැත්තේ සමහරවිට එයින්, "මම දරුවන්ට ආලය ඇත්තා වූ නෑයන්ට - මිතුරන්ට -
රටට- ජාතියට ආලය ඇත්තා වූ කෙනෙක් වෙමිය " යි තමා ගැන ආඩම්බර ද වෙයි.
ආලයක් නැතියවුන් පහත් කොට ද සිතයි.
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමිපාදයන් වහන්සේ (පටිච්ච සමුප්පාද විවරණය- 14 වන මුද්‍රණය)
ඉතින් මං මෙ කියාපියන්ට ගියේ මේකයි බොල. මේ ලොකයේ හැමදේම නැතිවෙනවානෙව. ඒක සක්කරයටවත් නවත්තන්ට ඇහැකියෑ. ඉතින්බොලන් ධර්මයත් කවදා හෝ වැලලි යනවනෙව. අපි බලන්ට ඕනෑ ඊට කලියෙන් ඇහැකි ඇහැකි එව්වොන්ට ඇත්ත කියාපිනාලා නිවැරදි මග පෙන්නා දෙන එක නෙව. සීලය රකින්ට ඕන, නිවැරදි මඟ කියා දෙන්ට ඕන එව්වොම පෙළපාලි යන්ටයි, පිකැටින් කොරන්ට යන්ටයි, පිසුනා වාචා, පරුසා වාචා කොරන්ට ගියාමයි, බේරගන්ට පුලුවන් ඈයොත් අනික්පැත්ත ගැහෙනව නෙව.
අනුන්ගෙ වැරදි හදන්ට කලියෙන් තමන් කරන්නෙ කියන්නෙ මක්කද, බුදුන්නාන්සේ අනුමත කොරාපුවාද නැද්ද කීයාපිනාලා හිතා බලාපිනානම් තමා ඕං හොද.
ප.ලි- බුදු හාමුදුරුවෝ මගේ සාසනය අහවල් කාලයක් පවතීවා කියාලා ප්‍රාර්ථනා කොලානම් ඒක එහෙම්මම තමා. ආයෙ ඕක රැක ගන්නට නටන්න ඕනැන්නෙ නෑ. අපි බලන්න ඕනෑ කොහොමින් හරි ඒ කාලය ඇතුලත තමනුත් ගොඩ ගිහින් හැකි හෑම කෙනෙක්ටත් ගොඩයන්න උපකාර කොරන එක නෙව.

Tuesday, April 2, 2013
51 සතිය
ඔබේ අත්‍යාවශ්‍යතාවන් හා උවමනාවන් අතර පරතරය අවිවේකී බවට අනුලෝමව සමානුපාත වේ.
Subscribe to:
Posts (Atom)